චිචී ගේ රොකට් එක ගැන කථා කරන ජෙප්පන් ගේ සළු පිළි අහසට 😂

2osama

Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    චිචීගේ රොකට්ටුවට ලංකාව සතයක්වත් ආයෝජනය කර නෑ.. ඉන් බිලියන ගණන් ආදායම ලැබෙනවා..- අගමැතිනි පාර්ලිමේන්තුවේදී
    harini%20amarasuriya.jpg

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී, සුප්‍රීම් සැට් (SupremeSAT) සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ පැවති කතාබහට සහ චෝදනාවලට පිළිතුරු දෙමින්, අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය වැදගත් කරුණු කිහිපයක් හෙළි කළාය.

    සමාගම විසින් ඉදිරිපත් කර ඇති ආයෝජන අයදුම්පතෙහි තොරතුරු අනුව මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය විසින් මුදල් ආයෝජනය කර නොමැත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නීතියේ දාහත්වන වගන්තිය යටතේ දේශීය වෙළඳපොල කේන්ද්‍ර කරගත් ව්‍යාපෘතියක් ලෙසයි ඒක ආයෝජනය කරලා තියෙන්නේ. රුපියල් මිලියන එක්දාස් අටසිය විසි අටක ආයෝජනයක් සහිතව මහනුවර කාර්මික උද්‍යානයේ චන්ද්‍රිකා පද්ධතියක් පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා 2012-05-23 දින සුප්‍රීම් එස් එච් එස් ටී පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමකට එළඹ ඇති අතර, මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාහකයන් සඳහා විදුලි සංදේශ සහ විකාශන පහසුකම් සැපයීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය 2015-08-27 දින සිට වාණිජ මෙහෙයුම ආරම්භ කර ඇත. පවතින වාර්තාවලට අනුව, වර්ෂ 2019 වන විට සමාගමේ කොටස් ව්‍යුහය පහත පරිදි වේ.

    සුප්‍රීම් ඇසෙල් ඉන්වෙස්ට්මන්ට්ස් පෞද්ගලික සමාගම, කොටස් හතළිස් හත්මිලියන එක්ලක්ෂ අසූදහස් දෙසීයක්. සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගම, කොටස් එකසිය අසූ අට මිලියන තුන්ලක්ෂ හතළිස් හතර දහස් නවසිය හැත්තෑව. අර පළවෙනි එකට සීයට විස්සයි. සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමට සියයට අසූවයි. ආයෝජන මණ්ඩලය සතු වාර්තා අනුව ශ්‍රී ලංකාවට මුල්‍ය ප්‍රතිලාභ ලෙස සුප්‍රීම් සැට් සමාගම විසින් පහත සඳහන් ආදායම් ලබා ඇත

    වර්ෂ 2015, 2016 ආදායම රුපියල් මිලියන දහනමදාස් හයසිය දාහතයි. 2016, 2017 ආදායම රුපියල් මිලියන විසිඅටදාස් එකසිය තිස් තුනයි. 2017, 2018 විසිනමදාස් එකසිය හයයි. 2018, 2019 තිස්හතරදාස් එකසිය හැට නමයයි. 2019, 2020 හතළිස් දෙදාස් නමසිය හැටයි. 2020, 2021 හැට දෙදාස් පන්සිය හතළිස් පහයි. 2021, 2022 අසූ හත්දහස් හත්සිය අසූ නමයයි. 2023 පලවෙනි මාස හය තුල තිස් නමදාස් පන්සීය අනුවයි. දීලා තියන වාර්තා අනුව කතානායකතුමනි මං මේ පිළිතුර සකස් කරලා තියෙන්නේ. ලැබිලා තියෙන දත්ත සහ තොරතුරු අනුව පමණයි.”

    අග්‍රාමාත්‍යවරියගේ ප‍්‍රකාශයෙන් පසු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩී.වී. චානක මහතා පැවසුවේ අවධාරණය කළේ, “චී චී රොකට්” ලෙස සමාජයේ ජනප්‍රිය වූ මෙම ව්‍යාපෘතිය, “ඩොලර් මිලියන 300ක් ආයෝජනය කර අතුරුදහන් වූ” ව්‍යාපෘතියක් ලෙස පැවති චෝදනා අසත්‍ය බවයි

    ඔහු ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව කිසිදු රුපියලක් ආයෝජනය කර නොමැති අතර, වාර්ෂිකව විශාල ආදායමක් ලැබී ඇති බවයි.

    පාර්ලිමේන්තුවේදී පවා ඇතැම් මන්ත්‍රීවරුන් මෙම ආයෝජනය “අතුරුදහන් වී ඇති” බවට ප්‍රකාශ කර තිබූ බවත්, එය රටට ලැබුණු විශාල ආයෝජනයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

    අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළේ, ආයෝජනයක ප්‍රමාණය (ලොකුද, පොඩිද) පමණක් වැදගත් නොවන බවත්, රටේ සංවර්ධන ඉලක්ක සමඟ එය ගැලපේද යන්න සලකා බලා ආයෝජනයක් හොඳද නරකද යන්න තීරණය කරන බවත්ය.

    අග්‍රාමාත්‍යවරිය අවසාන වශයෙන් ප්‍රකාශ කළේ, ලැබී ඇති දත්ත සහ වාර්තා මත පදනම්ව තමා මෙම පිළිතුර සැපයූ බවත්, ආයෝජනයේ ප්‍රමාණය හෝ එය හොඳද නරකද යන්න සමාජය තීරණය කරනු ඇති බවත්ය.

    @shenat මෙන්න හරිනි රොකට් එක හොයාගෙන දුවල වරෙන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    ජෙප්පො චිචීට කොච්චර හිනා උනත්, මම නම් ඇත්තටම විශ්වාස කරා චිචී රොකට් සයන්ස් දන්න බව.
    මොකද චිචී ඒලෙවල් මැට්ස් කරලා වර්ල්ඩ් රෑන්ක් දාපු කෙනෙක්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    ජෙප්පො චිචීට කොච්චර හිනා උනත්, මම නම් ඇත්තටම විශ්වාස කරා චිචී රොකට් සයන්ස් දන්න බව.
    මොකද චිචී ඒලෙවල් මැට්ස් කරලා වර්ල්ඩ් රෑන්ක් දාපු කෙනෙක්.
    ඉට්ස් බිග් කුච්ඡන් මචං
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,668
    113
    Piliyandala
    මේක මුං කියනකන් ම ඉන්න උන එකයි මම කල්පනා කරේ...


    උන්ගේ අන්ඩූ තියෙද්දී උන්ට බැරි උනා ද ඔය වාර්තාව එලියට දාන්න...

    හරිනී එහෙන් කෙලලා අරිද්දී

    හඳුන්, හෑවගේ, වගේ පොරවල් එලියේ ඉඳලා හානව නේ...

    පට් රෝල් නේ බන්
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,114
    3,583
    113
    Pls wear a MASK
    මේක මුං කියනකන් ම ඉන්න උන එකයි මම කල්පනා කරේ...


    උන්ගේ අන්ඩූ තියෙද්දී උන්ට බැරි උනා ද ඔය වාර්තාව එලියට දාන්න...

    හරිනී එහෙන් කෙලලා අරිද්දී

    හඳුන්, හෑවගේ, වගේ පොරවල් එලියේ ඉඳලා හානව නේ...

    පට් රෝල් නේ බන්
    ehema nokare jepponta haanna deelaa uko ganna thamaa..:lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    මේක මුං කියනකන් ම ඉන්න උන එකයි මම කල්පනා කරේ...


    උන්ගේ අන්ඩූ තියෙද්දී උන්ට බැරි උනා ද ඔය වාර්තාව එලියට දාන්න...

    හරිනී එහෙන් කෙලලා අරිද්දී

    හඳුන්, හෑවගේ, වගේ පොරවල් එලියේ ඉඳලා හානව නේ...

    පට් රෝල් නේ බන්
    උගන්ඩාවට රටේ සල්ලි ගෙනියල නෑ කියලත් මුන් නේ පැහැදිලි කරේ . :ROFLMAO: 🤌
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,202
    54,981
    113
    Colombo
    මයින්ද මාත්තයට පුද්ගලිකව රොකට් එකක් යවන්න තරම් සල්ලි තිබ්බද බන් ? :shocked:

    Srilanka-1st-Satellite-Supreme-Sat-I-Schedule-to-launch-on-27th-November-2012.jpg
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,688
    3,066
    113
    ඔය ජාතියෙ ඉන්වෙස්ට්මන්ට්ස් අර්ජුන් මහේන්ද්‍රනුත් සිංගප්පූරුවෙ කරල ඇති පොන්නයෝ 😂
    අපුලන්නට එච්චරද කියන්න තියෙන්නේ, ඒ දවස් වල කීව දේවල් එක්ක රෙදි නැනේද පකෝ? දැන් ඔහොම වත් කියල හිත හදා ගනින්, තොපි නන් මකලවත් හදන්න පුලුවන් උන් නෙවෙයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,780
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    අපුලන්නට එච්චරද කියන්න තියෙන්නේ, ඒ දවස් වල කීව දේවල් එක්ක රෙදි නැනේද පකෝ? දැන් ඔහොම වත් කියල හිත හදා ගනින්, තොපි නන් මකලවත් හදන්න පුලුවන් උන් නෙවෙයි

    රෙදි නැත්තං රෙදි ඇදගනින් පකෝ 😹😹