ඈපල් කේක් හදමුද

sriwikkrama

Active member
  • Apr 20, 2011
    358
    26
    28
    ඈපල් කේක් හදමුද

    අවශ්‍ය ද්‍රව්‍ය :

    සාමාන්‍ය ප්‍රමාණයේ ඇපල් ගෙඩි දෙකක්
    බටර්/මාගරින් ග්‍රෑම් 200 ක්
    දුඹුරු සීනි ග්‍රෑම් 150 ක්
    සුදු සීනි ග්‍රෑම් 250 ක්
    පිටි ග්‍රෑම් 250 ක්
    බිත්තර 2 ක්
    දොඩම් ගෙඩියක්
    කිරි අවශ්‍ය පමණට
    ලුණු ස්වල්පයක්
    බේකින් සෝඩා
    කුරුඳු කුඩු (කැමතිනම් පමණක්)
    වැනිලා

    මේ ද්‍රව්‍ය ටික කිව්වේ අඟල් 8 x 8 කේක් පෑන් එකකට ඇති වෙන විදියට.

    මෙන්න මෙහෙමයි හදන්නේ -

    මුලින්ම අවන් එක ෆැරන්හයිට් 325 ට රත් වෙන්න දාන්න ඕනේ. සෙල්සියස් නම් 160 වගේ. ඇපල් පොතු ඇරලා (පීලරයක් ගත්තොත් ලේසියි) කැමති විදියට කෑලි කපා ගන්න. මමනම් කැපුවේ මේ විදියට. ඇපල් කෑලි වලට දෙහි යුෂ ටිකක් එකතු කරන්නත් අමතක කරන්න එපා. නැත්නම් කහට පිපෙනවා.
    කේක් පෑන් එක පතුලට තෙල් කොලයක් දාලා වටේටත් තෙල්/බටර් ආලේප කරන්න.

    සාස්‌පානක් ලිපේ තියලා අර බටර්වලින් 1/3 ක් ඒකට දාලා රත් කරන්න. බටර් ටික දිය උනාම දුඹුරු සීනි ටික දාලා කවලම් කරන්න. ඒකත් දිය උනාම පෑන් එකට ඒ ටික වක්කරලා හදන්න.

    ඊට පස්සේ ඒක උඩින කපපු ඇපල් කෑලි ටික අතුරලා සකසා ගන්න.



    දැන් පිටි ටිකට ලුණු, කුරුඳු කුඩු, බේකින් සෝදා දාලා මිශ්‍ර කරලා ඒක පැත්තකින් තියන්න. ඉන් පස්සේ අර ඉතිරි බටර් ටිකට සුදු සීනි ටික එකතු කරලා හොඳට බීට් කරගන්න. ටික වෙලාවකින් බිත්තර දෙක සහ වැනිලා එකතු කරලා ආපහු බීට් කරන්න. දැන් මේ මිශ්‍රණයට අර දොඩමේ ලෙල්ල ග්‍රේටරයකින් ගාගෙන දොඩම් ලෙලි තේ හැන්දක් විතර එකතු කරන්න. මේකට හරි යන්නේ අර තැඹිලි පාට දොඩම් ගෙඩියක්. අනිත් ඒවායේ ලෙල්ල ගොඩක් පැඟිරි රසයි මම හිතන්නේ. දැන් නට්මෙග් ගෙඩියක් අරගෙන එකෙනුත් ඉතාමත් ස්වල්පයක් ග්‍රේටරෙන් ගාලා මිශ්‍රණයට එකතු කරන්න. දැන් පිටි මිශ්‍රනයෙනුත් කිරි වලිනුත් ටික ටික එකතු කරමින් තව දුරත් බීට් කරන්න.


    හරි දැන් තියෙන්නේ ඒක අර ඇපල් කෑලි ටික උඩට දාලා පැතලි කරගන්න එක. එච්චර තමයි ඉතින්. ඊට පස්සේ අවන් එකට දාලා විනාඩි 50 ක් විතර බේක් කරගන්න ඕන. කේක් එක බේක් උනාට පස්සේ පිහියක් අරගෙන කේක් එකේ පැති පෑන් එකට ඇලිලා තියනවනම් පිහිය ඒ අතරින් යවලා බුරුල් කරගන්න. ඉන් පස්සේ ලොකු පැතලි දීසියක් අරගෙන ඒක කේක් පෑන් එක උඩ තියලා මුනින් නවන්න. දැන් කේක් පෑන් එක උස්සලා අයින් කරන්න.
    දැන් රස බලන්න ... කොහොමද රස ?
    මම මේක ගත්තේ බ්ලොග් එකක තිබිලා.මම දෙතුන් පාරක් හැදුව ..මාර රසයි ..හොඳ ප්‍රතිචාර ...ඔයාලත් හදලා බලන්නකෝ ....................:D:D:D:D:D:D
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    පින්තූරත් තිබුන නම් තමා හොඳ. ;) බෙදා ගත්තට ස්තුතියි!
    4+ ~♥~