ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගෙ කළ සාපෙළ ලංකාවෙන්ම පළමුවැනියා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    hiruni-malsha-ol-island-1st


    එකම අරමුණක් යටතේ ආත්ම විශ්වාසයෙන් යුතුව සැලසුමකට අනුව අධ්‍යාපන කටයුතුවල නිරතවිම නිසා මෙම ජයග්‍රහණය ලබාගැනිමට හැකිවු බව මෙවර අ.පො.ස සා.පෙළ විභාගයෙන් ලංකාවෙන්ම පළමු ස්ථානය හිමිකරගත් ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ටි එච්. හිරුණි මල්ෂා කුමාරතුංග සිසුවිය සදහන් කළාය.

    ඇය ඉංග්‍රිසි මාධ්‍යයෙන් අ.පො.ස සා.පෙළ විභාගයට පෙනිසිට මෙම ජයග්‍රහණය අත්කරගනු ලැබිය. මෙකි ජයග්‍රහණය පිළිබද අදහස් දක්වමින් ටි එච්. හිරුණි මල්ෂා කුමාරතුංග සිසුවිය මෙසේද කිවාය.



    මගේ නැගණිය වන බුද්ධිනි මලිෂා කුමාරතුංග මගේ නිවුන් සහෝදරිය. නංගිත් එක්ක තමයි අධ්‍යාපන කටයුතුවල නිරතවුනේ.අපි දෙදෙනා එකට පාඩම් කළේ. නංගි සහ මම පළමු වසරේ ඉදලා සංඝමිත්තා බාලිකා විද්‍යාලයට තමය අකුරුකිරිමට ගියේ. නංගිට සමස්ත ලංකා ජයග්‍රහණයක් ලබා ගැනිමට නොහැකිවුවන් ඇයත් විෂයයන් නමයටම ඒ සමාර්ථ ලබාගෙන සා.පොළ විභාගය විශිෂ්ඨ අයුරින් සමත්වුනා. අපි දෙදෙනා නිදිමාරගෙන පාඩම් කළේ නැහැ. රාත්‍රි 9.30 වනවිට නින්දට ගියා. උදැසන 5.00ට පමණ අවදිවෙලා පාඩම් කළා.පාසලේ එදිනෙදා පාඩම් වැඩ එදිනෙදා අවසන් කළා.යම්කිසි සැලසුමකට අනුව අධ්‍යාපන කටයුතුවල නිරතවුනා. අතිරේඛ විෂයයන් වශයෙන් දෙමළ, ඉතිහාසය තාක්ෂණ යන විෂයයන් තමයි කළේ. ඇත්තටම විභාගයට ඉතා සැහැල්ලුවෙන් මුහුණ දුන්නා. පාසලේදි හොදින් අධ්‍යාපන කටයුතුවල නිරතවුනා. ගුරුවරු පාසලේ උගන්වන වෙලාවට හොදින් අසාගෙන හිටියා. පාසලේ බාහිර වැඩත් කළා. මධ්‍යා සංගමය, පාසලේ විවාද කණ්ඩායම නියෝජනය කළා. විද්‍යා අංශයෙන්.අ.පො.ස උසස්පෙළ විභාගයට පෙනි සිට වෛද්‍යවරයකු විම තමයි මගේ අනාගත බලාපොරොත්තුව.

    මේ ජයග්‍රහණය ගැන ගොඩක් සතුටුයි. මේ ජයග්‍රහණය ගැන සදහන් කිරිමේ දි මගේ අම්මාට සහ තාත්තාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මගේ අම්මා සහ තාත්තා තමයි මේ ජයග්‍රහණය ගන්න ගොඩක් උදව් කළේ.

    මගේ පාසලේ ගුරුවරු හිටපු විදුහල්පතිනිය වන චාන්දනි උඩුකුඹුර
    වත්මන් විදුහල්පතිනය වන අසේනි පරණවිතාන යන මහත්මින්. මගපෙන්වු සියලුම ගුරු භවතුන් 11 වසරේ පංතිභාර ගුරුතුමිය වන ඩිලිනි විරක්කොඩි ගුරුතුමිය මේ අවස්ථාවේ දි සිහිපත් කරන්නඕන. මම ඉතා ආශවෙන් ඉගෙනගත් විෂය තමයි . විද්‍යාව. ඒ කාලපරිච්ඡේදය මගහරින්න මම ගොඩක් අකමැතිවුනා විෂයයන් නමයටම ගොඩක් උනන්දුවුනා ඉතා ආශාවෙන් වැඩකළා. මගේ මිතුරියන් දෙදෙනකු හිටියා ඒ දෙදෙනා නංගිට සට ගොඩක් උදව් කළා. යැයි හිරුණි මල්ෂා දියණිය සදහන් කළාය.

    හිරුණි මල්ෂා දියණියගේ පියා ටි .එච් පුන්සිරිකුමාරතුංග වන අතර ඔහු ශ්‍රිලංගම උඩුගම ඩිපෝවේ සේවය කරන්නේය. මව එම් කේ.ජි කුමාරි ගාල්ල කළේගාන පියතිස්ස විද්‍යාලයේ ගුරුවරියකි. මොවුන් ගාල්ල හපුගල ප්‍ර දේශයේ පදිංචිකරුවන් වන අතර දැනට දියණියන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු පහසුවෙන් කරගෙන යාම සදහා ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය අසල කුලි නිවසක පදිංචිව සිටිති.

    අපේ පාසලේ සිසුවියන් දෙදෙනෙකු මෙවර අ.පො.ස සාපෙළ විභාගයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ දෙකක් හිමකරගෙන තියෙනවා. ටි එච්. හිරුණි මල්ෂා කුමාරතුංග සිසුවිය සා.පෙළ විභාගයෙන් පළමු ස්ථානය හිමිකරගෙන තියෙනවා.

    නදුනි සමුදිතා රණවිර දියණිය ලංකාවෙන් සිව්වන ස්ථානය හිමිකරගෙන තියෙනවා.ඇත්තටම මේ සිසුවියන් දෙදෙනා පාසලට කිර්තියක් ලබාදි තියෙනවා යැයි ගාල්ල සංඝමිත්තා බාලිකි විද්‍යාලයේ විදුහල්පතිනය වන අසේනි පරණවිතාන මහත්මිය සදහන් කළාය.

    චන්දන සමරවික්‍රම
    292113957-down.jpg
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    “නිදිමාරගෙන පාඩම් කළේ නැහැ. පාසලේ එදිනෙදා පාඩම් වැඩ එදිනෙදා අවසන් කළා.”

    mmmmm hama awuruddema ahanna asama wadan pela
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,578
    1,650
    113
    “නිදිමාරගෙන පාඩම් කළේ නැහැ. පාසලේ එදිනෙදා පාඩම් වැඩ එදිනෙදා අවසන් කළා.”

    mmmmm hama awuruddema ahanna asama wadan pela
    Congrats dude! Amathara panthi giye naha. ;)