ඉංග්රීසි වියාකරණ ගැන ගොඩ දෙනෙක් මේ නුලෙත් වෙනත් නුල් කිහිපයකත් කතා කරලා තියනව දැක්කහම මම ප්රයෝගිකව ප්රතිපල ලබපු උපක්රමයක් කියලා දෙන්න හිතුනා. මේක මට අම්මා ඉගැන්නුවේ ...මම එකෙන් ඉහල ප්රතිපල ලැබුවා.
මොකාහරි grammar පොතක් හොයාගන වියාකරණ ඉගන ගන්න එක මොහොතකට නතර කරන්න.!
ඔයා ආස සරල සිංහල කෙටි කතාවක් තෝරාගන. කුඩා ළමා කතාවක් උනත් හොදයි. දැන් ඒ කතාව සිංහලෙන් කියවලා ඒ අර්ථය ම එනවිදිහට ඉංග්රීසියට පරිවර්තනය කරලා පොතක ලියන්න.
මෙහෙම ලියන්න උත්සහ කරනකොට ඔයාට හරියට අදහස ගලපගන්න බැරුව (නියම වියාකරණ රීතිය දන්නේ නැතුව ) හිරවෙන තැන් එනවා. අන්න එතකොට ඒ අදහස හරියටම ලියන්නේ කොහොමද කියලා අර කලින් කියපු grammar පොතක් අරගන බලන්න, නැත්නම් internet එකෙන් උනත් උදව්වක් ගණන පුළුවන්
මුලදී මේක ටිකක් අමාරුවෙයි, නමුත් ටික දවසක් යනකොට ඔයාටම දැනෙනවා දන්නෙම නැතුව grammar පොත බලන්න වෙන වාර ගණන අඩු වෙනවා කියලා...මෙතන වෙන්නේ අපි ඇත්තටම අභියෝගයක හිරවුනහම උත්තර හොයන එකක් ... නැතුව ඔහේ ඉගන ගන්න එකක් නෙමේ. එතකොට මතක හිටිනවා හා අර්ථය ග්රහණය වෙනවා වැඩි .... මම මේ ක්රමය අත්හදා බලල හොදට ප්රයෝජන ගත්තා.
