ඉක්මනින්ම ධර්මය අවබෝධ කිරීමේ වැදගත්කම

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Bohoma pin...me thread eka Religious eke demmanam mehema kastiya na balanna..Elakiri Talk eke demmanam nisa godak aya balanawa...wedipurama balanne Elakiri talk ekai new artist and actor ekai neh...ekenma therenawa me samajaye piriheema Theruwan Saranai..!!! :):)

    ow bro. ekai talk ekema damme :)
     

    horana80

    Junior member
  • May 27, 2017
    48
    14
    18
    Gampaha
    ඔය මනස්ගාත හිතන්නේ නැතිව තමාට ලෝකය තේරෙන අයුරින් අවබෝධ කරගන්න.
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    බෙදාගත්තාට ස්තූතියි.... REP++

    අද කාලෙ ලොකුම ප්‍රශ්නෙ තමයි.... සමාජෙ දැනටමත් පිරිහිලා ඉවරයි.

    සරල උදාහරණයක්.....
    විවාහ යෝජනාවකදි කොල්ලගෙන් කෙල්ලගෙ තාත්ත අහනව පුතා බොනවද කියල... වැදගත් යෝජනාවක් නම් ජාමෙ බේරගන්න හොඳට ඉන්න එපැයි... ඉතින් කියල තියෙන්නෙ බොන්නෙ නම් නෑ කියල. කෙල්ලගෙ තාත්ත ටිකක් කල්පනා කරල කියල තියෙනව කොල්ලෙක් උනාම ටිකක් බොන්නත් ඕනෙ කියල.
    පස්සෙ දැනුම් දෙන්නම් කියල කතා බහ ඉවර වෙලා ගිහිං පස්සෙ අහල බලද්දි අකමැති වෙලා. (යෝජනාවෙ කොල්ල හොඳට බොන එකෙක්... සමහර විට ඌ බොනව කිව්ව නම් විවාහය කෙරෙන්නත් ඉඩ තිබුණ වෙන්න පුළුවන්)

    ඒක සරල සිද්ධියක් විතරයි.
    ගිහියන්ට ආරක්ෂා කරන්න සරලව දුන් "පන්සිල් පද පහ වත් ආරක්ෂා කරන්න තරම් 'ශක්තියක්' නැති මිනිස්සු" අද ඉන්නෙ....
    ඒ වගේම පන්සිල් පද ආරක්ෂා නොකරන අයට තමා අද වැදගත්කම ලැබිල තියෙන්නෙ... බොනව කිව්වොත් ඒක වැදගත්කමක්.... අවංකව ආදරේ නොකර ආශාවන්ට තැන දීල කෙල්ලො අමාරුවේ දැම්ම හෝ විවාහ වෙලා ඉඳිද්දි හොර අඹුවන් ආශ්‍රය කරනව කිව්වොත් ඒක වැදගත් කමක්.... අනුන් මහන්සිවෙලා හොයන ධනය හූරා කාල ඒවයෙන් සැප විඳින එක වැදගත්කමක්... බොරුවෙන් නැතුව ජීවත් වෙන්න අමාරුයි කියල බොරු වලින්ම වැඩ කරන එක වැදගත්කමක්...

    තව නොකී දේ බොහෝ තියෙනව.... මේ පොඩ්ඩයි...
    කොහොමද මෙහෙම හිතන, වැඩ කරන මිනිස්සු ඉන්න සමාජයක් ගොඩ එන්නෙ... මේක නාස්තිවෙලා විනාස වෙලා යන සමාජයක්.... මේක එන්න එන්නම කෙලෙස් වැඩි වෙන සමාජයක්.... එක්කෙනෙක් දෙන්නෙක් හොඳ වුනා කියල වැඩක් නැහැ. හොඳින් ඉන්න අයටත් ජීවත් වෙන්න අමාරුයි....
    ඔක්කොටොම ඕනෙ නිවන් දකින්න නෙමෙයි.... දුක නැති කරගන්න නෙමෙයි.... පුළුවන් තරම් ජොලියෙ ඉන්න.... පුළුවන් තරම් සැප විඳින්න... හොඳින් හරි නරකින් හරි... එහෙම මිනිස්සු දැන් ඉන්නෙ... තාවකාලික සැපට වටිනාකම...
    සදාතනික සැපය වැඩක් නැහැ දැන් ඉන්න අයට...

    වැදගත්ම කාරණය මේ තත්වය අවුරුදු 2600 කටත් කලින් බුදු හාමුදුරුවො අනාගතය දැකල ප්‍රකාශ කරල ඉවරයි. ඒ සියළුම බුද්ධ වචන එකක් නෑර සැබෑවට පත්වෙන්න දැන් පටන්ගෙන ඉවරයි.


    තවත් ඉන්නව මේව දැක දැකත්... ඒකට විරුද්ධව තර්ක කරන්න හදන අය... මොනවා බලාපොරොත්තුවෙන්ද? බුදු දහමේ ප්‍රකාශ කර තියෙන කරුණු අවබෝධ කරගන්න පුහුණු වෙන්න උනන්දුවක් නැහැ... හැබැයි ඒවාගේ කරුණු උපුටා අරගෙන එක එක ඒවාගෙ හරි වැරැද්ද, වෙන්න පුළුවන් ද බැරිද ඕවා තර්ක කර කර ඉන්න තමයි උනන්දු... කවදා ගොඩ යන්නද?

    පින් දහම් වලට නැඹුරු පිරිස, තාවකාලික සැපය පැත්තකට දාල මොලේ පාවිච්චි කරල දුක නැතිකරගන්න ටික ටික හරි යොමුවෙන්න හදන පිරිස තමයි සැබෑම
    බුද්ධිමත් පිරිස... ශක්තිවන්ත මිනිස්සු...

    ගොඩ ගහගත්තු අධ්‍යාපනික සුදුසුකම්, මහා ඉහල තනතුරු, ඉහල වැටුප් සහිත රැකියාවක්, අධි සුඛෝපභෝගී වාහන, මහා වියදම් කරන විවාහ උත්සව/උපන්දින සාද, බාගෙට ඇඳුම් ඇඳල පොෂ් වී පෙන්නන පුහු වැදගත්කම... මේ සේරම රැස් කරගන්න ජීවිතේ මොන තරම් කාලයක් කාල ද? මේ සේරම මරණය ඉදිරියේ කිසිම වටිනාකමක් නැති දේවල්.... ජීවිතය තියෙනකන් හොඳ වෙයි... ජීවිතේ අනිත්පිට පෙරලා තමන්ට පඩිසන් දෙන්න පටන් ගත්ත දවසට ඔය හැම වැදගත්කමක්ම ඉවරයි... ඇයි තමන්ගෙ මනස සූදානම් නෑ ඒවාට මූණ දෙන්න.... පුහුණුවක් නැහැ... තාවකාලික සැප විඳින්න විතරයි පුහුණුවෙලා ඉන්නෙ....

    කොයි කාලෙ ඉඳන් බණ කියනව ද? ඇයි සමාජෙ එන්න එන්නම පිරිහෙන්නෙ? සරලම උත්තරය.... කාටවත් බණ වැඩක් නෑ... ඔක්කොටොම ඕනෙ තාවකාලිකව හරි සැප විඳින්න. අර මඩේ පෙරළි පෙරළි මඩ පුදුම සැපයි කියන ඌරො වගේ තමයි...
    ඒ ටික තේරුම් ගන්න බැරි සමාජයක් පිරිහිලා විනාස වෙනවා විතරයි.....


    එහෙම වෙලත්.... අපි එදත් අදත් හෙටත් හැමෝම වෙනුවෙන් මෛත්‍රිය වඩනවා... හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනව..
    අද ඉඳන්වත් වැඩි දෙනෙක් ගේ මනසේ මේ රැවටි රැවටි පස් පවුවල ගැලී තණ්හාව පෝෂණය කර කර දුවන දිවිල්ල, උමතු මායාකාරී රටාව පැහැදිලිව අවබෝධ වෙලා හරි මාර්ගයට යන්න උනන්දුව උවමනාව ඇතිවෙලා පින් සිතුවිලි පහළ වේවා.... !!!



    atta kathava bn..REP ++ Post 2ktma REP dunnaaaa:yes::yes::yes:
     
    • Like
    Reactions: AshenTM