ඉක්මනින් සහ ලේසියෙන් සල්ලි ගොඩක් හොයන ක්‍රමයක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Capture.jpg


    Reddit, Warrior Forum වගේ සයිට්වල, ඔන්ලයින් සල්ලි හම්බ කරන එක ගැන කතා කරන ෆේස්බුක් ගෲප්ස්වල, YouTube එකේ සහ Quora එක වගේ තැන්වලින් උබලා දැනට නොදන්න ඉක්මනින් සහ ලේසියෙන් සල්ලි ගොඩක් හොයන පුලුවන් ක්‍රමයක් හොයා ගන්න පුලුවන් වෙයි කියලා උබලටත් හිතෙනවද?

    මට නම් අවංකව සමහර වෙලාවට එහෙම හිතෙනවා. ඒත් පොතේ හැටියට එහෙම ගොඩක් සල්ලි හම්බ කරන්න නම් ගොඩක් මහන්සි වෙලා දැනුමක් සහ හැකියාවක් හදාගෙන ඊට පස්සෙත් ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන්න ඕන. Forex, Cryptocurrency වගේ මහන්සි නොවී සල්ලි හම්බ කරන්න පුලුවන් ක්‍රම තිබුනත් ඒවා කරද්දි තියෙන රිස්ක් එක අර මහන්සියට හිලව් වෙනවා. අනික ඉස්සෙල්ලා මහන්සි වෙලා ඒ දේවල් ඉගෙන ගන්න ඕනනේ.

    මට හිතෙන විදිහට මිනිස්සු කෙට්ටු වෙන්න, ලස්සන වෙන්න, තරුන පෙනුම රැක ගන්න වගේ තමන්ගෙ එක එක අරමුනුවලට ඉක්මන් සහ ලේසි ක්‍රම හොයනවා වගේ සල්ලි හම්බ කරන්නත් මෙහෙම ලේසි ක්‍රම හොයනවයි කියලා. :rolleyes:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මහන්සි නොවී සල්ලි හොයන්න බෑ බං. උඹ කිව්ව කතාව ඇත්ත. මගෙ කලින් බොසාට BM X5 එකයි, බෙන්ස් එකයි, ඇක්වා එකයි තියෙනවා. තව මොනා තියෙද දන්නෙ නෑ. දැන් බොස්ට E class cabriolet Benz එකයි, Lexus RX 2019 එකයි, තව 2019 Leaf එකයි. ඒ දෙන්නම පට්ට කට්ටක් කාලා ඔතනට ගිය අය.

    මමත් ඉතින් කවදා හරි ඒ ලෙවල් එකට යන්න තමයි හිතන් ඉන්නෙ. බලමු ඉතින්.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    මහන්සි නොවී සල්ලි හොයන්න බෑ බං. උඹ කිව්ව කතාව ඇත්ත. මගෙ කලින් බොසාට BM X5 එකයි, බෙන්ස් එකයි, ඇක්වා එකයි තියෙනවා. තව මොනා තියෙද දන්නෙ නෑ. දැන් බොස්ට E class cabriolet Benz එකයි, Lexus RX 2019 එකයි, තව 2019 Leaf එකයි. ඒ දෙන්නම පට්ට කට්ටක් කාලා ඔතනට ගිය අය.
    lol unge employees lage mahansiya tamai
     
    • Like
    Reactions: shenat and Kolama

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ඔන්ලයින් ඔන්ට පින කෙනෙන් වීමේ පළමු පියවර විදියට BMW කාර් එකක් අරං
    ෆොටෝ ටිකක් ගහල තෑන්ක් යූ ලසන්ත අයියා කියල ෆේස් බුක් දාපන්
    ~ උපුටා ගැනීම කාලි
     

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    උත්සාහය අත අරින්න එපා තමන් බලාපොරොත්තු උන තැනට යනකන්..
     
    • Love
    Reactions: Kolama

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,116
    10,693
    113
    ඔව් එහෙම අවස්ථාවල් තියෙනවා

    මීට අවුරුදු කිහිපයකට කලින් අපේ නෑදා වෙන මල්ලි කෙනෙක් අපි කවදාවත් විකුනන්න පුළුවන් කියලා හිතනේ නැති දෙයක් USA වලට විකුනන්න අවස්ථාව උදාකරගත්තා (නීති විරෝධී නොවන දෙයක් උදාහරණයකට ගත්තොත් කොහු ලනු කියලා හිතමු ) , එයාගේ වැඩේ බොහොම හොඳට ගියා මාසේ ලාභය 1m වගේ තිබුනා

    business එකේ විශේෂත්වය උනේ customers ලාට බඩු යවන්න ඕන post එකේ

    මාස කීපයක් වැඩේ කරගෙන යනකොට SL POST එකෙ ඉහල නිලධාරී මාෆියාව මුට කෙලියා , පැමිණිලි කරන්න පුළුවන් හැමතැනටම ගියා , එත් වැඩක් උනේ නෑ , business එක නවත්වන්න උනා

    ඒ වෙනකොටත් මූ ළඟ 6 දෙනෙක් වැඩ කළා ,

    ඕන ඔහොමයි වැඩ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    hari welawe hari thana hitiya porawal goda yanawa kalen kaleta. habai hamotama karanna puluwan shortcut nam mama hithanne na athi kiyala.

    Ex:
    • adsense mul kale karapu dial PBN gahagena e kale puluwan tharam hamba kalata dan e process eka replicate karanna bane e level ekata.
    • dan ara dialog app eka hadapu dilina kiyana dial eka e app eken goda giyata thawa e wage app kiyak thibbath dan e advantage eka nane.
    e wage thawa godak example hoyaganna puluwan. ehema method ekak ahu wena kenek puluwan tharam kal katawath nokiya eka karanawa misak katahari kiyala eka kelawaganne na mama hithana widiyata. Luck ekath okata balapanawa.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    සල්ලි හොයන එක ලෙසි නැහැ බන් කොහෙත්. කට්ටක් කන්නම වෙනවා.
    ලෙසියෙන් හොයන කතා බොරු .
    අපි කියමු නීති විරොධි දෙයක් කරනවා කියලා .
    කුඩු විකිණිම ,කසිප්පු පෙරීම ,ගංජා විකිණීම වගෙ දෙවල් ?
    එව්වත් ලේසි නැහැ නෙ බන් ?
    අහු නොවී කරගෙන යන් එක පට්ට ගෙමක් නෙ ?
    ඒ වගෙම බැංකුවක් කඩනවා වගෙ දෙයක් උනත්
    මාස ගණන් ප්ලැන් කරලානෙ ගේම ගහන්නෙ.
    ඉතිං නීති විරොධීව කරත් ,නීත්‍යානුකූලව කරත් සල්ලි හොයන එක ලේසි නැහැ.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,839
    3,862
    113
    USA
    මට හරියටම මතක නැ බන් උබද කිව්වේ අර මාසෙකට ලක්ෂ 20 ක් විතර හොයනවා කියලා?
    මාසෙකට ලක්ෂ 20ක් හොයන්ඩ පුළුවන් නම් මහන්සි උනත් මොකද බන්
    වැරදීමක් නම් සොරි
     
    • Like
    Reactions: Kolama

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    35ට කලින්වත් තියන එකක් තියන්න ඕන බං.
    කෙල්ල එක්ක ලෝකෙ වටේ ව්‍රැවල් කරන්න. පිස්සු කෙලින්න. වලස්සු, පිරානලා ඇතිකරන්න.
    නාකිවෙලා සල්ලි ගෝනි ගනං තිබුනත් වැඩක්ද.
    :(