මම දන්න විදියට අපිට හැන්ඩි කෑම් එකක් අරන් කුකුල් කොටුවක් shoot කලත් මීට වඩා හොද film එකක් හදන්න පුළුවන්.
එතෙක් මෙතෙක් චිත්‍රපටයක් ගැන දීපු පට්ට ම විග්රහ වලින් එකක්............මම දන්න විදියට අපිට හැන්ඩි කෑම් එකක් අරන් කුකුල් කොටුවක් shoot කලත් මීට වඩා හොද film එකක් හදන්න පුළුවන්.




එහෙම කියන්න එපා මචන්.උබල අපිට නොතේරෙන මෙව්ව එකක් එකෙ තියෙනව.අපි තාම පැහිල මදි ඔය වගේ සිනමා කෘතියක් ගැන කතා කරන්න.එක හාදයෙක ගිටාර් එකක් අරගෙන වැවක් මැද මොකද්ද බන් කරන්නේ,




ඒ උනාට මුගෙ පඩ ටෝක්ස් ටික බලපන්කො....
![]()
අපි කළොත් විතරද වැරදි
ඉගිල්ලේන්න ඇයි දඟලන්නේ ගැන අර්ජුන් කතා කරයි
මේ වැඩේදී ගොඩක් අය පොලු තිබ්බා
"ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ" චිත්‍රපටය මේ දිනවල තිරගත කිරීම් අරඹලා. එය අර්ජුන කමලනාත්ගේ කුළුඳුල් සිනමා නිර්මාණයද වනවා. ආරංචි හැටියට තාරුණ්‍ය ඉලක්ක කරගනිමින් තමයි අර්ජුන මේ චිත්‍රපටය නිපදවලා තියෙන්නේ. අප ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ඔහුගෙන් විමසා සිටියා.
*මේ චිත්‍රපටය හරහා ඔබේ ඉලක්කය?
පසුගිය කාලේ දිගටම ආවේ රජ කතා, ඉතිහාස කතා, බෞද්ධ කතා, මේවා ආවේ පෝළිමට. යුද්දේ තියෙන කාලෙත් එහෙමයි. එකම දේ බලනකොට මිනිස්සුන්ට එපා වෙනව. මේ වාගේ වෙනසකුත් නැහැනේ.
ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ චිත්‍රපටයේ ඉලක්කය වන්නේ වර්තමානය, අනාගතය හා තාරුණ්‍යය, රට බාරගන්න ඉන්නේ වර්තමානය, හා අනාගතයයි. ඔවුන්ට තමයි චිත්‍රපට කළ යුත්තේ. ඒ නිසා මේක සීයට සීයක්ම අර්ජුන කමලනාත්ගේ සිනමා නිර්මාණයක්.[/
*මේ කාලේ ලංකාවේ තිරගත වන දෙස් විදෙස් චිත්‍රපටවලට මින් තරගයක් දෙන්න පුළුවන්ද?
ඇයි බැරි! ඒ ගැන අහන්න සුදුසුම කට්ටිය තමයි මගේ චිත්‍රපටය දුවන හෝල්වල මැනේජර්වරුන්. ඒ අය කියන්නේ සමහර චිත්‍රපට දුවන දවස්වලට අපි චිත්‍රපටය ඉවර වෙන වෙලාවට ඉන්නේ හැංගිලා කියලා. මොකද මිනිස්සු බැණලලු යන්ගේ මේ සල්ලිවලින් මීට වඩා හොඳයි ආප්ප කෑවනම් කියලා. මගේ චිත්‍රපටයට මේ වෙනකම් කවුරුවත් එහෙම බැණල නැහැ. ඇත්තම කතාව තමයි චිත්‍රපටයක විඳින්න දෙයක් නැත්නම් කවුද ඒක ගැන හොඳ කියන්නේ. එහෙම ඒව අන්තිම අසාර්ථකයි.
*ඔබ චිත්‍රපටය සඳහා කාන්තා රුව අනවශ්‍ය ලෙස භාවිත කළ බවට කතාවක් තියෙනවා?
මේක කාගෙවත් කොපියක් නෙමෙයි. හැඟීම් දැනීම් තියෙන ඕනම කෙනෙකුට බලලා රස විඳින්න පුළුවන්. එහෙම දෙයක් තියෙනව නම් ඒ වගකීම මම බාර ගන්නවා. ත්‍රාසය, ආදරය, තාරුණ්‍යය කියන හැමදේම මෙතන තියෙනවා.
*නමුත් මෙහි තිබෙන හැම රූපරාමුවක්ම චිත්‍රපටයට අදාළම ඒවද?
මේ චිත්‍රපටය ලංකාවේ දැන් තිරගත වන හින්දි චිත්‍රපටවලට තරගයක් දෙන්න පුළුවන් මට්ටමේ තියෙනවා කියන එක තමයි මගේ හැඟීම. හින්දි චිත්‍රපටවල තිබෙන දර්ශන තලවලට සමාන දර්ශන තල, ඒවගේ රූපරාමු ඇඳුම් පැළඳුම් විතරක් නෙමෙයි ඒවාගේ භාවිතා කරන අඩ නිරුවතට පවා අපේ මට්ටමෙන් යන්න පුළුවන් උපරිම මට්ටමට මම මේ චිත්‍රපටයෙන් ගියා.
දැන් අඩ නිරුවත කියන දෙය එතරම් දෙයක් නොවෙයි. ටී. වී. නාලිකාවල යන චිත්‍රපට හැම එකකම අපිට වඩා හොඳට මේව තියෙනවා. සිංදුවල විෂුවල් ගත්තත් එහෙමයි. ඉතින් අපි කළොත් විතරද වැරැදි. ඒ ඒ දර්ශනවලට ඒ ඒ ඇඳුම් අවශ්‍යනම් ඒව දෙන්න ඕන. ආචාරශීලී වෙන්න ඕන කියලා ස්විමින් ෆුල්වලට ළමාසාරි අන්දවල බස්සන්න බැහැනේ. මේක තරගකාරී ලෝකයක්.
*මේ නිළියන්ට රඟපාන්න පුළුවන්ද?
සමහර අයට රඟපෑම ගැන මෙලෝ හසරක දැනුමක් තිබුණේ නැහැ. මට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. මට ඕන වුණේ විවිධත්වයකින් යුතු චරිත පහක් තෝරගන්න. ඒ අය නිසියාකාරව හසුරුවා ගැනීම මගේ වගකීම. ඔවුන්ගේ රඟපෑම් හොඳද නරකද කියල බලපු අයට අවංකවම හිතෙනවා ඇති.
*ඔබම තිර රචනය කරල, අධ්‍යක්ෂණය කරල ඔබම රඟපාන වැඩේ සාර්ථකද?
යසපාලිත නානායක්කාර, දයා විමලවීර, ලෙනින් මොරායස් වගේ ප්‍රවීණයොත් බොහෝ දුරට තමන්ගේ චිත්‍රපටවලට මේ වගේ දායක වෙලා තියෙනවා. මම හිතන්නේ තමන්ගේ දේ ගැන තමන්ට වඩා දැනෙන වෙන කෙනෙක් නැහැ. ගොඩක් අය බලන්නේ අපිව කපලම දාන්න. ඒ නිසයි අපිටත් දෙයක් කරන්න පුළුවන් කියලා පෙන්නන්න මේ චිත්‍රපටය කරල පෙන්නුවේ. මට ගොඩක් කැපිලි කෙටිලි ආවා. වැඩේදි ගොඩක් අය පොල්ල තිබ්බා. ඒත් වැටුණෙ නැහැ.
රවී
මම දන්න විදියට අපිට හැන්ඩි කෑම් එකක් අරන් කුකුල් කොටුවක් shoot කලත් මීට වඩා හොද film එකක් හදන්න පුළුවන්.


පස්ට ටෝක් එකශ්රී ලාංකීය තාරුණ්‍යය මන්දබුද්ධිකයි කියල හිතාගෙනද කොහෙද මුන් මේවා තාරුණ්‍යය වෙනුවෙන් නිෂ්පාදනය කරන්නෙ![]()
එහෙම කියන්න එපා මචන්.උබල අපිට නොතේරෙන මෙව්ව එකක් එකෙ තියෙනව.අපි තාම පැහිල මදි ඔය වගේ සිනමා කෘතියක් ගැන කතා කරන්න.![]()


එහෙම කියන්න එපා මචන්.උබල අපිට නොතේරෙන මෙව්ව එකක් එකෙ තියෙනව.අපි තාම පැහිල මදි ඔය වගේ සිනමා කෘතියක් ගැන කතා කරන්න.![]()








මු අමිෂා කාවින්දිගේ ඇඳුම් ගලවන විදිහට ළඟදීම අපිට අමශා කාවින්දි topless ඉන්න film එකකුත් බලන්න පුළුවන් වෙයි
![]()