ඉඟුරුඔය නැම්මේ නාන තටාකය

shami Aaron

Junior member
  • Nov 1, 2013
    190
    13
    18
    ඉඟුරුඔය නැම්මේ නාන තටාකය

    image_1564ee50c0.jpg

    නාවලපිටිය හා ඒ අවට ඇති බොහෝ ස්ථාන සුන්දර මෙන්ම ඓතිහාසික වටිනාකමකින් යුක්තය. නාවලපිටිය නගරය සමීපයේ පිහිටි ඉඟුරුඔය, ගල්පොත්තාගම ආසන්නයේ පිහිටි ස්වාභාවික නිර්මාණය වී ඇති විශාල ප්‍රමාණයේ නාන තටාකය ඒ අතරින් එකකි. දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මඟහැරී ඇති අතිශය චමත්කාර ජනක මෙම ස්ථානය දිය නෑමට කදිම තැනකි. මෙම විශාල නාන තටාකය ඉපැරණි යුගයේ පටන් දිය නෑමට භාවිතා කොට ඇති වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර සේම වටිනා ස්ථානයකි.

    නාවලපිටිය නගරයේ සිට දෙකිඳ මාර්ගයේ කිලෝමීටර් හතක් පමණ ගිය විට ගල්පොත්තාගම ආසන්නයේ දී මෙම ස්වාභාවික ජල තටාකය හමු වේ. එම මාර්ගය දැනට යම් දුරක් කාපට් අතුරා සංවර්ධනය කොට ඇති අතර ඉතිරි කොටස කොන්ක්‍රීට් අතුරා තිබේ.

    කොන්ක්‍රීට් අතුරා සකස් කොට ඇති කොටස මේවන විට කැඩී වළවල් මතුව ඇත. උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියෙන් ගමන් කිරීමේදි ඉඟුරුඔය දුම්රිය ස්ථානයෙන් බැස ටික දුරක් පයින් ගිය විට මෙම ස්ථානයට ඉතා පහසුවෙන් ළඟා විය හැකිය.

    කොත්මලා ඔයේ අතු ගංඟාවක් වන ඉඟුරුඔය විසින් මෙරටට දායාද කොට තිබෙන මෙම ස්වාභාවික නාන තටාකය අතීතයේ දී වනවාසීව වැඩවිසු භික්ෂුන් වහන්සේලා දිය නෑමට භාවිතා කර ඇති ඉපැරණි ස්ථානයක් බව ඉඟුරුඔය වැසියෝ පවසති.

    එකල භික්ෂුන් වහන්සේලා මෙම ස්වාභාවික ජල තටාකය දිය නෑමට භාවිතා කරනු ලැබු යුගයේ මෙකී ඔය හඳුන්වා ඇත්තේ සඟරුවන්ඔය යනුවෙන් බවත් එය පසුකාලීනව හඟරන්ඔය වශයෙන් භාවිතා කොට තිබේ.

    එහෙත් වර්තමානයේදී මෙම ඔය ඉඟුරුඔය ලෙස භාවිතා කරනු ලබති. නාවලපිටිය ප්‍රදේශය ආශ්‍රීත ඇති රජයේ කාර්යාලයන්වල පැරණි ලිපි ලේඛන ආදියේ තවමත් මෙම ස්ථානය සඳහන්ව ඇත්තේ හඟරන්ඔය වශයෙන් බව ඉඟුරුඔය ගම්මු කියති.

    උස් හා මිටි විවිධ ගල්කුළු අතරින් ගලා බසින ඉඟුරුඔය එක්වරම මෙම ස්ථානයේ විශාල ප්‍රමාණයේ ජල තටාකයක් නිර්මාණය කර තිබේ. විශාල ගල් ආදිය කිසිවක් නොමැති මෙම ස්ථානයේ ආරම්භයේ සිට ක්‍රමානුකූලව ඈතට යෑමේදී ගැඹුරු වන පරිද්දෙන් නිර්මාණය වී තිබේ.

    දියනෑම සඳහා ජලයට බසින ස්ථානයේ ජල තටාකයේ පතුල මනා ලෙස පෙනේ. ක්‍රමයෙන් ඈතට වන්නට මෙම ජල තටාකය ගැඹුරුවන අතර ගැඹුරු ස්ථානවල ජලය අඳුරු පැහැයක් ගන්නා අතර ඇතැම් ස්ථාන අඩි 20 කට වඩා ගැඹුරු බව ගම්මු පවසති. පතුල පෙනෙන ස්ථාවල කුඩා ප්‍රමාණයේ විවිධ වර්ගයේ මසුන් සැරිසරති. මෙහි ජලය සීතල වන අතර ඇතැම් ගල්පර ලිස්සන සුළුය.

    මෙම ස්ථානයෙන් ගලා බසින ජලය අතිශය පිරිසිදු බවකින් යුක්තය. දෙස් විදෙස් සංචාරකයන්ගෙන් සැඟව සිටින නිසාවෙන් අවට පරිසරයද පිරිසිදුය. කුඩා ළමුන්ගේ පටන් ඕනෑම වයසක අයකුට අපහසුවෙන් තොරව තමන්ට කැමැති ආකාරයෙන් මෙම ස්වාභාවික ජල තටාකයේ දිය නෑමට හැකිය.

    දැනට මෙම ස්ථානය විශාල වශයෙන් ඉඟුරුඔය අවට ගම්මු දිය නෑමට භාවිතා කරනු ලබයි. නාවලපිටිය අශ්‍රිත ගම්මානවලට පැමිණෙන ඇතැම් පිරිස් ඉදහිට මෙම ස්ථානයට පැමිණ දිය නා විනෝද වී යන බව ඉඟුරුඔය වැසියෝ කියති.

    නාවලපිටියට පැමිණෙන විටදී යම් ඉඩක් ඔබට වෙන්කර ගැනීමට හැකිනම් ඉඟුරුඔය විසින් අපට දායාද කර ඇති මෙම ස්වාභාවික නාන ජලතටාකය නැරඹීමට පැමිණ රිසි සේ දිය නාගැනීමට හැකියාව තිබේ. තවමත් නොයිඳුල්ව පවතින මෙම ස්ථානයට පැමිණ දිය නා පමණක් යන ලෙසත් කිසිඳු අයුරකින් අවට පරිසරයට අපද්‍රව්‍ය මුදා නොහරින ලෙසත් දැඩිව අප ඔබගෙන් ඉල්ලා සිටිමු. ඒ මන්ද යත් මෙම ස්වාභාවික ජල තටාකය පිහිටි ස්ථානය තුළ හෝ ඒ අවට ප්‍රදේශයේ අඩුම තරමේ සබන් දවටනයක්වත් වැටී නොමැති නිසාය.


    image_8853da7d2f.jpg


    image_3d315cd27c.jpg


    image_576009d2f7.jpg
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    mama nanne methana.ehema unata ada thamai ochchara wistharayak danne.othana kalayak nanna yannathuwa hitiya weli goda dala gemburu walak hedila.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mama nanne methana.ehema unata ada thamai ochchara wistharayak danne.othana kalayak nanna yannathuwa hitiya weli goda dala gemburu walak hedila.


    ane palayan ban yanna...

    genu nana diha balan indala ahu unama mama arakshawata hitiye kiwa neda? :lol:

    dan hamoma kiyanne "nana polis" kiyala neda...

    :lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mama nanne methana.ehema unata ada thamai ochchara wistharayak danne.othana kalayak nanna yannathuwa hitiya weli goda dala gemburu walak hedila.

    ආහ්.. උඹ මේක ගැනද අර කිව්වේ ඉස්සර උඹ හොරෙන් ගෑණූ නානව බලන් හිටිය කියල.. ඒවා හරි කැත වැඩ ඕයි..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ane palayan ban yanna...

    genu nana diha balan indala ahu unama mama arakshawata hitiye kiwa neda? :lol:

    dan hamoma kiyanne "nana polis" kiyala neda...

    :lol::lol::lol:

    ආහ්.. උඹ මේක ගැනද අර කිව්වේ ඉස්සර උඹ හොරෙන් ගෑණූ නානව බලන් හිටිය කියල.. ඒවා හරි කැත වැඩ ඕයි..
    ඇයි පොලිසට මේම කරන්නෙ ඔයාල. පව් නද්ද