ඉටි පහනක් දෝ මා...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo



    සුළඟට සැලෙනා
    පළඟැටි කුරුමිණි මෙරු හැපෙනා
    ඉටි පහනක් දෝ මා
    නිවි නිවි දැවෙනා
    දැවි දැවි නිවෙනා

    මා වට මද එළියේ
    පළඟැටි සේනා සැණකෙළියේ
    තිමිර බි‍‍ඳේ දෝ සිළුව සිඳේ දෝ
    මා කෙලෙසී යා දෝ

    මා වත රුවට ඇදී
    අනඟ රැඟුම් පා තරග වැදී
    ගගනත කළඹා ගත සිත පොළඹා
    නිසසල දැහැන බිදී

    කළුවර පලස ඉරා
    මා වත දුබලව දැවෙන තුරා
    වට කැරකෙන්නෝ සෙනෙහෙ මවන්නෝ
    පණ නළ ගනිති සොරා
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේක බලල අන‍ර්කලීට ලව් කරපු උන් සිටීද ?
     
    • Like
    Reactions: Ameesha2