සුළඟට සැලෙනා
පළඟැටි කුරුමිණි මෙරු හැපෙනා
ඉටි පහනක් දෝ මා
නිවි නිවි දැවෙනා
දැවි දැවි නිවෙනා
මා වට මද එළියේ
පළඟැටි සේනා සැණකෙළියේ
තිමිර බිඳේ දෝ සිළුව සිඳේ දෝ
මා කෙලෙසී යා දෝ
මා වත රුවට ඇදී
අනඟ රැඟුම් පා තරග වැදී
ගගනත කළඹා ගත සිත පොළඹා
නිසසල දැහැන බිදී
කළුවර පලස ඉරා
මා වත දුබලව දැවෙන තුරා
වට කැරකෙන්නෝ සෙනෙහෙ මවන්නෝ
පණ නළ ගනිති සොරා

