ඉඩමක් ගනිද්දි

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    ඇස්වහ පුච්චන ඒවා පෙරේත තට්ටු ගුරුකම් කරපු දේවල් ඔක්කොම ගෙනත් දාන්නේ තුන්මං හන්දි ගාවනේ. ඒක එක වදයක්, අනිත් එක වාස්තු විද්‍යාත්මකව හොඳ නෑ කියනවා. අපේ ගමේ තුන් මං හඩ්න්දියක තියෙන ගෙදරක කුළියට එන එන එකා මැරෙනවා
    මොනවා වෙලාද කුලියට ආපු උන් මැරුනේ. වයස කීයෙදි වගේද මැරුනේ?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,471
    4,471
    113
    මොනවා වෙලාද කුලියට ආපු උන් මැරුනේ. වයස කීයෙදි වගේද මැරුනේ?
    මුලින්ම එකෙක් එල්ලිලා මැරුණා, ඊට පස්සේ ආපු පවුලේ වයස 30 ගානක කොල්ලෙක් හාට් ඇටෑක් එකක් හැදිලා මැරුණා. අර එල්ලිලා මරුණා කියපු එක්කේනාට කලින් ආපු එක්කෙනෙකුත් එල්ලිලා මැරුණා කියලා කියනවා ඒක මම හරියටම දන්නේ නෑ. එල්ලිලා මැරුණ කෙනා මරලා එල්ලුවා කියලා කතාවකුත් යනවා. එයා වයස 40 ගාණක වගේ
     
    • Wow
    Reactions: Yeezus

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැදගත් දේවල් ගොඩක් කියල තියෙනවා අනික් අය.

    ඒවාට අමතරව:

    1. කොයිතරම් ලාබෙට ඉඩම දෙනවා කිව්වත් වාහන දෙකක් කරදරයක් නැතිව මාරුවෙන්න බැරි පාරවල් වල ඉඩම් ගන්න එපා.
    2. බස් පාරක ඉඳල පයින් යන්න බැරි දුරවල්වල ඉඩම් ගන්න එපා.
    3. අතුරු පාරක නම් හොඳට හොයල බලපන් පාරේ රස්තියාදු ගහන එවුන් ඉන්නවද කියල. ලේන් එකේ අයියල පාරට බහින වෙලාවල් තියෙනවා. හවස 5-6 වගේ ගිහින් බලපන්. ඒ වගේම උදේට/හවසට පාරේ තියාගෙන වාහන හෝදන අංකල්ලා, දවල්ට පාරේ රෙදි වේලන ඇන්ටිලා ඉන්නවා ද බලපන්. සිඟිති පාතාල ක්‍රියාත්මක වෙන පැති තියෙනවා.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,633
    8,831
    113
    kandy
    ගොඩක් තියනවා ..
    PrimeLand එකෙන් ගිනින් .. බය වෙන්න දෙයක් නෑ එතකොට ..
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,309
    16,021
    113
    Colombo
    පලාත් ආදයම් කියල එකක් තියෙනවා, එතනින් බලපන් ඒ ඉඩම/බිල්ඩින් එකේ හරි valuation එක. සමහර උන් අස්ප ගනන් ගියනවා, එතකොට negotiate කරන්න දැනගෙන ඉන්න එක හොඳයි.

    ඉඩමේ ලොකේශන් එක, වටේ පිටේ කට්ටිය, ගෙවල් ගැන හොයපන්. අඩු කුලේ පැති වලට යන්න එපා. සමහර උන් පාරේ පුටු තියන් වාඩි වෙලා ඉන්නවා සාලේ වගේ.

    යටවෙනවද, වතුර බහින්න පුලුවන්ද, කලින් මොකට තිබ්බ ඉඩම්ද කියලා බලපන්. මුහුද අයින නම් සුනාමි ප්‍රශ්න තියෙන්න පුලුවන්.

    ලඟ මොනාද තියෙන facility පාරවල්වල තත්වෙ ක්හොමද? ටවුන් එකට දුර වගේත් බලපන්.

    ඉඩම් අයිතිය නිරවුල්ද කියලා බලපන්. ඕකට ඉතින් ලොයර් කෙනෙක් හොයාගන්න ඕනා හරියට පත්තිරු කියලා කියන එක අරන් බලන්න.
    :yes:
     
    • Like
    Reactions: tharakaf

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,401
    5,979
    113
    mn okkoma reply tika kiyewwa,

    dan pressure wage ban :sorry:

    math ge gawa thiyena idamakata aha gahan innwa,
    habayi ekath thiyenne 3 man handiyaka.

    :nerd:

    kalin 3 man handiyak thibbe na, ita uda idamak wendesi karala dan ethana parak awith by road ekata join wela 3 man handiyak wela,

    peretha thatu genath danwa
    habayi sapekshwa aduyi,.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ඉඩම අවට පන්සල් පල්ලි තියේද බලන්න ඕන. නැත්තන් යකඩ කටවල් වලින් කන් අගුල් වැටෙයි.

    ඉඩම අවට පිට්ටනි තියේද බලපන්. නැත්තන් ගහන හෙන වගේම බෝල ගහද්දි බෝලෙ කුස්සියෙ හොද්දට වැටෙයි.
    ------ Post added on Apr 26, 2025 at 3:19 PM
    Me dekath sira prashna dekk... mehem thanwalin gnnath epaa..

    uba sadda wlata asa nthi calm inna okeknam pansal palli laga idam gnna epaa ude hwasa loud speaker saddeta daaddi epaa wenv.. padam krnna ehem amaruine ethkota... anith eka play ground gawa idam thibbhm gahana bola waththata watena gaane podi un awith gate ekta thadibanav... ape nidahase apita jeewath wenna nha
     
    • Love
    Reactions: Heshan Daminda

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Bump.

    ඔප්පු අවුරුදු 35-40 නිරවුල් ද ? බැංකුව කට තියන්න පුළුවන් ද බලන්න.

    අනිත් කට්ටිය කියල තියෙන සේරම වගේ ඇත්ත. එව්වා බලන්න. ලොකු ඉඩමක් නම් බලන්න වතුර කිවුල් ද ? වතුර තියෙනවද කියල ? එක්කෝ පාරෙන් යන වතුර Line එකක් තියෙනවා ද කියල ? පුළුවන් නම් හොඳ Carpet පාරකට මුහුණලා ගන්න. වටිනාකම වැඩිවනවා ඉක්මනට. අනික ලේසියෙන් විකුණගන්න පුළුවන්
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,457
    3,020
    113
    ඇස්වහ පුච්චන ඒවා පෙරේත තට්ටු ගුරුකම් කරපු දේවල් ඔක්කොම ගෙනත් දාන්නේ තුන්මං හන්දි ගාවනේ. ඒක එක වදයක්, අනිත් එක වාස්තු විද්‍යාත්මකව හොඳ නෑ කියනවා. අපේ ගමේ තුන් මං හඩ්න්දියක තියෙන ගෙදරක කුළියට එන එන එකා මැරෙනවා
    හැබැයි ඔය කියන්නේ ලොකු තුන්මන්හන්දි වෙන්න ඇති නේද? දැන් prime land ඉඩම් ලොට් එක්ක එහෙම පොඩි පොඩි තුංමංහන්දි 4 5ක් තියෙන්නේ. ඒවා count වටගෙන් නැතුව ඇති 🤭
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,970
    21,990
    113
    ගම මහනුවරයි
    paththe inna ewun.... aduwo nam wadak na
    wathura bahala yanawada... ubata udin wate gewal thiyenawada...
    waththe loku thadi gas thiyenawada... thiyenawa nam hodai... polawa hodai purawapuwa nemei
    kuburu , wathura galan yana than epa... saththu case
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,471
    4,471
    113
    හැබැයි ඔය කියන්නේ ලොකු තුන්මන්හන්දි වෙන්න ඇති නේද? දැන් prime land ඉඩම් ලොට් එක්ක එහෙම පොඩි පොඩි තුංමංහන්දි 4 5ක් තියෙන්නේ. ඒවා count වටගෙන් නැතුව ඇති 🤭
    ඒවානම් ඉතින් ගන්නේ ගොඩක් පොෂ් පවුල්නේ. උන් ගොඩක් දුරට ඕවා විශ්වාස කරන්නේ නෑ. උන් පෙරෙත තටු තියන එකක් නෑ. ඒත් කියන්නෙ බෑ පොශ් නැති එකෙක්ට ලොතරැයියක් ඇදිලාවත් අරගෙන තිබ්බොත් එහෙම
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ලොකු හවුසින් ස්කීම්, පත සයිස් ලෑන්ඩ් සේල් තම බලන්නෙ. ගං කාරයො වටේ ඉන්න තනි ඉඩම් නම් සෙට් නෑ.

    තුන මං හනදි සීන් එක මොකද්ද 🤓

    3 මන් හන්දියෙ, කෙලින් එන පාරට ෆේසින් ඉඩම, අනතුරු වැඩී. කෙලින් එන එකා රෑකට ගේ ඇතුලට කඩන් එන්න පුලුවන්. ගේ ඉස්සරහ හදිසියකට වාහනේ පාක් කරගන්න බෑ.
    ------ Post added on Apr 26, 2025 at 11:05 PM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,471
    4,471
    113
    mn okkoma reply tika kiyewwa,

    dan pressure wage ban :sorry:

    math ge gawa thiyena idamakata aha gahan innwa,
    habayi ekath thiyenne 3 man handiyaka.

    :nerd:

    kalin 3 man handiyak thibbe na, ita uda idamak wendesi karala dan ethana parak awith by road ekata join wela 3 man handiyak wela,

    peretha thatu genath danwa
    habayi sapekshwa aduyi,.
    ලොකු තුන් මන් හන්දි හතරමන් හන්දි ගාව තව ප්‍රශ්නයක් තියෙනව. පාරවල් ඔක්කොගෙන්ම එන වාහන හරවන්නේ එකතු වෙන්නෙ එතන නිසා සද්ද බද්ද වැඩියි. හෝන් සද්ද එහෙම නිතරම ඇහෙනවා. හැබැයි පොඩි තුන් මන් හන්දිනම් එහෙම ප්‍රශ්නයක් නෑ වැඩිය වාහන යන්නේ නෑනේ
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,457
    3,020
    113
    mn okkoma reply tika kiyewwa,

    dan pressure wage ban :sorry:

    math ge gawa thiyena idamakata aha gahan innwa,
    habayi ekath thiyenne 3 man handiyaka.

    :nerd:

    kalin 3 man handiyak thibbe na, ita uda idamak wendesi karala dan ethana parak awith by road ekata join wela 3 man handiyak wela,

    peretha thatu genath danwa
    habayi sapekshwa aduyi,.
    මාත් ගන්න එකක් ඉන්නවා. ඒකෙත් තුන් වෙනි පාරේ ගෙවල් 4 5 ක් තියෙනවා… 🫠

    හැබැයි මං පොඩි කාලේ අවුැරැදු 10ක් වගේ හිටපු ගෙදරත් ඔය වගේ එහෙනම්. පොඩි තුංමංහන්දියක්, ඒත් තව වෙනකන් ඉන්නේ. මේවගේ නහ් තුංමන්හන්දි කියලා ගන්නේ ලොකු ඒවා වෙන්න ඇති

    පොඩි ගූගල් පාරක් දැම්මා.. මේකේ නම් කියන්නේ දොර තියෙන්න හොද නෑ තියලා…

    කෝණ වේධ දෝෂය

    :

    නිවසේ ප්‍රධාන දොරට කෙලින් ඉඩමක මුල්ලක්‌, ගේට්‌ටුවක මුල්ලක්‌, වෙනත් ගොඩනැඟිල්ලක මුල්ලක්‌, තුංමං හන්දියක්‌, හතරමං හන්දියක්‌, තිබුණ හොත් සොර සතුරු භය, ප්‍රේත දෝෂ, භූත දෝෂ, අමනුෂ්‍ය දෝෂ වැනි උපද්‍රව ගෙන දෙයි.
     
    • Like
    Reactions: itguy77

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,471
    4,471
    113
    වැදගත් දේවල් ගොඩක් කියල තියෙනවා අනික් අය.

    ඒවාට අමතරව:

    1. කොයිතරම් ලාබෙට ඉඩම දෙනවා කිව්වත් වාහන දෙකක් කරදරයක් නැතිව මාරුවෙන්න බැරි පාරවල් වල ඉඩම් ගන්න එපා.
    2. බස් පාරක ඉඳල පයින් යන්න බැරි දුරවල්වල ඉඩම් ගන්න එපා.
    3. අතුරු පාරක නම් හොඳට හොයල බලපන් පාරේ රස්තියාදු ගහන එවුන් ඉන්නවද කියල. ලේන් එකේ අයියල පාරට බහින වෙලාවල් තියෙනවා. හවස 5-6 වගේ ගිහින් බලපන්. ඒ වගේම උදේට/හවසට පාරේ තියාගෙන වාහන හෝදන අංකල්ලා, දවල්ට පාරේ රෙදි වේලන ඇන්ටිලා ඉන්නවා ද බලපන්. සිඟිති පාතාල ක්‍රියාත්මක වෙන පැති තියෙනවා.
    ඔව්. ගෑනියෙක් පාරේ යනව දැක්කම විසිල් ගහන උන් චුක් චුක් ගාන උන් ඉන්නවා. උන්ට ඒව කියපුවාම් රණ්ඩුවට එන්නේ. වයිෆ් ලස්සනනම් මේ වගේ ඒවත් බලන්න ඕනේ. හවස 5 ඉඳන් 7 විතර වෙනකල් ඒ අවට කැරකුනොත් මේ වගේ දෙවල් හොයාගන්න පුළුවන්

    මාත් ගන්න එකක් ඉන්නවා. ඒකෙත් තුන් වෙනි පාරේ ගෙවල් 4 5 ක් තියෙනවා… 🫠

    හැබැයි මං පොඩි කාලේ අවුැරැදු 10ක් වගේ හිටපු ගෙදරත් ඔය වගේ එහෙනම්. පොඩි තුංමංහන්දියක්, ඒත් තව වෙනකන් ඉන්නේ. මේවගේ නහ් තුංමන්හන්දි කියලා ගන්නේ ලොකු ඒවා වෙන්න ඇති

    පොඩි ගූගල් පාරක් දැම්මා.. මේකේ නම් කියන්නේ දොර තියෙන්න හොද නෑ තියලා…

    කෝණ වේධ දෝෂය

    :

    නිවසේ ප්‍රධාන දොරට කෙලින් ඉඩමක මුල්ලක්‌, ගේට්‌ටුවක මුල්ලක්‌, වෙනත් ගොඩනැඟිල්ලක මුල්ලක්‌, තුංමං හන්දියක්‌, හතරමං හන්දියක්‌, තිබුණ හොත් සොර සතුරු භය, ප්‍රේත දෝෂ, භූත දෝෂ, අමනුෂ්‍ය දෝෂ වැනි උපද්‍රව ගෙන දෙයි.
    තුන් මන් හන්දි ගාව හදන ගෙවල් ඕවා බලලාම හදන එක හොඳයි. ඒත් ඉතින් ඔය වාස්තුකාරයොන්ගෙත් ගොඩක් බොරු කාරයෝ ඉන්නේ උන්ට හිතෙන හිතෙන දේවල් කියනවා
    ------ Post added on Apr 26, 2025 at 11:38 PM