අද ගොවි පණත කියලා එකක් තියෙනවා ඒක බලපන් මචන්මන් මීට අවුරුදු කීපයකට කලින් කුඹුරු ඉඩමක් මිලදී ගත්ත. අදාල Land registery එකෙන් පත්තිරු ගත්තහම අන්තිමට අයිතිය මගේ නමට හැරවිලත් තිබ්බ. පස්සෙ ඒ කුබුර අදයට වැඩ කරපු අය ගොවිජන සේවා එකට පැමිනිලි කරල එයාලට නොදන්වා විකුනුව කියල. ගොවිජන සේවා එකෙන් ගොවි ජන විනිශ්චය සභාවකින් පරීක්ෂණයක් කරල එයාල කියනව විකුනපු එක ශුන්‍ය කරනව කියල. එතකොට මට අයිතිය නැති වෙලා ආයෙ මුල් අයිතිකාරයටම අයිතිය යනවලු.
මේකට මට මොකද කරන්ඩ පුලුවන් . ඉඩම විකුනපු කෙනා සල්ලි නැවත දෙන්ඩ කැමතිත් නෑ. මම කැමති කලින් හිටපු අද කරුවන් දිගටම අද කරුවන් ලෙස තියා ගන්ඩත්.ඒත් උන් කැමති නෑ මට අයිතිය තියෙනවට.
අද කරුවන් දැනුවත් කරන එක මගේ වගකීමකුත් නෙවේ. ඒක කරන්ඩ ඕනෙ විකුනුම් කරු. නමුත් අන්තිමට පාඩුව උනේ මට.

