ළමයි 5 දෙනාට සමසේ.
රජයේ ඉඩම් පවුලේ වැඩිමහල් දරුවට කතා හරි යන්නේ නැහැ.
මගේ යාලුවෙක්ට අක්කර 50 කට කිට්ටු ගානකට මේකට මුණ දෙන්න උනා. ඒ සිද්දිය සහ අන්තිමේදී ඉඩම් බෙදුන විදිය දන්නා නිසා කියන්නේ.
ඔබ හරි.
යම්කිසි කෙනෙක් අන්තිම කැමති පත්‍රයක් නොලියා මැරුණොත් දේපල බෙදෙන්නේ මෙහෙමයි.
1. ඒ කෙනා අවිවාහක නම් දේපලවල පූර්ණ අය්තිය ජීවතුන් අතර ඉන්න දෙමව්පියන්ට සමසේ බෙදෙනවා.
2. දෙමව්පියන් ජීවතුන් අතර නැත්තම් සහෝදර සහෝදරියන්ට අය්ති වෙනවා.සහෝදර සහෝදරියෝ නැත්තම් ලඟම ඥාතීන්ට අය්තිවාසිකමක් ලැබෙනවා.
3. විවාහක කෙනෙක් නම් වලංගු විවාහක බිරිදට 50% කුත් ළමයින්ට 50% කුත් සමසේ ජීවත්ව ඉන්න සියළු සුජාත දරුවන්ට ලැබෙනවා.රජයේ හෝ පෞද්ගලික භාවය අදාල නොවේ. අයිතිය පමණක් අදාල වේ.
4. ඉඩම රජයේ නම් එය ස්වර්ණභූමි හෝ ජයභූමි ඔප්පුවක්ද ?
5. ඒ ඉඩම් නම් විකුණන්න බෑ පවරන්න විතරයි පුළුවන්.