ඉඩිඅමින් බිලිගත් නයිදුවාවඩුගේ අවසන් ගමන
නූතන ඉඩිඅමින් බිලිගත් නයිදුවාවඩු මහතාගේ අවසන් ගමන
ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 06 වෙනි සෙනසුරාදා, 12:35 පසුගිය ජනවාරි 25 වැනිදා අලූයම 5.30ට පමණ අම්බලන්ගොඩ, පොල්වත්ත ප‍්‍රදේශයේදී, ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් ඇතුළු ආණ්ඩුවේ මැරයින් විසින් ම්ලේච්ඡ අන්දමින් පහරදීම හේතුවෙන් පෙබරවාරි මස 2 වැනිදා දහවල් 12.30ට පමණ අම්බලන්ගොඩ රෝහලේදී මිය ගිය ජනතා විමුක්ති පෙරමුණේ අම්බලන්ගොඩ නාගරික මන්ත‍්‍රී චන්ද්‍රදාස නයිදුවාවඩු මහතාගේ අවසන් කටයුතු ඊයේ (05) සිදු කෙරිණි. දහස් සංඛ්‍යාත ජනකායකගේ සහභාගීත්වයෙන් අම්බලන්ගොඩ, කලූවඩුමුල්ල නිවසින් පිටත් වූ අවමඟුල් පෙරහැර පඥ්ඥාලෝක මාවත, බටපොල පාර, මහඅම්බලන්ගොඩ පාර, ගාලූ පාර ඔස්සේ නගර සභා පොදු සුසාන භූමිය වෙත පැමිණියේය.
අවමගුල් උත්සවයේදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා,
චන්ද්‍රදාස නයිදුවාවඩු සහෝදරයා අව්‍යාජ විප්ලවවාදියෙක්. මරණය හමුවේ දුක් වෙන්න එපා කියලා ගෞරවණීය ස්වාමීන් වහන්සේලා දේශනා කළා. නමුත්, මෙවැනි ම්ලේච්ඡ ඝාතන නැති, සිනා මුසු මුහුණින් ජීවත් වෙන්න පුළුවන් සමාජයක් නිර්මාණය කරන්න අපි යන ගමනේදී අපට මිනිසුන් හමුවෙන්නේ ඉතා කලාතුරකින්. මේ සමාජයේ මිනිසුන් වැඩිපුරම යන්නේ වැරදි පාරේ. ඒ ගමනේදී අපට හමුවන ආදරණීය මිනිසුන් අතරමගදී ඇද වැටෙන කොට අපට දැනෙන වේදනාව බරපතළයි. අපට දැනෙන පාඩුව බරපතළයි. අපට දැනෙන පාලූව බරපතළයි. මෙලෙස රටට ආදරය කරන හොඳ මිනිසුන් රටට අහිමිවීම දරාගන්න අමාරුයි.
අප හමුවේ ඉන්නේ ස්වාභාවික මරණයකට ගොදුරු වූ මිනිසකු නොවෙයි. අදමිටු පාලකයින් විසින් ඝාතනය කරන ලද මිනිසෙක්. ඒ ඝාතකයින් පාලකයින් පසුපස සැඟවී සිටිනවා. සුබ අනාගතයක් පතමින්, ඝාතකයින් නඩත්තු කරමින්, මල්වට්ටි ගෙන සුදු වතින් සැරසී පන්සල් ගානේ යමින් ඉන්නවා.
මේක දේශපාලන ඝාතනයක්. පෞද්ගලික කරුණක් නිසා සිදු වූවක් නොවෙයි. තමන් විශ්වාස කළ දේශපාලනය වෙනුවෙන් තමන්ට පැවරුණු වගකීම ඉටු කරන්න යද්දී යකඩ පොල්ලකින් ගහලා මරා දමා තිබෙන්නේ. මේක ඉතාම අසාධාරණ ඝාතනයක්. නමුත් නීතියෙන් කරන්න පුළුවන් අවම දේ වුණු කටඋත්තරයක් ගැනීමවත් තවමත් සිදු කර නැහැ. සුබ අනාගතයක් පතන පාලකයින් තවමත් ඒක කරන්න සමත් වෙලා නැහැ.
අපි නීතියට වඩා යුක්තිය ගැන විශ්වාස කළා. විශ්වාස කරනවා. සාධාරණත්වය ගැන විශ්වාස කළා. විශ්වාස කරනවා. ව්‍යවස්ථා වගන්තිවල තිබෙන නීතියට වඩා සාධාරණ මිනිසුන්ගේ හදවත්වල තිබෙන යුක්තිය පිළිබඳව වූ හැඟිම බලවත් කියා අපි විශ්වාස කරනවා. ඒ නිසා යුක්තිය, සාධාරණත්වය ඉටු වෙයි කියා විශ්වාසයක් අපට තිබෙනවා. අපි ඒ විශ්වාසය ඔස්සේ ඉදිරියට යනවා.
චන්ද්‍රදාස නයිදුවාවඩු සහෝදරයා අපෙන් උදුරා ගත්තත් ඔහුගේ අරමුණු, බලාපොරොත්තු නිහඬ කරන්න බැහැ. ඒක අපි සතුරාට කිව යුතුයි. සතුරන් හිතන්නේ මෙවැනි සාධාරණ මිනිසුන් ඝාතනය කොට අසාධාරණය, අයුක්තිය හැමදාම සමාජයේ තියාගන්න නම් ඒක කරන්න ලැබෙන්නේ නැහැ.
තව මිනිත්තු කිහිපයකින් අපි ඔහු තනි කර දමා යනවා. නමුත් අපි සහතික වෙනවා මෙහි දමා යන්නේ ඔහුගේ නිහඬ සිරුර පමණයි. ඔහුගේ අධිෂ්ඨානය, කැපවීම, යහපත් සමාජයක් හැදීම වෙනුවෙන් වූ උත්තරීතර අරමුණු අපි අපේ හදවත්වලින් රැගෙන යනවා. ඔහුගෙන් හිස්වූ අරගල බිම, අපි ඔහුගෙන් රැගෙන යන ශක්තියෙන් පුරවනවා.
මේක ශිෂ්ඨ සම්පන්න සමාජයක් නම් දැන්වත් නීතිය ක‍්‍රියාත්මක විය යුතුයි. ඝාතකයින් කවුද කියා පොලිසිය දන්නවා. ජනධිපති ආරක්‍ෂක ඒකකයේ පිරිස් විසින් මේ ඝාතනය කළ බව කවුරුත් දන්නවා. නීතිය ඉටු කරන්න කියා අපි පොලිසියටත් ආණ්ඩුවටත් බල කරනවා. ඒක කොහොම වුණත් අපි ඔහු වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න කටයුතු කරනවා.
තව කොපමණ කලක්, මෙවැනි සාධාරණ මිනිසුන් අපට අහිමි වූ පසු ඔවුන් ඉදිරියේ ගුණ කතන කරමින් සිටිමුද? ඊළඟ ගොදුර කවුදැයි නොදැන තව කොපමණ කලක් සිටිය යුතුද? මේ ඝාතන සංස්කෘතියට, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමනට තිත තැබිය යුතුව තිබෙනවා. මියගිය සගයා තමන්ගේ වගකීම ඉටු කර මිය ගියා. ජීවත්ව සිටින අපි අපේ වගකීම ඉටු කළ යුතුයි.
ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික චන්ද්‍රසේන විජේසිංහ මහතා
චන්ද්‍රදාස නයිදුවාවඩු කියන්නේ තමන් සතු සියලූ හැකියාවන් යහපත් සමාජයක් නිර්මාණය කරන්න යෙදවූ අසාමාන්‍ය මිනිසෙක්. මිනිස් පරපුරට අසීමිත ලෙස ආදරය කළ මානව හිතවාදියෙක්. ගෙදර ඇති කරන සතකුටවත් සැර කරන්නේ නැති මිනිසෙක්. මේ මිනිස් ගඟ අද මෙතනට ආවේ ඔවුන් ඔහුට ආදරය කරන නිසා.
ඔහුට වුණු අසාධාරණය පොලිස්පොතේ ලියන්නවත් අවස්ථාවක් ලැබුණේ නැහැ. අඩුම තරමින් මාරාන්තික තුවාල ලබා සිටි ඔහු රෝහලට ගෙන යන්නවත් සූදානමක් තිබුණ් නැහැ. මේ වන විට ඔහුට පහරදී දින 12ක් පමණ ගත වෙලා තිබෙනවා. තවමත් ඝාතකයින් අත්අඩංගුවට ගන්න කටයුතු කර නැහැ.
දේශපාලනයේදී මිනිසුන් මරා දමන්නේ අනෙකා පරාජය කරන්න බැරි වූ දුර්වලයින් විසිනුයි. චන්ද්‍රදාස නයිදුවාවඩු කියන්නේ පරාජය කළ නොහැකි මිනිසෙක්. ඔහු නිහඬ කළත් ඔහුගේ ප‍්‍රාර්ථනා පරාජය කරන්න කිසිවකුටත් හැකියාවක් ලැබෙන්නේ නැහැ.
පූජ්‍ය අත්තංගනේ රතනපාල නාහිමි
මිනිසකුගේ ජීවිතයේ තිබිය යුතු ප‍්‍රධාන ලක්‍ෂණ දෙකක් ගැන බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා. පළමු ලක්‍ෂණය තමයි ලබා ගත් ජීවිතයට වටිනාකමක් ලබා දෙන්න. දෙවැනි එක තමන්ගේ චරිතාදර්ශය සමාජය යහපත් කරන්න, සමාජය වෙනස් කරන්න යොදාගන්න. මේ චරිත ලක්‍ෂණ දෙකම හොඳින්ම තිබුණු කෙනෙක් තමයි චන්ද්‍රදාස නයිදුවාවඩු මහතා. ඒ බුද්ධ වචනයට අනුව ජීවත් වූ කෙනෙක්.
පූජ්‍ය විලේගොඩ අරියදේව නාහිමි
ඔහු නිදිවරාගෙන කැපවීමෙන් වෙහෙසී කටයුතු කළේ තමන් වෙනුවෙන් නොවෙයි. තමන්ටත් බිරිඳටත් ලැබෙන වැටුපෙන් හොඳ මධ්‍යම පාන්තික ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තිබුණත් ඔහු එසේ කළේ නැහැ. ඔහු ඉතා අහිංසක පුද්ගලයෙක්. මම ඔහුව හඳුන්වන්නේ අහිංසක විප්ලවවාදියෙක් ලෙසයි. අපට තවමත් හිතා ගන්න බැරි ඔහුට මෙවැනි ඉරණමක් උරුම කළේ ඇයි?
ජනතා විමුක්ති පෙරමුණේ ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර මහතා පිළිගැනීමේ කතාව සිදු කළ අතර අම්බලන්ගොඩ නගර සභාවේ විපක්‍ෂ නායක (එ.ජා.ප.) ජයන්ත මහතා, අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ විදුහල්පති සුමතිපාල මහතා ඇතුළු පිරිසක්ද අදහස් දැක්වූහ.
නූතන ඉඩිඅමින් බිලිගත් නයිදුවාවඩු මහතාගේ අවසන් ගමන
ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 06 වෙනි සෙනසුරාදා, 12:35 පසුගිය ජනවාරි 25 වැනිදා අලූයම 5.30ට පමණ අම්බලන්ගොඩ, පොල්වත්ත ප‍්‍රදේශයේදී, ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් ඇතුළු ආණ්ඩුවේ මැරයින් විසින් ම්ලේච්ඡ අන්දමින් පහරදීම හේතුවෙන් පෙබරවාරි මස 2 වැනිදා දහවල් 12.30ට පමණ අම්බලන්ගොඩ රෝහලේදී මිය ගිය ජනතා විමුක්ති පෙරමුණේ අම්බලන්ගොඩ නාගරික මන්ත‍්‍රී චන්ද්‍රදාස නයිදුවාවඩු මහතාගේ අවසන් කටයුතු ඊයේ (05) සිදු කෙරිණි. දහස් සංඛ්‍යාත ජනකායකගේ සහභාගීත්වයෙන් අම්බලන්ගොඩ, කලූවඩුමුල්ල නිවසින් පිටත් වූ අවමඟුල් පෙරහැර පඥ්ඥාලෝක මාවත, බටපොල පාර, මහඅම්බලන්ගොඩ පාර, ගාලූ පාර ඔස්සේ නගර සභා පොදු සුසාන භූමිය වෙත පැමිණියේය.අවමගුල් උත්සවයේදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා,