ඉතාලියේ වෙසෙන යක්ක පුතුන්

Sailor90

Well-known member
  • May 12, 2021
    302
    556
    93
    ඉතාලියේ නේපල්ස් නගරයේ 44 හැවිරිදි ශ්‍රී ලාංකිකයකුට තියුණු ආයුධයකින් ඇන තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 41 හැවිරිදි ලාංකිකයකු ඉතාලි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
    කාන්තාවකගේ ප්‍රේමය සම්බන්ධ ගැටලුවක් මෙම ඝාතන තැතට හේතුවී තිබේ.


    එරට මාධ්‍ය වාර්තා කරන ආකාරයට පහරකෑ ලාංකිකයාගේ බෙල්ලට පපුවට සහ දකුණු කලවට තුවාල සිදුව ඇත.
    තුවාල ලැබූ තුවාලකරු රෝහල් ගත කර ඇති අතර සැකපිටඅත්අඩංගුවට ගැනුණ ලාංකිකයා ඉතාලියේ නීති විරෝධීව රැඳී සිටින බවට තහවුරුවී නිවාසයක් නැතිව පාරේ ජීවත්වෙමින් සිටි අයෙකු බවද පැවසේ.
    සැකකරුට එරෙහිව මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා ගොනු කර තිබේ.

    තුවාල ලද පුද්ගලයා පෙලෙග්‍රිනි රෝහල වෙත යොමු කර ඇති අතර වෛද්‍ය නිරීක්ෂණ යටතේ සිටී.