නවසීලන්තයේ සුපිරි වෙළෙඳසැලකට ඇතුළු වී එහි සිටි පිරිසකට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් සිදුකළ ශ්‍රී ලාංකිකයාගේ තොරතුරු අනාවරණය කර තිබේ.
ඊයේ (03) නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳසැලකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි සිටි පිරිසකට තියුණු ආයුධයකින් පහරදුන් අතර එහිදී පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ, සම්බන්ධයෙන් නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ඊයේ ප්‍රකාශයක් කළ අතර එහිදී ඇය සඳහන් කළේ දැඩි අන්තවාදියෙකු වන එම පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු බවය.
එසේම එම පුද්ගලයා අයි එස් මතවාදය සහිත අයෙක් බව ද නවසීලන්ත බලධාරීන් පැවසීය.
ඒ අනුව, නවසීලන්ත ආරක්ෂක අංශ අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ අතර ඔහු නවසීලන්තයට පැමිණීමෙන් අනතුරුව අයි.එස් සංවිධානයට සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
32 හැවිරිදි වියේ පසුවූ ඔහු මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මොහොමඩ් සම්සුදීන් අදිල් නමැති පුද්ගලයෙකු බවට මේ වන විට මෙරට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත.
එම පුද්ගලයා 2011 වසරේදී ශිෂ්‍ය වීසා මත නවසීලන්තට ගොස් තිබේ.
අන්තවාදය පැතිරවීම, තියුණු ආයුධ ළඟ තබාගැනීම, කෘෘරත්වය ප්‍රවර්ධනය කිරීමේ ආදී චෝදනා හේතුවෙන් 2016 වර්ෂයේ සිට නවසීලන්ත ආරක්ෂක අංශ ඔහු පිළිබඳව දැඩි අධීක්ෂණයකින් සිට ඇත.
2017 වර්ෂය වන විට එරට ආරක්ෂක අංශ සම්සුදීන් අදිල්ට එරෙහිව චෝදනා 23ක් ගොනු කර තිබේ.
කෙසේවෙතත් සම්සුදීන්ගේ නම මේ වන තෙක් නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.
Added -
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ ඊයේ (03) පිහිඇනුම් සිදුකළ අයිඑස් මතධාරී ශ්‍රී ලාංකිකයා මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ ඉපදී කොළඹ ප්‍රධාන පෙළේ පාසලකින් අධ්‍යාපනය ලැබූවකු බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ.
මේ අතර ඔහු සිදුකළ අදාළ පිහි ප්‍රහාරය සමග නව ත්‍රස්ත විරෝධී සැලසුම් නීතියක් සම්මත කිරීමට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් මහත්මිය තීරණය කර ඇති බව වාර්තා විය.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේදී ඊයේ පුද්ගලයින් 7දෙනෙකුට පිහිඇනුම් සිදුකළ ශ්‍රී ලාංකිකයා වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් ජාතිය අමතමින් සඳහන් කළේ ප්‍රහාරකයා අයි.එස්. මතවාදියෙකු බවය.
අද විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූ ඇය මේ මස අවසන්වීමට පෙර නව ත්‍රස්ත විරෝධී පනතක් ගෙනඑන බව ප්‍රකාශ කළාය.
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් මහත්මිය, “මම පොරොන්දු වෙනවා පාර්ලිමේන්තුව නැවත ආරම්භ වූ විගස එම වැඩ කටයුතු අවසන් කරන්න. හැකි ඉක්මනින් මෙම නීතිය සම්මත කර ගන්නා අතර මේ මාසය අවසන් වීමට පෙර එය අවසන් කරනවා. “
මේ වනවිට ප්‍රහාරය සිදුකළ ශ්‍රී ලාංකිකයා, මොහොමඩ් සම්සුදීන් අදීල් නම් 31 හැවිරිදි මෙම පුද්ගලයා කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු 1990 දී සිය පියා සමග කොළඹ මරදානේ පදිංචියට පැමිණ තිබේ.
කාත්තන්කුඩි පාසලකින් මුලික අධ්‍යාපනය ලැබු මොහොමඩ් සම්සුදීන් පසුව කොළඹ ප්‍රධාන පෙළේ පාසලකින් අධ්‍යාපනය ලබා අතැයි හෙළිවිය.
මොහු නවසීලන්තයට සංක්‍රමණය වී ඇත්තේ, 2011 වසරේදීය.
එරට ආරක්ෂක අංශ S ලෙසින් නම් කරන ලද එම පුද්ගලයා පිහි ප්‍රහාරය එල්ල කිරීමට පෙර එක් වතාවක් නවසීලන්ත ආරක්ෂක අංශ අත්අඩංගුවටපත්ව තිබුණි.
ඒ, විශාල පිහි මිලදීගැනීම් සහ අයි.එස් සංවිධානයට සම්බන්ධ වීඩියෝ පරිහරණය කිරීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් සහ අයි.එස් මතවාදය මුහුණු පොත හරහා ව්‍යාප්ත කිරීම හේතුවෙනි.
ඒ අනුව, මෙම ශ්‍රී ලාංකිකයා නවසීලන්ත ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට 2016 දී කරුණු අනාවරණය වීමත් සමග සන්නද්ධ ආරක්ෂකයින් පිරිසක් ඔහු නිරන්තරයෙන් නිරීක්ෂණය කර තිබේ.
ඊයේ ඕක්ලන්ඩ් නුවරදී පිහි ප්‍රහාර එල්ල කරන අවස්ථාවේදී සැකකරුට වෙඩි තබා තිබුණේ නිරීක්ෂණ කටයුතුවල නිරත ව සිටි පොලිස් නිලධාරීන් විසිනි.
http://sinhala.adaderana.lk/news/157207/ශ්‍රී ලංකාව-අපකීර්තියට-පත්කළ-කාත්තන්කුඩියේ-මොහොමඩ්-අදිල්

Last edited: