ඉතාලි ජාතිකයා තම්බන්න බැරිවේ
http://www.lankadeepa.lk
ඉතාලි ජාතික ඇලෙක්සැන්ඩර් ලුපොලි රෝමයේ ලෝරන්ස් කුරේරා මහතාට අයත් සොලෝ ජියාජ්ජෝ ආයතනයේ වසර තුනක් සේවය කරන්නෙකි. රෝමයේ ශ්‍රී ලාංකික ගුවන් ටිකට් පත් ශේෂ්ත්‍රය තුල වසර දහයක් පුරාවට සේවය කර ඇති ඇලෙක්සැන්ඩර් හොඳට සිංහල දනී. පස් වතාවක් ශ්‍රී ලංකාවට ගොස් ඇති ඇලෙක්සැන්ඩර් ඒ එක් වතාවක සිදු වූ අපුරු සිදුවීමක් එසැණට මෙසේ පවසීය. ලංකාවේ සමහර ත්‍රි රෝද රථ රියදුරන් හරිම කපටි. සුදු හමක් දැක්කොත් ගාන කපන්නමයි බලන්නේ. මම ලංකාවට ගිය වතාවක කොළඹ සිට බසයේ කළුතරට ගියා. ඒ ගියේ මගේ ලංකාවේ යාළුවෙක්ගෙ ගෙදර යන්න. මම එක වතාවක් එහේ ගිහින් තියෙනවා. කළුතරින් බැහැපු මම ත්‍රි රෝද රථ නැවතුමකට ගිහින් ලිපිනය දීලා කියක් යනවද කියලා ඉංග්‍රීසියෙන් ඇහැව්වා. ඔන්න කට්ටිය කතා කරන්න පටන් ගත්තා.
එක්කෙනෙක් කියනවා, මු සුද්දෙක්නේ කපමු පන්සියක් කියලා. තව අයෙක් කියනවා මුගේ පර්ස් එක බර වැඩියි බන් හයසීයක් හත්සියක්ම ඇදලා ගමු කියලා. ඔය අතර තරමක් සාධාරණ අයත් හිටියා. සුද්දන් එන හින්දනේ මචන් අපේ රට මේ තරම් වත් අල්ලලා තියෙන්නේ ඒක නිසා අපි පොඩි ගාණක් කපමු කියලා. මේ අය දන්නේ නැහැනේ මට හොදට සිංහල පුළුවන් කියලා. ඔක්කොම අහගෙන හිටපු මම මෙහෙම කිව්වා. අයියලා මල්ලිලා පිස්සු කෙලින්න එපා. ඕන නම් රුපියල් එකසිය පනහක් දෙන්නම් කියලා

මම කියනවත් එක්කම කට්ටියට තරු විසි වුණා,

කීප දෙනෙක් මාරු වුණා. අන්තිමට එක රියදුරෙක් රුපියල් හැත්තෑ පහකට මා නියමිත තැනට ගිහින් දැම්මා. 

Last edited:

ඕකුන් උන්ගේ රටවල බස් එකේ කිලෝමීටරයක් ගියත් යූරෝ 2ක් වියදම් වෙනව. ටැක්සියක ගියොත් අවමේ යූරෝ 30යි. ලංකාවට ආවහම තමයි මුන්ට පිස්සු හැදෙන්නේ. උන්ගේ පැත්තෙන් සාධාරන වුනත් ඔය වහේ හිඟන්නෙක් ඇවිත් යූරෝ 100ක් වියදම්කරල යන එකෙන් රටට ඇති වැඩක් නෑ.........