ඉතාලි මාෆියා ඉවරයි! දැන් ඉදියන් මාෆියා ලොකෙ පුරා!

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    622875229_1300296078795316_6426251440876307588_n.jpg


    ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නව නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කෙරේ!​

    යුරෝපීය මෝටර් රථ, වයින්,චොකලට් හා සේවා ඇතුළු බොහෝ අංශවල තීරුබදු අඩු කරන හා ඉන්දියාවේ එහි රෙදිපිළි සහ ඖෂධ සඳහා යුරෝපයට වඩා හොඳ ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා වූත් නව නිදහස් ගිවිසුමක් දෙරට අතර ජනවාරි 27 වනදා අත්සන් කරනු ලැබූ බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. දශක දෙකක අඛණ්ඩ සාකච්ඡා වලින් පසු දෙපාර්ශ්වයම එක්සත් ජනපදය සමඟ වඩාත් සියුම් සබඳතාවලින් ආරක්ෂා වීමටත් චීනයේ වෙළඳ අධිපත්‍යයට මුහුණ දීම සඳහාත් මෙම ගිවිසුම අත්සන් කිරීම යුහුසුළු වූ බව විදේශ වාර්තා තවදුරටත් පෙන්වා දේ.

    “ඊයේ ජනවාරි 26 දා යුරෝපීය සංගමය සහ ඉන්දියාව අතර ප්‍රධාන ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. යුරෝපය සහ ඉන්දියාව අද ඉතිහාසය අළුතෙන් නිර්මාණය කර තිබෙනවා. අපි දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ලබා දෙන බිලියන 2 ක ජනතාවකගේ නිදහස් වෙළඳ කලාපයක් මේ අනුව නිර්මාණය කර තිබෙනවා. එය ලෝක ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) ආසන්න වශයෙන් 25% ක් සහ ගෝලීය වෙළඳාමෙන් තුනෙන් එකක් ආවරණය කරනු ලබනවා” යයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

    Link