ඉතින් ඊට පස්සේ

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඉතින් ඊට පස්සේ

    ඉතින් ඊට පස්සේ

    “මම ඊයෙ රෑ කවුදෝ ගෑනු කෙනෙක්ව හීනෙන් දැක්කා. හරියට අඳුරගන්ඩ බැරි වුණු හින්දා කණ්ණාඩි දෙක දාගෙන ආයෙත් නිදා ගත්තා.” රැවුල කපමින් සිටි හේමන්ත තම බිරියට කීවේ ය.
    “ඉතින් මට මොනවද කියන්නෙ?” චම්පා ගස්සමින් කීවා ය.
    “නෑ ළමයො කණ්ණාඩි දෙක දා ගත්තයින් පස්සෙ දැක්කෙ ඒ ඔයයි කියල” හේමන්ත එවර කීවේ සිනාසෙමිනි.
    “ඉතින්...?” උද්දාමයට පත් චම්පා උනන්දුවෙන් ඇසුවා ය.
    “ඉතිං මං කණ්ණාඩි දෙක ගලවලා දාලා ආයෙත් නිදාගත්තා” හේමන්ත කීවේය.

    :lol:
    :lol:

    හතර දෙනෙක්


    “මගේ පෞද්ගලික ලේකම් විදියට දැනට ඉන්න කවුරුවත් ගැළපෙන්නෙ නෑ. අලුතින් ම ගෑනු ළමයෙක්ව ගන්න ඕනෑ” අලුතින් පත්ව ආ සභාපතිවරයා සංස්ථාවේ සේවක මඩුල්ල කාර්යාලයීය ශ්‍රවණාගාරයට කැඳවා පැවැත්වූ රැස්වීමෙන් අනතුරුව සංස්ථාවේ පිරිස් කළමනාකරු කැඳවා පැවසීය.

    “එයාට හොඳට මොළේ තියෙන්ඩ ඕනෑ. මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් වෙන්ඩත් ඕනෑ. ප්‍රියමනාප, ලස්සන කෙනෙක් වෙන්ඩ ඕනෑ. ඒ වගේ ම යහපත් චරිතයක් තියෙන්ඩත් ඕනෑ.” අවශ්‍ය තැනැත්තිය කෙබඳු අයකු විය යුතු දැයි සභාපතිවරයා පැහැදිලි කළේ ය.
    “එහෙම නං සර්, හතර දෙනෙක් ම ගමු” පිරිස් කළමනාකාරවරයා කීවේය.


    :oo:


    ඕකෙ මොනවද?


    අඛිලා විවාහයෙන් පසු තම සැමියා සමඟ ඔහුගේ අලුත් කාරයේ සවාරියක් ගියා ය. ඔවුන් දෙදෙනා එසේ යද්දී එක් සවසක ජනශුන්‍ය කැලෑබද පාරක් ඔස්සේ යමින් සිටියදී එක්වරම මෝටර් රථය අතරමග ඇනහිටිණ.

    “පෙට්රල් ඉවරවෙලා?” දර්ශන පසුතැවිල්ලක සේයාවක් මුහුණට නංවා ගනිමින් අඛිලා දෙස බලා කීවේ ය.
    “මං හිතුවා ඔයාගෙ නොසැලකිල්ලෙ හැටියට ඔය ටික වෙයි කියල” එසේ කී අඛිලා පිටුපස අසුනේ තිබූ බෑගයකින් විශාල ප්ලාස්ක් එකක් එළියට ගත්තා ය.
    “මොනවද ඕකෙ, තේ ද කෝපි ද? දර්ශන උණුවෙන් යමක් බීමේ පිපාසයෙන් ඇසීය.
    “නෑ පෙට්රල්” අඛිලා කීවාය.


    :dull:


    කාර් ගැන කතා

    දර්ශන අලුතින් මෝටර් රථයක් මිලදී ගැනීමට සිතුවේ ළඟ ළඟ එන තම විවාහයේ අවශ්‍යතා නිසා මෙන් ම තම සිහිනයක් සැබෑ කර ගැනීමේ අටියෙනි. ඔහු අලුත් මෝටර් රථයෙන් ගොස් තම අනාගත බිරියගේ නිවෙස ඉදිරිපිට එය නවත්වා බිමට බටුයේ සිනාවක් මුවඟට නංවා ගනිමිනි.

    තම අනාගත බෑණාගේ අලුත් ම මෝටර් රථය දැකීමෙන් උදම් වූ මාමණ්ඩි මෙසේ ඇසී ය.
    “ගැලුමට කීයක් වැඩ කරනවද පුතා?”
    “අල්ලපු ගෙදර එකට වඩා අලුත් නේද?” එය ආශාවෙන් අතගා බැලූ නැන්දම්මා ඇසුවා ය.
    “කොච්චර හයියෙන් යන්ඩ පුළුවන්ද? ඉදිරිපස අසුනේ වාඩි වී සුක්කානම කරකවා බැලූ බාල මස්සිනා ඇසීය.
    “මුන්ට මේ හදිස්සියෙ කාර් එකක් ගන්ඩ සල්ලි හම්බවුණේ කොහෙන්ද අනේ! අල්ලපු ගෙදර බිරිය වහා දුවවිත් ඉදිරිපස දොර මඳක් විවර කර බලා ඉරිසියාවෙන් කට ඇද කර තම සැමියාගෙන් ඇසුවා ය.


    :frown:


    නිදහස ඇහිරීම


    “තමුසෙට හිතා ගන්ඩ පුළුවන් ද දෙවියන් වහන්සෙ ‘ඒව‘ මවන්ඩ කලින් ‘ආදම්’ ව මැව්වේ ඇයි කියල.” සාලිය සෙනසුරාදා උදේ තම මිතුරු දයානන්ද ගේ නිවෙසට ගොස් කතා බහ කරමින් සිටියදී ඇසීය.

    “මොකෝ බැරි? ආදම්ට ටික දවසක් හරි නිදහසේ යමක් කියන්ඩ, කරන්ඩ ඉඩක් දෙන්න ඕන හින්දනෙ” දයානන්ද කීවේ කුස්සිය පැත්ත දෙස හොරැහින් බලමිනි.


    :lol:


    මට ප්‍රශ්නයක් නෑ


    පාපන්දු තරග මාලාවේ පළමු වටයේ ආරම්භක තරගයේ දී ම තරග විනිශ්චයකරු හට අසීරුතා රැසකට මුහුණ දීමට සිදුවිය. ඔහුගේ තීරණයක් පිළි නොගත් එක් පිලක තරගකරුවෙක් ඔහු හා වාදයකට පැටලුණි. තවත් අවස්ථාවක අනෙක් පිලේ තරගකරුවෙක් ඔහුට පහර දෙන්නට පැනගෙන ආවේ ය. තරගයේ එක් තීරණයක දී නරඹන්නෝ නොනවත්වාම විනිසුරුවරයාට හූ කීවෝ ය.

    තරගය අවසානයේ ඔහු ආපසු නිවෙස බලා ගියේ තරගය නැරඹීමට පැමිණි තම බිරිය ද සමඟ ය. වාහනය පදවමින් ම ඇය දෙස බැලූ හෙතෙම මෙසේ කීවේ ය.
    “මේ තරග බලන්න ඔයා නො එනවා නම් තමයි හොඳ. හැමෝම මට හූ කියන කොට ඔයාටත් ඒක ලැජ්ජාවක් නේද?”
    “නෑ, මට නං ඒකෙ ගාණක් නෑ. මොකද මමත් ඔයාට හූ කිව්වනෙ” බිරිය ගණනකට නැතිව කීවා ය.

    :baffled:


    silumina