ගුවන් යානා 130 කට අධික සංඛ්‍යාවක් මෙහෙයවන ඉතියෝපියානු ගුවන් සේවය 100% ඉතියෝපියානු රජය සතුවන අතර ලෝකයේ සාර්ථකම ගුවන් සේවයක් ලෙස මේ වන විට පත්ව ඇත. පසුගිය 2022 වසරේ ඩොලර් බිලියන 6 කට අධික ආදායමක් සහ ඩොලර් මිලින 938ක ලාභයක් ඉපයූ තරු හතරේ ගුවන් සමාගමක් ලෙස මේ වන විට මැද පෙරදිග ගුවන් සේවා සමග තරග කර සාර්ථකව ගමනාන්ත 131 ට සේවා ලබා දෙයි. ඉතියෝපියානු රජය මගින් පාලනය වන මෙහි සාර්ථකත්වයේ ප්‍රධානම ලක්ෂණය ලෙස ප්‍රචලිත වී ඇත්තේ ගුවන් යානයකට අවම සේවක සංඛ්‍යාවක් සහ කාර්යක්ෂම පරිපාලනයක් සහිතව එරට රජය ප්‍රතිපත්ති හා නීති මඟින් සියයට සියයක්ම මෙය වාණිජ අරමුණු වෙනුවෙන් භාවිතා කිරීමයි. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 2022 වර්ෂයේදී ලැබූ අලාභය ඩොලර් මිලියන 525 කි.