එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට ඇමරිකාවේ නිව්යෝක් නුවරට ගොස් ඇති අතර එහිදී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.
මෙම සමුළුව සඳහා සහභාගී වීමට ජනාධිපතිවරයා සමග ගොස් ඇත්තේ තිදෙනෙකු පමණි. ඒ අනුව මෙවර එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගී වන්නේ මෙරට ඉතිහාසයේ අඩු ම දූත පිරිස බව වාර්තා වේ.
ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මෙම සංචාරයට එක්ව ඇත්තේ ඇගේ පෞද්ගලික වියදමින් වන අතර ජනාධිපතිවරයාගේ පළමු නිල විදෙස් සංචාරය මෙය වන අතර කොවිඩ් තත්ත්වය නිසා සිය මුනුපුරා බැලීම සඳහා යාමට තිබූ පෞද්ගලික සංචාරය ද අවලංගු කර ඇත.