ඉතිහාසයේ අසාර්ථකම වර්ජනය

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    ඉතිහාසයේ අසාර්ථකම වර්ජනය

    UNP ,JVP වැඩේ අයෙත් අනාගෙන වගේ...........................මිනිස්සු විදුලි බිල වැඩි කල එකට මල පැනල ඉන්නේ. එත් ගොබ්බ විපක්ෂය සංවිදානය කරපු මේක ප්‍රතික්ෂේප කරලා
    :rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P

    වෘත්තීය සමිති එකමුතුව විසින් මෙම වර්ජනය සංවිධානය කළ අතර ඔවුන් දැනුම් දී තිබුණේ ඊයේ (21) දිනයේ රට පුරා මෙම වර්ජනය දියත් කරන බවයි. නමුත් රජයේ සියලුම අමාත්‍යංශ දෙපාර්තමේන්තු, මණ්ඩල, අධිකාරි ඇතුළු සියලුම ආයතනවල ෙදෙනික කටයුතු කිසිදු බිඳ වැටීමකින් තොරව ඊයේ (21) පැවැති බව එම ආයතනවල ප්‍රකාශකයින් අප කළ විමසුමකදී පැවැසීය.
    විශේෂයෙන් අධ්‍යාපන, සෞඛ්‍ය, විදුලිය යන ක්ෂේත්‍රවල මෙම වර්ජනයට මූලික වන බව වෘත්තීය සමිති එකමුතුව දැනුම් දී තිබුණද දිවයින පුරා සියලුම පාසල්වල ෙදෙනික අධ්‍යාපන කටයුතුද, රෝහල්වල සේවාවන්ද, විදුලිය සේවාවන්ද ඊයේ (21) සාමාන්‍ය පරිදි සිදුවිය.
    වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කළ උද්ඝෝෂණ කිහිපයක් ඊයේ (21) දිවයින පුරා පැවැති නමුත් ඒ සඳහා විශාල පිරිසකගේ සහභාගිත්වයක් නොවූහ. අත්පත්‍රිකා බෙදාහැරීම්ද පැවැති නමුත් ඒ තුළද දැකගත හැකිවූයේ ඇල්මැරුණු ස්වභාවයකි.
    විශේෂයෙන් මෙම වර්ජන ක්‍රියාවලිය සාර්ථක වර්ජනයක් නොවූයේ ‍පොදු ප්‍රවාහන සේවා මේ සඳහා දායක වී නොසිටීමයි. දුම්රිය සහ ලංගම සේවාවන් ඊයේ (21) සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ අතර පෞද්ගලික බස් රථද වෙනදා මෙන් ධාවනය විය.
    ෙදෙනිකව ලංගම උපයන ආදායමට වඩා ඊයේ (21) දිනයේ ලංගම ආදායම ඉහළ ගිය බවද ශ්‍රී ලංගම සභාපති ශෂී වෙල්ගම මහතා දැනුම් දුන්නේය. ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයින් ලංගම සේවකයින්ට රාජකාරියට නොපැමිණෙන ලෙස දැනුම් දී තිබුණද බහුතරයක් ලංගම සේවකයින් ඊයේ (21) දිනයේ සේවයට වාර්තා කර ඇත.

    ලසන්ත වීරකුලසූරිය, පානුක රාජපක්ෂ

    /////////////////////////////////////////////
    විදුලිය කපාගෙන හෝ
    රට රැක ගැනීමට ජනතාව සූදානම්

    අනුර බාලසූරිය

    එක්‌තරා සුළු පිරිසකගේ වුවමනාවන් මත ඊයේ (21 දා) ක්‍රියාත්මක කරන ලද වැඩවර්ජනය මේ රටේ මෙතෙක්‌ කෙරුණු වර්ජනවලින් ඉතා අසාර්ථකම වර්ජනය බවට ඉතිහාසගත වනු නියත යෑයි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම්බන්ධීකාරක හා යුක්‌තිය උදෙසා ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු එස්‌. අමරසිංහ මහතා පැවසීය.

    එමෙන්ම මෙය ශ්‍රී ලාංකීය වැඩවර්ජන ඉතිහාසයේ කම්කරු පංතිය අතරමං කළ මහා පාවාදීම වශයෙන් ද ඉතිහාසයට එක්‌වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    විදුලිය බිලට මුවා වී ඊයේ (21 දා) ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ කුමන්ත්‍රණකාරීන් සුළු පිsරිසකගේ ප්‍රොaඩාකාරී වැඩපිළිවෙළට මේ රටේ වැඩකරන ජනතාව හවුල් නොවූ බව පැවසූ අමරසිංහ මහතා, රටට ආදරය කරන ජනතාව ෙද්‍රdaහීන්ට පාඩමක්‌ උගන්වන්න වෙනදාටත් වඩා සේවාස්‌ථාන වෙත වාර්තා කර පෙන්වූ බව පැවසීය.

    විදුලිය බිල වැඩි වනවාට කිසිවකු කැමති නැති නමුත් ෙද්‍රdaහීන් රටට එරෙහිව කුමන්ත්‍රණ කරනවාට දේශප්‍රේමී ජනතාව අකමැති බැවින් විදුලිය කපාගෙන හෝ රට ආරක්‍ෂා කිරීමට ඔවුන් සූදානම් යෑයි හෙතෙම සඳහන් කළේය.

    රටේ කිසිදු තැනක වර්ජනයක්‌ නොමැති බවත් කඩ සාප්පු විවෘත වී බස්‌, දුම්රිය, සෞඛ්‍ය, විදුලිය, ජල සැපයුම ආදී සෑම ක්‍ෂේත්‍රයකම සේවා වෙනදාටත් වඩා කාර්යක්‍ෂමව රට පුරා ක්‍රියාත්මක වූ බවත් කීවේය.

    ජනාධිපතිතුමා ගෙන යන රට ඉදිරියට ගෙන යැමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට රටට ආදරය කරන කිසිදු සේවකයකු ඊයේ (21 දා) පාරට බැස්‌සවීමට නොහැකි වූ බව ද අමරසිංහ මහතා පැවසීය.

    රජයේ සංවර්ධන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ අරමුණින් හා රට තුළ අනවශ්‍ය භීතියක්‌ ඇතිකර රටේ ස්‌ථාවරභාවයට හානි කිරීමට ඇතැම් රාජ්‍ය විරෝධී කණ්‌ඩායම් හා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ වර්ජනය අසාර්ථක බවත් අනෙකුත් දිනවල රජයේ සේවකයන්ගේ සාමාන්‍ය පැමිණීම සියයට 90 ක්‌ වුවත් ඊයේ සියයට 93.5 ඉක්‌මවා සේවයට පැමිණ සිටි බවත් ආණ්‌ඩුව නිවේදනය කරයි.

    යූ. එන්. පී., ඡේ. වී. පී. හා ටී. එන්. ඒ. හවුල එක්‌ව කන්දක්‌ විළිලා මී පැටියෙක්‌ වැදුවා යෑයි ඊයේ (21 දා) පැවති වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ඩබ්ලිව්. එච්. පියදාස මහතා සඳහන් කළේය.

    ඉතිහාසයේ මෙතරම් වැඩ කළ ආණ්‌ඩුවකට එරෙහිව මේ රටේ වැඩකරන ජනතාව පාරට බැස්‌සවීමට නොහැකි බව ඊයේ දින මනාව පෙන්වූ බව සඳහන් කළ පියදාස මහතා රටට එරෙහි බලවේග මෙමගින්වත් පාඩමක්‌ ඉගෙනගෙන දැන්වත් රජයේ සංවර්ධන වැඩපිළිවෙළට සහයෝගය දැක්‌විය යුතුව ඇතැයි පැවසීය.

    රට පුරා රෝහල්වල සෞඛ්‍ය සේවා කටයුතු කිසිදු බාධාවකින් තොරව වෙනදාටත් වඩා හොඳින් සිදුකෙරුණු බව සෞඛ්‍ය ලේකම් නිහාල් ජයතිලක මහතා සඳහන් කරයි.

    ඇතැම් පිරිස්‌ වැඩ වර්ජනයක්‌ දියත් කළ ද එය කිසිසේත්ම රජයේ සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යැමට බලපෑමක්‌ නොවූ බවත් වෙනත් දිනයන්හි කොළඹ ජාතික රෝහලේ සාමාන්‍යයෙන් නිවාඩු ගන්නා පිරිස හැර දෛනිකව වැඩ මූලික කලාප 13 හි සේවයට වාර්තා කරන පිරිස 1576 දෙනකු වුවත් ඊයේ දින 1672 දෙනකු සේවයට වාර්තා කර තිබූ බව ඔහු සඳහන් කළේය.

    ////////////////////////
    වැඩි වූ විදුලි බිලට එරෙහිව අද (21) උදේ දිවයින පුරා ආරම්භ වු සංඛේත වැඩ වර්ජනය පෙ‍රවරු 10.45 පමණ වනවිට සමහර පළාත්වල සාර්ථක ලෙස ක්‍රියාත්මකව පැවතුණි. තවත් පළාත්වල වර්ජනය එතරම් සාර්ථක මුහුණුවරක් ගෙන නොතිබුණ බව වාර්තා වේ. අනුරාධපුරයේ අද පෙරවරු 10 පමණ වනතුරු මෙම වැඩ වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වූ බව පෙනෙන්නට තිබිණ. නගරයේ කඩ සාප්පු රාශියක් වසා දමා තිබිණ. බස් ධාවනයද සිදු වූයේ කඩින්කඩය. එහෙත් සංධානයට සම්බන්ධ නගරයේ සමහර කඩ සාප්පු විවෘතව පැවතුන අතර සංධානයේ බස් හිමියන්ගේ බස් රථද ධාවනය කෙරිණ. ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුවේ බලපෑම් තිබුණද වැඩ වර්ජනය සාර්ථක ලෙස පැවැත්වෙන බවයි. අනුරාධපුර සහ පොළොන්නරුව පාසල්වල සියයට 85ක් පමණ ගුරුවරුන් සේවය සඳහා වාර්තා නොකළ බව පැවසූ ඒ මහතා විදුහල්පතිවරුන් විසින් දුරකතන ‍ඇමතුම් ගුරුවරුන්ට ලබා දෙමින් ඔවුන් ගෙන්වා ගන්නට උදෑසන 7.30 සිට ක්‍රියාත්මක වූ බව පැවසීය.
    තිස්සමහාරාමයේ ජනතාව සුපුරුදු ලෙස දෛනික කටයුතුවල නිරත වන අයුරු දකින්නට ලැබිණ. දෙබරවැව මධ්‍ය මහා විදුහලට, ජනාධිපති විදුහලට ගුරුවරුන් සහ සිසු සිසුවියන් වෙනදා ආකාරයට අද උදේ පැමිණියහ. දෙබරවැව දිසා රෝහලේ හෙද, හෙදි සේවාව සහ වෛද්‍යවරුන් කාර්යක්ෂම ලෙස රෝගීන්ට ප්‍රතිකාර සහ සේවා ලබා දෙනු දකින්නට ලැබුණි. බස් ගමනාගමනය සහ බැංකු සේවාද විධිමත්ව පැවතිණ.
    මේ අතර මාතර පාසල් සියල්ල අද විවෘතව පැවතිණ. ගුරුවරුන් සේවා සඳහා සුපුරුදු ලෙස වාර්තා කළ අතර ගුරුවරුන්ට වැටුප් ලබා දීමද අද දවසේ සිදු කෙරෙන බව අසන්නට ලැබිණ.

    ෂෙල්ටන් ජයසිංහ - තිස්සමහාරාමය / පසන් රාමවික්‍රම - මාතර / බුද්ධික මහේෂ් විජේසූරිය- අනුරාධපුරය
    /////////////////////////


    copyright
    http://www.divaina.com/2013/05/22/news12.html
    www.lakbima.lk
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    වර්ජනය සංවිධානය කිරීමේ දුර්වලතා නැතුව නෙමෙයි
    මිනිස්සුන්ට සෘජුවම බලපාන දේකට මිනිස්සු පාරට බස්සන්න බැරි උන එක නම් ලැජ්ජාවක්.
    හැබැයි අත්‍යාවශ්‍යය සේවා වල වර්ජනය රජය විසින් උපක්‍රමශීලිව දැඩි ලෙස මර්දනය කලා.
    වර්ජනය කලේ කඩ සාප්පු, ගාමන්ට්, වතු සේවකයො වගේ අය ඒකෙන් අපිට දැනෙන බලපෑමක් කරන්න බෑ කොහෙත්ම.
    කඩ සාප්පු පැයක් දෙකක් වහලා තිබුණා කියලා දැනෙන්නෙ කාටද? ගාමන්ට් දවසක් වැහුවම පාඩුව අයිතිකාරයට මිසක් අපිට නෙමෙයි.
    වතු සේවකයන්ටත් එහෙමමයි.
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    JVP = ජාතික වේsiගේ පුතාලා

    ජේවීපී එක කියන්නෙ දේශපාලන අනාථයො පිරිසක්. එල්ලෙන්න වැලක් ‍හොය හොය ඉන්නෙ ‍නිතරම. හැබැයි මේ වෙලාවෙ ජේවීපී එක නෙමෙයි මොකා ඉස්සරහට ආවත් ආපු එකෙන් හොඳක් වෙන්නෙ මිනිස්සුන්ට. ආයතන ලොක්කන්ගෙ දූෂණය වහගන්න බිල වැඩි කරන එක අසාධාරණයි. :angry:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වර්ජනයක සාර්තක අසාර්තක බව රැදෙන්නෙ, එදාට දුවපු බස් ගානෙන් වත්, වහපු ඉස්කොලා ගානෙන්වත්, වැඩට ආපු රාජ්ය සේවකයො ගානෙවත් නෙමෙයි.. වර්ජනය කරලා ඉල්ලපු ඉල්ලිම් දිනුවද නැද්ද කියන එකෙන්.. මේ මොඩ වර්ජනකාරයො ඔක්කොම පටලවගෙන, ආන්ඩුව තමාගේ තනි ඒකාධිපති පාලනේට හරක් ටික දක්කනවා.. ගොපලු කොල්ලා හැටියට රනිල් ගොයියා දාගෙන..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    කට්ටිය කියන තරම් ආණ්ඩුව අප්සෙට් නම්..........ඇයි මිනිස්සු සහයෝගය දුන්නේ නෙත්තෙ?
    හේතුව මිනිස්සුන්ට පිස්සු නැහැ විපක්ෂයේ ගොන් පාර්ට් වලට රැවටෙන්න. විපක්ෂයට හරි නායකයෙක් වේද පිළිවෙලක් තියෙනවනම් මිනිස්සු support කරවී
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    වර්ජනයක සාර්තක අසාර්තක බව රැදෙන්නෙ, එදාට දුවපු බස් ගානෙන් වත්, වහපු ඉස්කොලා ගානෙන්වත්, වැඩට ආපු රාජ්ය සේවකයො ගානෙවත් නෙමෙයි..

    :rofl::rofl::rofl::rofl:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,393
    49,772
    113
    සේදවත්ත
    අපේ උන් හැමදාම අන්ඩුවේ මස් කටු කන්නේ මේ හින්දා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කොකර ඒවා ලබා ගන්න බෑ. කෝමත් දැන් කට්ටියට පාන් කියාගන්න බැරුව දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්නවා. රටේ මිනිස්සු හිතන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න බිජ්ජෝ ටිකට රටේ වෙනසක් කරන්න පුලුවන් කියලා . පව් හැමදාම ලනු කකා ඉන්නවා . අපේ මිනිස්සු තව ජාතියක් තලන්න පෙලන්න සප් එක දුන්නට රට දියුණු කරන්න නෝ සප් . අඩුම ටොපි කොල්යක් බිම දාන්න එපා කිව්වට රට ගැන හිතන්නේ නෑ නීතියක් නෑ . ඕකයි ඇත්ත
     

    Gladiat@r

    Active member
  • Dec 30, 2012
    413
    88
    28
    ගෙදර
    eye godak rajaye rakiya karana ayata sewayata paminima aniwarya karala thibuna bn.kiyak hari hoyaganna rassawa nathi karaganna kauda kamathi bn.???