ඉතිහාසයේ ලේ පිපාසිත සංස්කෘති - තගී කල්ලි

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,216
    198,879
    113
    Colombo, Sri Lanka
    “Thug” කියන වචනයෙන් සාමාන්‍යයෙන් යෙදෙන්නේ අපරාධකරුවෙකු හඳුන්වන්න යි. නමුත් මෙය ඉංග්‍රීසි යෙදුමක් නම් නොවෙයි. “තග්” කියන වචනය, සහ තේරුමත් ආවෙ ඉන්දියාවෙන්. ඇත්තෙන්ම හින්දි භාෂාවෙ “තගී” කියන යෙදුමෙන්. කවුද මේ තගී?

    t1Z5VBb.jpg



    අපි හිතන් ඉන්න Thug Life

    W4BsUkx.jpg






    ඒත් ඇත්ත Thug Life ගැන පොඩ්ඩක් හොයලා බලමු .........

    තගී කල්ලි​

    ඉතාලියට මා‍ෆියාවත්, ජපානයට යකුසා කල්ලියත් වැනි සංවිධානාත්මක අපරාධ කල්ලි තිබෙනවා. තගී කල්ලිය මේවායේ “ඉන්දියානු වර්ෂන් එක” යනුවෙන් හඳුන්වන්න පුළුවන්. මේවායේ සාමාජිකයින් තග්වරුන්.

    B7Xk85m.jpg


    13 වන සියවසේ සිට 19 වන සියවස වන තෙක් තගීන් කල්ලි වශයෙන් ඉන්දියාව පුරා සැරිසැරුවා. අවුරුදු 600ක් පුරාවට ඉන්දියාව බිය ගැන්වූ ඔවුන්, ලොව ප්‍රථම සංවිධානාත්මක අපරාධ කල්ලිය යනුවෙන් හඳුන්වන්න පුළුවන්. තගීන්ගේ ආරම්භය මුස්ලිම් ගෝත්‍රයන් හතකුත්, හින්දූන් පිරිසකුත් නිසා ඇරඹුනු බව සැලකෙනවා. මොවුන්ගේ විශේෂත්වය වුණේ හින්දු දහමේ එන විනාශයේ දේවතාවිය වූ කාලි ඇදහීම යි. තගීන් පාළු මාර්ගයන්හි ගමන්ගන්නා මඟීන් රවටා, මරාදමා, ඔවුන් සතු වටිනා දේ කොල්ලකෑමට පුරුදුකොට සිටියා
    .


    තගී කල්ලියකට සම්බන්ධ වීම​

    තගීන් හුදෙක් මං පහරන්නන් සහ මිනීමරන්නන් කල්ලියක් නොව, එක්තරා අයුරක සහෝදරත්වයක්, හෝ යම් “නිකායක්” වශයෙනුයි ක්‍රියාත්මක වුණේ. මේවායේ සාමාජිකත්වය බොහෝවිටම පිය උරුමයෙන් ලැබුණක්. එහි නායකත්වය පැවතුනේත් පිය උරුමයෙන්.

    mq710Wo.jpg

    තගීන් – 1894 (npr.org)


    තගීන් හා සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටියවුන් මුලින් කළ යුතු වූයේ තගීන් කණ්ඩායමක් හා සම්බන්ධ වී “පුහුණු කාලයක්” ගෙවීම යි. තගීන් එම සමාජයන්හි බිය මුසු ගෞරවයෙන් සැළකූ පිරිසක් වූ නිසා, තගීන් හා සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටියවුන් බොහෝ වුණා.

    wZP52rh.jpg


    එසේම ඇතැම් අවස්ථාවන්හි දී තමන් විසින් කොල්ලකන මඟීන් අතර සිටින කුඩා දරුවන්ව නොමරා ඉතිරි කරන තගීන්, ඔවුන්ව ද කල්ලියට බඳවාගැනීම සඳහා පැහැරගෙන යනු ලැබුවා.



    සාර්ථකව මං පහරන්නේ කෙසේ ද?​

    තගීන් මංපැහැරීමේ යෙදුනේ වසරේ එක් කාලයක දී පමණයි. වසරේ කලක් තම ගම්බිම් වල වගා කටයුතු කළ මොවුන් ඔක්තෝබර් පමණ වන විට අස්වැන්න නෙලා ගමෙන් පිටවගොස්, වර්ෂාවට පෙර වගා කටයුතු සඳහා නැවතත් සිය ගම්බලා පැමිණෙන්නේ ඊළඟ වසරේ ජූනි පමණ වන විට යි.

    PoGP6Sc.jpg



    ඉන්දියාව මහා විශාල රටක්. මීට වසර සිය ගණනකට පෙර විධිමත් ප්‍රවාහන ක්‍රමයන් ද තිබුණේ නැහැ. ගොනුන් බැඳි කරත්තවල බඩු පටවාගෙන හෝ පයින්ම, දින ගණනක් පුරා ගමනේ යෙදීම එකල සිරිත වුණා.

    MeD8mES.jpg


    තගීන්ගේ සාමාන්‍ය පිළිවෙත වූයේ තමන් ද මඟීන් මෙන් වෙස්වලාගෙන මෙවැනි ගැලකට හෝ පදිකයින් පිරිසකට සම්බන්ධ වීම යි. එම පිරිසේ විශ්වාසය දිනාගන්නා තෙක් තගීන් ඔවුන් හා ගමනේ යෙදෙනවා. සංචාරකයින් කණ්ඩායම විශාල නම් ඔවුන්ව කොල්ලකෑමට සුදුසු අවස්ථාවක් ලැබෙන තෙක්, ඇතැම්විට සති ගණනක් තිස්සේ කිලෝමීටර සියගණනක් පවා තගීන් ඔවුන් හා ගමනේ යෙදුනා.


    aRFrNDN.jpg



    සමහර අවස්ථාවන්හි තගී කල්ලිය කොටස් වශයෙන් බෙදී, මඟින් මඟට ගැල් පේළියට සම්බන්ධ වුණා. එයින් එක් පිරිසක් හෝ ගැල් පෙළේ සංචාරකයින්ට සැකකටයුතු වුවහොත්, ඉන් පෙර සංචාරකයින්ට සම්බන්ධ වූ එම කණ්ඩායමේම තගීන් පිරිසක් වෙත ඔවුන් සිය විශ්වාසය තබනු ඇතිය යන බලාපොරොත්තුවෙනුයි එම ක්‍රියාමාර්ගය අනුගමනය කෙරුණේ.

    DvSdxik.jpg



    සාමාන්‍යයෙන් තමුන් මං පහරන ප්‍රදේශයේ මං මාවත්, පාළු තැන්, ජනයා බහුල තැන් ආදිය මොවුන් හොඳින් දැන සිටියා. තමන්ගේ ක්‍රියාවට වඩාත් සුදුසු, පාළු, සහ කිසිවෙකුටත් ගැලවී පලා යා නොහැකි තැනකට එළැඹ, විඩා නිවීමට සංචාරකයින් වාඩිලාගත් කල තගීන්ගේ අවස්ථාව පැමිණෙනවා.


    2sgQcNQ.jpg


    රාත්‍රිය තෙක් කොල්ලකෑමෙන් වැළකීමයි තගී පිළිවෙත. රාත්‍රියේ දී සංචාරකයින් පිසීමේ, ආහාර ගැනීමේ, හෝ විඩා හැරීමේ යෙදෙන විට, තගීන් දෙතුන්දෙනාගෙන් යුතු කණ්ඩායම් එක් එක් සංචාරකයා වෙත එළැඹ ඔවුන්ව මරා දැමීම ඇරඹෙනවා.


    Wjmym6Q.jpg


    රුධිරය ගැලීමක් නොමැති ක්‍රමයක් වූ ගෙල සිරකිරීමෙන් මේ මිනීමැරුම් සිදුකෙරුණා. ඉන්පසු නිශ්ශබ්දවම එම සිරුරු වළලා හෝ ගැඹුරු දියකට වීසිකර දැමෙන අතර, සංචාරකයින්ගේ වස්තුව කොල්ලකා ගන්නා තගීන් එතැනින් පලා යනවා.


    තගීන්ගේ සංස්කෘතිය​

    තගීන්ට ඔවුන්ගේම ප්‍රභාෂාවක් තිබුණා. මෙය “රාමසී” යනුවෙන් හැඳින්වුණා. මෙයට අනන්‍ය වූ සංඥා හා රහස් වචන තිබූ අතර, රටේ කොතැනක දී හමුවුණත් තගීන් එකිනෙකා හඳුන්වාගත්තේ මේවායින්. එසේම ඔවුන්ට ඔවුන්ගේම නීති පද්ධතියක් තිබුණා. කිසිවෙකුගේ වස්තුව පැහැරගැනීමට නම් ඔවුන්ව මරාදැමිය යුතුම වීම මෙයින් ප්‍රධානම නීතියක්.

    5MIep8i.jpg

    තග් පවුලක් – වර්ෂ 1900 (Getty Images)

    කෙසේ නමුත් තගීන් විසින් බ්‍රාහ්මණයින්, රෝගීන්, හෝ කන්තාවන්ව මරා දැමුවේ නැහැ. බ්‍රාහ්මණයින් පාරිශුද්ධ බවට වූ විශ්වාසය නිසාත්, රෝගීන් මැරීම තමාට තරම් නොවන බව ඇදහූ නිසාත්, කාන්තාවන් කාලි දේවියගේ ප්‍රතිමූර්තීන් ලෙස සැළකූ නිසාත් ය ඒ.

    2eugDvO.jpg


    තගීන් විසින් මරා දමනු ලැබූ මිනිසුන් සංඛ්‍යාව ගැන නිශ්චිත ඇස්තමේන්තුවක් නැතත්, ගිනස් වාර්තා පොතට අනුව, මරාදැමුණු සංඛ්‍යාව මිලියන දෙකක්. ඉතිහාසඥයින් වෙනස් සංඛ්‍යාවන් ඉදිරිපත් කරනමුත් ඒවා තහවුරු කරගැනීමේ හැකියාවක් නැහැ.

    uWwSopl.jpg

    “රුමාල්”. මෙයට කාසියක් තබා මසා ඇත්තේ ගෙල සිරකිරීම වඩා පහසු වීමට ය. (unexplainedmysteries.com)

    තගීන්ගේ සම්ප්‍රදාය වුණේ ලේ නොසොලවා ඝාතනය කිරීම යි. එනිසා ගෙල සිරකිරීම සාමාන්‍ය සිරිත වුණා. මෙයට උපයෝගී කරගත් “රුමාල්” නම් සළුවක් සෑම තග්වරයෙකුම සතු වුනා. සාමාන්‍යයෙන් කහ පැහැ වූ මෙය ඔවුන් විසින් සිය බඳ වටා දවටාගෙන සිටියා.

    තගීන්ගේ අවසානය​

    තගීන්ගේ අවසානය සිදුවුණේ 19වන ශතවර්ෂයේ ඉන්දියාව පාලනය කළ බ්‍රිතාන්‍යයින් අතින්. 1830ගණන් වල දී තගියෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වන බ්‍රිතාන්‍යයින්, ඔහුව රජයේ සාක්ෂ්‍යකරුවෙකු බවට පත්කරගන්නවා. මේ තග්වරයාගෙන් ලද තොරතුරු තහවුරු කරගැනීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයින් විසින් අරඹන්නේ තග්වරුන්ව දඩයම් කිරීමේ මෙහෙයුමක්.


    OdGyJMs.jpg




    1835 දී මේ සඳහාම වූ “තගී සහ මං පැහැරීම සම්බන්ධ දෙපාර්තමේන්තුව” බිහිකෙරෙණු අතර, ඔවුන්ට හසුවූ ඇතැම් තගීන් ද රජයේ ඔත්තුකරුවන් බවට පත්වූ නිසා මෙහෙයුම වඩාත් සාර්ථක වෙනවා.



    GCTVAcq.jpg
    5ThOip4.jpg

    තගී සහ මං පැහැරීම සම්බන්ධ දෙපාර්තමේන්තුව


    54iXt7o.jpg

    තග්වරුන් පිරිසක් බන්ධනාගාරය තුළ (columbia.edu)

    මෙසමයේ අල්ලාගන්න ලද තගීන් 1526ක් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. 382කට මරණ දණ්ඩනය ලබා දුන් අතර, 77ක් ජීවිතාන්තය දක්වා සිර දඬුවමට ද, 909ක් පි‍ටුවහල්කිරීමට ද ලක්කෙරුණා.


    ZUMzzuj.jpg


    c8SuGtf.jpg


    වාර්තා මෙසේ නමුත් ඇතැමුන් පවසන්නේ මෙම සංඛ්‍යාවන් මීට වඩා බොහෝ ඉහළ බව යි. ඔවුනට අනුව තගීන් 5000කට වඩා අත්අඩංගුවට පත්ව තිබුණා.
    බ්‍රිතාන්‍යයින්ගේ පිළිවෙත නිසා 1870 ගණන් වන විට තග් සංස්කෘතිය ඉන්දියාවෙන් තුරන්ව ගියා. තගීන්ව ඇල්ලීම සඳහා ඇතිකළ දෙපාර්තමේන්තුව 1904 දී අහෝසි කර, ඒ වෙනුවට මධ්‍යම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිහි‍ටුවනු ලැබුණා.


    Owe3tCG.png







    මුලාශ්‍ර:
    “Thuggee: an orientalist construction?” by Alexander Lyon Macfie
    Blogger - Amanda Abesoorya
    Roarmedia
    ancient-origins.net
    npr.org
    The Hindu

    columbia.edu
    Pictures From Internet
     
    Last edited: