ඉතිහාසය අපට මතක් කර දුන් අසාමාන්‍ය ට්වීට් එකක්...
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ සිටි සුප්‍රසිද්ධ බළලා වන Larry the Cat ගේ නිල X ගිණුමේ (කලින් Twitter) අද පැරණි ඡායාරූපයක් පළ කර ඇත. ඡායාරූපයේ දැක්වෙන්නේ 1938 දී බ්‍රිතාන්‍ය අගමැති නෙවිල් චේම්බර්ලේන් ගුවන් යානයකින් බැස කඩදාසි කැබැල්ලක් අතැතිව සිටින ආකාරයයි. මෙම ලිපිය ඇඩොල්ෆ් හිට්ලර්ගේ පොරොන්දුවකි. ජර්මනිය මුළු චෙකොස්ලෝවැකියාව අත්පත් කර නොගන්නා බව එහි සඳහන් විය.
මුලදී එය ඉතිහාස පාඩමක් ලෙස පෙනුනි. නමුත් මෙම ට්වීට් එකෙහි ඵල කිරීමේ "වේලාව" ඉතා වැදගත් බව ලෝක දේශපාලනහ සහ ලෝක ඉතිහාසය ගැන විශ්ලේෂණය කරන්නෙකු වශෙයෙන් තේරුම් ගන්නට වැඩිවේලාවක් ගියේ නැත.
මීට පැය කිහිපයකට පෙර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ දුරකථනයෙන් කතා කර ඇත. යුක්රේනයේ යුද්ධය නතර කර සාමය සඳහා කටයුතු කිරීමට නායකයන් දෙදෙනා එකඟ වී ඇත. එහෙත් නිල නොවන වාර්තා පැවසුවේ යුක්‍රේනය පූර්ණ වශයෙන් යටත් කරගැනීම නැවැත්වීමටනම් රුසියාවට කොන්දේසි ඇති බවයි: යුක්රේනය සහ ජාත්‍යන්තරය යුක්‍රේනයේ රුසියානුවන් බහුතරයක් සිටින ලුහාන්ස්ක්, ඩොනෙට්ස්ක් සහ ක්‍රිමියාව යන කලාප තුන දැන් රුසියාවට අයිති බව පිළිගත යුතුය. රුසියාවට පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක ලිහිල් කල යුතුයි,
යුක්‍රේනය NATO සාමාජිකත්වය නොගත යුතුවයි සහ යුක්‍රේනය හමුදාමය වශෙයෙන් දුර්වල කරන අතර යුක්‍රේන ජාතිකත්වය මුලිනුපුටා දැමිය යුතුය යන්නයි.
Larry the Cat ගේ ට්වීට් එක වැදගත් වුනේ මේ නිසයි. එය ඉතිහාසයේ අනතුරු ඇඟවීමක් විය.
1938 දී චේම්බර්ලයින් විශ්වාස කළේ චෙකොස්ලෝවැකියාවේ ජර්මානුවන් බහුතරයක් සිටි(සුඩේටන්ලන්තය) කොටසක් ජර්මනියට ලබා දීම සාමය ගෙන එන බවයි. එහෙත් හිට්ලර් එතැනින් නතර වූයේ නැත. වැඩි කල් නොගොස් ඔහු චෙකොස්ලොවැකියාවම ආක්‍රමණය කර ජර්මනියට ඈදාගත්තේය. වසරකට පසුව, ඔහු පෝලන්තය ආක්රමණය කර දෙවන ලෝක යුද්ධය ආරම්භ කළේය.
ඉතින් පණිවිඩය පැහැදිලියි. සමහර විට, ඒකාධිපතියෙකු සාමය පොරොන්දු වූ විට, ඉතිහාසය අපට පෙන්වා දෙන්නේ තවත් විශාල අභාග්‍යසම්පන්න අනතුරු ඉදිරියෙන් විය හැකි බවයි.
From lahiru doloswala