ඉතිහාසය මකා දාන්න හදනවා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඉතිහාසය මකා දාන්න හදනවා

    අපේ රටේ දැනට සොයා නොගත් පුරාවිද්‍යා ස්ථාන සිය දහස් ගණනක් ඇති බවත් එයිනුත් සොයාගැනෙන ඒවා සොයාගත් දිනට පසු දිනම ඩෝසර් කොට සමතලා කිරීමේ තත්ත්වයක් මතුව ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පවසති.
    සංකල්පමය හා භෞතිකමය වශයෙන් අපේ ඉතිහාසය මකා දැමීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවත් මෙසේ වුවහොත් අනාගතයේ තවත් වටිනා ස්මාරක පවා කඩා දැමීමේ අවදානමක් ඇති බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

    විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ධාතුමන්දිරය, පුස්තකාලය සහිත දෙමහල් දාන ශාලාව සහ වාහල්කඩ විවෘත කිරීමෙන් අනතුරුව පැවති හමුවේදී නාහිමියෝ එසේ අනුශාසනා කළහ. උන්වහන්සේ මෙසේද පැවැසූහ.

    අපිව කොච්චර ළඟින් ආශ්‍රය කළත් පැවිදි ජීවිතය කියන එක අපේ ගිහි භවතුන්ට තේරෙන්නේ නැහැ. පැවිදි ජීවිතය කියන එක බෙහොම දුෂ්කර එකක්. ඒ ජීවිතයේ රැඳී ඉන්න පුළුවන් වෙන්නෙත් යම්කිසි වාසනාවක් තියෙන කෙනකුට විතරයි.

    අපිට බුද්ධාගමෙන් තොර ඉතිහාසයක් නැහැ. බුද්ධාගමෙන් ඉතිහාසය වෙනස් කර ගත්තේ නැත්තම් මේ රටට අනාගතයක් නැහැ කියලා කියනවා. අනෙක් ජාතීන්ට අනෙක් මිනිසුන්ට තියෙන දේවල් බුද්ධාගමෙන් වහනවලු. මේ අලුත් අර්ථකථන කොයි ලෝකෙන් ආවදමන්දා.

    මේ රටේ භික්ෂුන් වහන්සේ විවිධ විවේචනවලට ලක්වෙලා තියෙනවා. අදත් ඉන්නවා. චීවරධාරීන් දෙන්නෙක් මොකක්දහොරකමකට අත්අඩංගුවට ගත්තා කියලා අද පත්තරෙත් තියෙනවා. මේ වගේ දේවල් කරන අය ඉන්නවා. දහස් ගාණක් ඉන්න තැනක වැරැදි වැඩ කරන මිනිස්සු ඉන්නවා. හමුදාවක් වුණත් අරන් බලන්න. ඒවට ක්‍රියාකරන්න ඒවා හරි ගස්සන්න ඒ ගොල්ලන්ට හමුදා නීතියක් තියෙනවා. ශාසනයෙත් නීතියක් තියෙනවා. චර්යාධර්ම පද්ධතියක් තියෙනවා. වැරැද්දක් තියෙන කෙනෙක් තියාගෙන කිසිම ආයතනයක් සංවිධානයක් ගෙනියන්න බැහැ. බුදු හාමුරුදුරුවන්ට අසූමහා ශ්‍රාවකයෝ හිටියනේ. ඒ අසූවෙම චරිත, හැකියාවන් එක එක්කෙනාට වෙනස්. අද එහෙම තනතුරු දෙන්නේ නැහැ. යම් යම් නාම දෙන්නේ. තනතුරේ නෙවෙයි වැදගත්කම තියෙන්නේ. ඒ ඒ හාමුදුරුවන්ගේතියෙන හැකියාව තුළයි. යුද්ධය වෙලාවේ රණවිරුවෝ ධෛර්යවත් කරන්න හාමුදුරුවෝ විශාල කාර්යභාරයක් කළා. ඒ අතරේ කදුරුදුවේ සුගතවංස හාමුදුරුවොත් සුවිශේෂයි. උන්වහන්සේට අපි ආශීර්වාද කරනවා. සුගතවංස හාමුදුරුවෝ වැනි හිමිවරු අනාගතයේත් සංඝ සමාජයේ බිහිවෙන්න ඕන.

    මේ රටට එල්ල වන බාහිර බලවේග, සතුරු බලවේගවලට බැම්මක් වගේ මුහුණ දිය හැකි වන්නේ සංඝ සමාජය ශක්තිමත් වූ තරමටයි. නැත්තම් අපිටයි කියලා අනාගතයේ දෙයක් ඉතුරු වෙන එකක් නැහැ. සංකල්පමය වශයෙන් මෙන්ම භෞතික වශයෙනුත් එහෙමයි. පසුගිය සතියේ අපේ උරුමය ඉතිහාසය හමුවුණු නටබුන් වගයක් පුරාවිද්‍යාවෙන් මතුකරලා තියෙනවා. හොයාගත්ත නැති පුරාවිද්‍යා ස්ථාන සිය දහස් ගණනක් තියෙනවා. නමුත් මේවා හොයාගත්ත දාට පහුවදාම ඩෝසර් කරලා සමතලා කරනවා.

    ජාතිවාදයක් අවුස්සන්න ඕන නැහැනේ. කවුද කරන්නේ කියලා දන්නවනේ. ඉස්සරහට යනකොට තවත් වටිනා ස්මාරක කඩල විනාශ කරලා දායි. දැනටත් ඒවා අප්‍රසිද්ධියේ වෙනවා. මේවා ගැන කතා කරන්න ඉන්නේ හාමුදුරුවරු විතරයි. එහෙම කතා කළාම හාමුදුරුවරු ජාතිවාදීන්. අපි මේ වෛරයෙන් නෙවෙයි කියන්නේ. අපිට යමක් වෙන්න යනවා. වේගෙන යනවා. වෙලා තියෙනවා.
    බණ්ඩාරගම - ජීවන් ඉලංගගේ

    http://www.mawbima.lk/print20170621MB20171230.php?id=8596
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකට බෞද්ධ ශාසන ඇමතියා උත්තර දුන්නේ කොහොමද?

    මුලින්ම ඌ ජේප්පන්ගේ රූකඩ වෙච්ච චීවරධාරියෝ පාරවල් ගානේ නටන හැටි කිව්වේ.

    ඌට ඕවා ගාණක් වත් නෑ.දෙමළුන්ව සැනසුවොත් උන්ට ඊට වඩා දෙයක් නෑ.

    හම්බයෝ බෞද්ධ උරුම වල පල්ලි අටවද්දී ඔය එක බෞද්ධ ශාසන ඇමතියෙක් කටක් ඇරියද?? ඒවා වෙනකොට මේ රටේ එහෙම ඇමතියෙක් හිටියේ නැද්ද?

    එදත් එහෙමයි අදත් එහෙමයි.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි..