පන්සලේ පියතුමා

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හරිම ලස්සන මනුස්සයෙක්...

    මගේ ආගම කතෝලික, සංස්කෘතිය බෞද්ධ - ගරු මර්සලින් ජයකොඩි පියතුමා

    මෙන්න මර්සලිනු ජයකොඩි පියතුමා ගැන රජයේ චිත්‍රපට අංශය විසින් නිර්මාණය කරන ලද අපුරු වාර්තාමය වැඩසටහනක්.
    සිංහල සමාජයට සහ සාහිත්‍යට ඉතාමත්ම මෙහෙවරක් කරපු මනුස්සයෙක්.

    අනිවාර්යයෙන්ම බලන්න පුලුවන්නම්..




    උපුටාගැනීම - https://www.buddhistculture.net/350835053530352335173546-3508353835143501354035123535.html
    ”ඕලු නෙළුම් නෙරිය රඟාලා - කිකිණි හඬන වලා නඟාලා
    ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ - මගේ කුඩා ඔරුව හබල් ගා”

    නෙත ගැටුණු මනරම් දසුනින් සිත මැවුණු සුන්දර හැඟුම් කඩදාසිය මත සටහන් වන්නට වූයේ එලෙසිනි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදියාගේ ‘රේඛාව‘ චිත්‍රපටය ඔස්සේ දේශීය ගීත සාහිත්‍යයේ මහත් පෙරළියක් කරන්නට මතු යම් දවසක තමන්ට හැකි වෙතැයි එදා කැලණි ගං ඉවුරේ හිඳගෙන හුන් මර්සලින් ජයකොඩි පියතුමා මොහොතකටවත් නොසිතන්නට ඇත.




    මගේ ආගම කතෝලික, සංස්කෘතිය බෞද්ධ - ගරු මර්සලින් ජයකොඩි පියතුමා


    Picture

    පූජ්‍ය මාපලගම විපුලසාර හිමියන් සමඟ

    මර්සලිනු ජයකොඩි ගරු පියතුමාට බොහෝදෙනකු කීවේ ‘පන්සලේ පියතුමා’ කියා ය. ඊට සුවිශේෂ හේතුවක් තිබිණි. ඒ කතෝලික පූජකවරයකු වුවත් උන්වහන්සේ සතුව බෞද්ධ විඥානයක් - ජීවන දෘෂ්ටියක් තිබීමයි.

    ඉත්තෑපානේ ධම්මාලංකාර හාමුදුරුවෝ මීට අවුරුදු දහයකට පමණ ඉහතදී ජයකොඩි පියතුමා ගැන පොතක් ලියූහ. බෞද්ධ භික්ෂුවක් කතෝලික පූජකවරයකු අළලා පොතක් ලියූ ලෝකයේ ප්‍රථම සහ එකම අවස්ථාව එය යයි මම සිතමි. පොත් නම ‘මල් පැලේ උපන් පන්සලේ පියතුමා’ ය. එම පොතේදී තමා ‘පන්සලේ පියතුමා’ යන අන්වර්ථයෙන් හැඳින්වීම ගැන ජයකොඩි පියතුමා මෙසේ අදහස් දක්වා ඇත.

    “ඉතින් කවුරුහරි මට පන්සලේ පියතුමා කියා කියනව නම් මා ඒ ගැන වඩාත් සතුටු වෙනවා. අප කතෝලිකයන් වශයෙන් මේ රටේ සුළු පිරිසක්. නමුත් අප ඒ නිසාම වෙන්වී සිටිය යුතු නැහැ. භික්ෂුන් වහන්සේලාත් එක්ක එකතුවී කටයුතු කරනවා නම් මේ රට, ජාතිය, සංස්කෘතිය ඉතා හොඳ දියුණු තත්ත්වයකට පත්වේවි.”

    මෙලෙස බෞද්ධ පරිකල්පනයකින් යුක්තවීමට ජයකොඩි පියතුමාට එක්තරා හේතුවක් තිබිණි. ඒනම්; උන්වහන්සේගේ මව සිංහල බෞද්ධ ගැමි කාන්තාවක වීමය. කුඩා කල පටන්ම මවගේ ආභාසය ලැබීම ගැන ජයකොඩි පියතුමා ඉහත සඳහන් පොතට මෙසේ අදහස් ප්‍රකාශ කර ඇත.

    “ඉතින් කවුරුහරි මට පන්සලේ පියතුමා කියා කියනව නම් මා ඒ ගැන වඩාත් සතුටු වෙනවා. අප කතෝලිකයන් වශයෙන් මේ රටේ සුළු පිරිසක්. නමුත් අප ඒ නිසාම වෙන්වී සිටිය යුතු නැහැ. භික්ෂුන් වහන්සේලාත් එක්ක එකතුවී කටයුතු කරනවා නම් මේ රට, ජාතිය, සංස්කෘතිය ඉතා හොඳ දියුණු තත්ත්වයකට පත්වේවි.”

    මෙලෙස බෞද්ධ පරිකල්පනයකින් යුක්තවීමට ජයකොඩි පියතුමාට එක්තරා හේතුවක් තිබිණි. ඒනම්; උන්වහන්සේගේ මව සිංහල බෞද්ධ ගැමි කාන්තාවක වීමය. කුඩා කල පටන්ම මවගේ ආභාසය ලැබීම ගැන ජයකොඩි පියතුමා ඉහත සඳහන් පොතට මෙසේ අදහස් ප්‍රකාශ කර ඇත.

    “කලාකරුවකුගේ සේවය එක ආගමකට දහමකට සීමාවන්නේ නෑ. ඒක එකක්. අනෙක කතෝලික වුණත් මගේ මවුපියෝ ගැමියෝ. අනෙක් කාරණාව මගේ මව මුලින් බෞද්ධ කාන්තාවක්. ඇය පසුව කතෝලික වුණත් බෞද්ධ සංස්කෘතියේ හරය සම්පූර්ණයෙන් අයින් වුණේ නැහැනෙ.

    ඉතින් මටත් පොඩි කාලේ ලැබුණේ ඒ අම්මාගේ රැකවරණය. ආභාසය. ඒ නැතත් මේක සිංහල බෞද්ධ රටක්නේ. අප දැන් මොන මොන දේවල් කීවත් ඉතිහාසය බොරු කරන්න බැහැනේ. වැඩිම වුණොත් පරම්පරා පහකට, හයකට ඉස්සර මේ කතෝලික සිංහල අය කවුරුත් බෞද්ධ අය. අවුරුදු දහස් ගණනක් සිංහල අයගේ සිතුම් පැතුම් සකස් වුණේ බෞද්ධ අදහස් අනුවයි.”

    සෘජුව හා අභීතව ප්‍රකාශ කළ, එහි පැවැත්මට ගී සින්දු ප්‍රබන්ධ කළ කතෝලික පූජකවරයකු තවත් නැතැයි කීම යුක්ති යුක්ත ප්‍රකාශයකි.

    ජයකොඩි පියතුමා එක පැත්තකින් ගීතිකා, නත්තල් කැරොල් හා පසම් වැනි කතෝලිකාගම හා බැඳුණු ගීත ලියූ අතර අනිත් පැත්තෙන් බෞද්ධ ගීත ද ලියූහ. එතුමා ලියූ බෞද්ධ ගී අතර වෙසක් - පොසොන් භක්ති ගීත ද ගණනාවකි.


    Picture

    දළදා වහන්සේ වඳින්න ගිය ගමනේ. වමේ සිට ආචාර්ය හේනේපොළ ගුණරතන හිමි, අස්ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය පලිපාන චන්දානන්ද මහ නාහිමි, මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි.

    සිංහල භාෂාවක්, සිංහල සාහිත්‍යයක් කියා දෙයක් අපේ රටේ අවිච්ඡින්නව පැවැතියේ බෞද්ධ භික්ෂුන් වහන්සේගේ අප්‍රමාණ දායකත්වය නිසා බව ජයකොඩි පියතුමා නිතරම මහත් ඇගැයීමෙන් යුක්තව කියා සිටියේය. ප්‍රවීණ නිවේදක පාලිත සමරසිංහ සමඟ 1987 දී ගුවන්විදුලියේ විචිත්‍රාංගයක් (රේඩියෝ සඟරාව) සඳහා කළ සම්මුඛ සාකච්ඡාවකදී ජයකොඩි පියතුමා මෙසේ ප්‍රකාශ කර ඇත.

    “අපේ සාහිත්‍යය ආවේ පන්සලෙන්නේ... පන්සල් තිබුණු නිසා තමයි සිංහලකම රැකුණේ; සිංහල සාහිත්‍යය රැකුණේ.”

    ‘පන්සල’ යන ශීර්ෂය යටතේ උන්වහන්සේ ලියූ කවියක මෙසේ දැක්වෙයි.

    පන්සලටය පෙර පරපුර අකුරු ගියේ..
    සිවුරෙන් අපේ රට රැකුණා අඳුරු පැයේ..
    අප හෙළ ගතිය වැඩුණේ පන්සලෙයි පියේ..
    අද වනතුරුම සිවුරේ පඬු ගතිය තියේ..

    දළදාව වැඳ පුදාගත් ලංකාවේ එකම කතෝලික පූජකවරයා ජයකොඩි පියතුමා යැයි මම හඟිමි. එය සිදුවූයේ මෙසේ ය. වරක් මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියෝ ‘දළදාව බලන්න යමුදැයි’ ජයකොඩි පියතුමාගෙන් ඇසූහ. එවිට උන්වහන්සේ ඉතා කැමැත්තෙන්ම ඊට ඉදිරිපත් වූහ.

    දළදාව වැඳපුදා ගැනීමට ගිය ගමනේදී උන්වහන්සේ එවක ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ වූ නිරංජන් විජේරත්න මහතා හමුවූ අවස්ථාවත් අස්ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය පලිපාන චන්දානන්ද මහනාහිමියන් හමුවූ අවස්ථාවත් දැක්වෙන ඡායාරූප කීපයක් මම දැක ඇත්තෙමි.

    අපේ දළදා වහන්සේ පිළිබඳ ජයකොඩි පියතුමා අදහස් දක්වා ඇත්තේ මෙලෙසය.

    “දළදාව කියන්නේ අපේ රටේ තිබෙන ලෝක පූජිත ජාතික වස්තුවක්. අපේ ඉතිහාසයත් එක්ක දැඩි සේ සම්බන්ධ, අපේ සංස්කෘතික අනන්‍යතාව අවුරුද්දක් පාසා අදත් මුළු ලෝකයටම කියාපාන පූජනීය වස්තුවක්. ලංකාවේ පමණක් නෙවේ ලෝකයේමත් බෞද්ධයන් ගරු කරන වස්තුවක්.


    Picture

    හිටපු දියවඩන නිලමේ නිරංජන් විජේරත්න මහතා සමඟ

    ඉතින් සිංහලයන් හැටියට අපිත් ගිහින් ඒවට සහභාගි වී ඒ ගැන අවබෝධයක් ලබන එක, බලා කියා ගන්න එක වරදක් ද? ලංකාවේ උපන් කෙනකු හැටියට, සිංහලයකු හැටියට මගේ රටට අයිති ජාතික වස්තුවකට ගෞරවය පුද කළාම තියෙන වරද මොකද්ද?”

    වන්දනීය සිරිපාදය ගැන ද ජයකොඩි පියතුමා අගනා කවක් ප්‍රබන්ධ කර ඇත. මේ ඉන් උපුටා ගත් කොටසකි..

    මෙහි බුදුන්ගේ පා තබා ඇත වන්දනීයයි සිරිපාදය..
    රැයෙත් උදයෙත් මිහිරියාවයි ඇසේ රැව්දෙන සාදු නාදය..
    පියේ මේකයි දම්ම දීපය මුතු බඳින්නේ අපේ මූදය..
    මෙහෙම ලස්සන වෙන රටක් නැත ඇයට කොයි රට වුව පරාදය..

    පිරිවෙනකින් ගෞරව සම්මානයක් හිමිකර ගත් ලංකාවේ එකම කතෝලික පූජකවරයා ජයකොඩි පියතුමා වන්නේ ය. ඒ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනිනි. එයින් උන්වහන්සේට ‘කාව්‍ය ශාස්ත්‍ර ශිරෝමණි’ සම්මානය පිරිනමන ලදි.

    ‘වෙහෙර’ යනුවෙන් ලියූ කවියක උන්වහන්සේ ඇස යන යන තැන පෙනෙන්ට ප්‍රාර්ථනා කළේ පල්ලි නොව වෙහෙරකි. ඒ කවියෙන් අර්ධයක් මෙසේ ය.

    ඇස යන යන තැන වෙහෙරක් පෙනීයන්..
    වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනීයන්..
    ඉන් එන පණිවිඩය නුවණට දැනීයන්..
    දුටු දුටු විට සිත් තුළ සිල් ගැනීයන්..

    පල්ලි පිළිබඳ උන්වහන්සේ තුළ ඒ තරම්ම හැඟීමක් තිබුණා යැයි කීම අසීරුය. පාලිත සමරසිංහ සමග කළ ගුවන්විදුලි සාකච්ඡාවේදි උන්වහන්සේ කියා ඇති කරුණක් එසේ සිතන්ට අපට අනුබල දෙයි.

    “පල්ලි ඕනැ තරම් තියෙනවා. ඒ තියෙන තරම් හොඳටම ඇති. පල්ලි නැතුවත් ආගම අදහන්න පුළුවන්. අනිත් අයට මම දන්නේ නැහැ. මට නම් පල්ලි නැතුවත් පුළුවන්. ඕනැම තැනකට ගිහිල්ලා දෙවියන් වහන්සේටයි මටයි හමුවෙන්න පුළුවන්. ඒකට කිසිම බාධාවක් නැහැ. දෙවියන් වහන්සේ කියලා තියෙන්නෙත් එහෙමයි.”

    වෙසක්, පොසොන් වැනි බෞද්ධ ගීත ලිවීම නිසාත් බෞද්ධාගම, බෞද්ධ භික්ෂුන් වහන්සේ නිර්භයව ඇගැයීම නිසාත් මූලධර්මවාදින්ගේ පටු ගර්හාවට ජයකොඩි පියතුමා ලක්වූ වාර අපමණය. එක් අවස්ථාවක උන්වහන්සේ වෙත ලිපියක් එවූ ධර්මෝන්මාදියකු ඉන් කියා සිටීයේ ලෝගුව ගලවා සිවුරක් පොරවා ගන්නා ලෙසය. උන්වහන්සේ එම අධානග්‍රාහි මතවලට කදිම පිළිතුරක් දී ඇත. එය පාලිත සමරසිංහ සමඟ කළ ගුවන්විදුලි කතාබහේදී උන්වහන්සේ කියා ඇත්තේ මෙපරිදිය.

    “ඉතින් මමත් ලියලා ඇරියා, මම ලෝගුවටත් ආදරෙයි, සිවුරටත් ආදරෙයි. මේ දෙකම ආගමික සංකේත පමණක් ය මට ඒකත් හොඳයි මේකත් හොඳයි. දැනට මේක ඇඳගෙන ඉන්නවා. අරකත් ඕනැ වුණොත් ඉස්සරහට ඒකත් අඳිනවා කියලා.”

    ජයකොඩි පියතුමාගේ සුවිශිෂ්ට බෞද්ධ නැඹුරුව මෙරට කතෝලික සභාවේද උදහසට ලක්වූ ආකාරයක් පෙනී යයි. එසේ සිතෙන්නේ උන්වහන්සේම කියා ඇති දෙයකිනි.

    “රේඛාවේ ගීතවලට සම්මාන ලැබෙද්දි ඒක ගන්න යන්න වාහනය දුන්නේ නැහැ. ආවෙත් ගියෙත් ටැක්සියෙන්.”

    කෙසේ වෙතත් ආගම යනු අන් කිසිවක් නොව ආදරයයි. එය උන්වහන්සේ කවියට නඟා අපූරුවට ප්‍රකාශ කළේ මෙලෙසිනි.

    කොයි හංවඩුව ඇතිවුව ආගමැයි කියා..
    කොයි පණිවිඩය තිබිණි ද බයිබලේ ලියා..
    ආදරයයි ආගම යනු හිතේ තියා..
    මල් ගෙන පුදමි ඒ ආගම ලොවේ සොයා..
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    ජීවිත කතාව

    කැලණි නදිය නිසල ව ගලා බසියි. ගංතෙරෙහි උණ පඳුරු සෙවණක ලැගුම්ගෙන සිටින ධවල ලෝගුවකින් සැරසුණු පැවිද්දෙකි. මේ පරිසර හිතකාමී පැවිදි තෙම වූ කලී පසුකලෙක ‘පන්සලේ පියතුමා’ නමින් සිරිලක පුරා ප්‍රකට වූ මර්සලින් ජයකොඩි පියතුමන් ය. එතුමාගේ නෙත ද සිත ද එකවිලස යොමු ව පැවැතියේ ගඟ දියමත රිද්මයකට ඇදී යන ඔරුවක් වෙත ය. ඊළඟ මොහොතේ උන්වහන්සේගේ එක’තක වූ කඩදාසි ගොනුවක් මත අනිත් අතෙහි තිබූ පෑන රඟදෙන්නට විය.

    ”ඕලු නෙළුම් නෙරිය රඟාලා - කිකිණි හඬන වලා නඟාලා
    ගඟුල් තොටිල්ලේ මල් ඇතිරිල්ලේ - මගේ කුඩා ඔරුව හබල් ගා”

    නෙත ගැටුණු මනරම් දසුනින් සිත මැවුණු සුන්දර හැඟුම් කඩදාසිය මත සටහන් වන්නට වූයේ එලෙසිනි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදියාගේ ‘රේඛාව‘ චිත්‍රපටය ඔස්සේ දේශීය ගීත සාහිත්‍යයේ මහත් පෙරළියක් කරන්නට මතු යම් දවසක තමන්ට හැකි වෙතැයි එදා කැලණි ගං ඉවුරේ හිඳගෙන හුන් මර්සලින් ජයකොඩි පියතුමා මොහොතකටවත් නොසිතන්නට ඇත.

    ළමා මර්සලින්ට සිංහල භාෂාවෙන් අධ්‍යාපනය ලබන්නට වරම් ලැබුණේ තෙවන වසර දක්වා පමණකි. ඒ මාදම්පේ සිංහල පාඨශාලාවෙනි. එතැන් සිට කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් ඉංග්‍රීසි මාධ්‍යය ඔස්සේ ශිල්ප හදාරන්නට ඔහුට සිදුවිණි. එහෙත් බහ තෝරන වියේ පටන් ම කුඩා මර්සලින්ට නිවසේදීම කවි ගී රස විඳින්නට අවකාශ සැලසිණ.

    මර්සලින්ගේ පියා සිංහල වෛද්‍යවරයෙකි. ඔහු වෙදපොත් හැදෑරුවේ ඒවායේ කවි හඬ නඟා කියවීමෙනි. මර්සලින්ගේ මෑණියන් සඳලංකාව ප්‍රදේශයේ බොදු පරපුරක සාමාජිකාවක් වූවා ය. ඉඩක් ලද හැම විටක ම ජාතක පොත හා පැරණි කවි පොත් හඬ ගා කියවීම ඇගේ සිරිතකි. කව් කල්පනා කුඩා මර්සලින්ගේ සිත තුළ රෝපණය වීමට පසුබිම සැලසුණේ එලෙසිනි.

    ශාන්ත ජෝසප් විද්‍යාලයේදී ඉංග්‍රීසි භාෂාවට අමතර ව ලතින්, ග්‍රීක් හා ප්‍රංස භාෂා හැදෑරීමට ද මර්සලින් සිසුවාට මඟපෑදිණි. ඉංග්‍රීසි සාහිත්‍ය විෂයයෙන් හැමදාම මුල් තැන හිමිවූයේ ඔහුට ය. ග්‍රීක සාහිත්‍ය හැදෑරීමේදී අර්ථපූර්ණ බවට එහි ප්‍රමුඛත්වයක් ලබාදී තිබෙන අයුරු දැකීමෙන් තමා කළ ගැඹුරු ජීවන දර්ශනයක් ජනිත වූ බව පසුකලෙක එතුමා සඳහන් කළේ ය.

    ජෝසප් විදුහලෙන් පසු තරුණ මර්සලින්ට අම්පිටිය දෙව්සත්හල බලා යාමට සිදුවිණි. විසිපස්වන විය වන විට ඔහු දෙව්සත්හලින් නික්ම එන්නේ පූජකවරය ලබාගනිමිනි. කොළඹට පැමිණි මර්සලින් පියතුමා කොළඹ ශාන්ත පීතර හා ශාන්ත ජෝසප් විදුහල්වල ගුරු සේවයේ නිරත විය.

    ශ්‍රී ලංකාවට නිදහස ලැබීම නිමිත්තෙන් ශාන්ත ජෝසප් විදුහලේ පැවැති මුල් ම නිදහස් උළෙලෙහිදී සිසුවියන් පිරිසක් විසින් ගැයුණු ‘ශ්‍රී ලංකා රාණි මෑණියේ - ත්‍රී සිංහලේම රානියේ’ නම් ගීතය නිර්මාණය කෙරුණේ මර්සලින් පියතුමා අතිනි. එහි ඇතුළත් ත්‍රී සිහලේ’ වදන පිළිබඳ ව වාද විවාද ද එකල පැනනැඟිණි.

    ගිහියන්ට මෙන්ම පැවිදි පක්ෂයට ද ඒ සමයේ දඬුවම් මාරුවලින් ගැලවීමක් නොවීය. කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් විසින් මර්සලින් පියතුමන් යාපනයේ ශාන්ත පැට්රික් විදුහලට මාරු කෙරිණි. දෙවියන් වහන්සේගේ සේවයට කැපවී සිටි එතුමාණෝ ඉතා සතුටින් එහි ගියහ. යාපන අර්ධද්වීපයේ සිසුන් අතර පමණක් නොව වැඩිහිටි සමාජය තුළ ද මේ සිංහල පියනම ඉක්මනින් ම ජනප්‍රිය විය.

    දෙමළ ජනතාවගේ සිරිත් විරිත්, ඔවුන්ගේ් දුක් පීඩා සියල්ල දකුණේ ජනතාවට විස්තර කරමින් එතුමා ඊඪථඥඵ පත්‍රයට තීරු ලිපියක් ලියන්නට විය. “යාපනයට යනකම් අපි සම්පූර්ණ නැහැ” පසු දවසක ඔහු හිතවතුන් පිරිසකට පැවසුවේ ය. “දෙමළ මිනිස්සුන්ගෙ ආත්ම ශක්තිය, නිහතමානිකම, සරල බව, යාපනයට ගිහින් බලපුවහමයි මේ හැම දෙයක් ම අපට වැටහෙන්නෙ.” එතුමා හිතවතුන්ට තවදුරටත් පැහැදිලි කර දුන්නේ ය.

    මර්සලින් පියතුමා කලාව හා සංගීතය හැදෑරීම පිණිස ශාන්ති නිකේතනයට ද ගියේ ය. එක් ග්‍රීෂ්ම සමයක දහදිය ගලන සිරුරින් යුතුව එතුමා සිය කුටියේ බිම ඒ මේ අත පෙරළෙමින් සිටියේ ය. හදිසියේ ග්‍රීෂ්මය අඩු වී ඔහු නින්දට වැටිණ. උදෑසන කිසිවකු ඔහුගේ කාමරයට ඇතුළු විය. ඒ ඔහුගේ් ගුරුදේව නන්දාලාල් බෝස් ය. “ඔබට නින්ද ගියාද?” ගුරුදේව විමසීය. “ඔව් රෑ දොළහට විතර” ගෝලයා පිළිතුරු දුන්නේ ය. “මම තුවා දෙකක් තෙමලා ජනේලෙන් ඇතුළට දැම්මා. ඒවා අරන් යන්ඩ ආවේ.” තුවා දෙක අහුලාගත් ගුරුතුමා සිනාසී යන්නට ගියේ ය. “අනේ හැබෑට මෙහෙමත් ආගන්තුක සත්කාරයක්” මර්සලින් පියතුමා තමාට ම කියා ගත්තේ ය.

    සංගීතය හැදෑරීමට ගරු පියතුමා ඇතුළු වූයේ අලහාබාද් විශ්වවිද්‍යාලයට. සහතික පත්‍ර ප්‍රදාන උත්සවයේදී සිසුන්ගේ ප්‍රසංගයක් විය. සෙසු ශිෂ්‍යයෝ සිය හපන්කම් පෙන්වීමට ගැඹුරු රාග තාල යෙදූ ගී ගායනා කළහ. ප්‍රේක්ෂකාගාරයට නැවුම් ආස්වාදයක් රැගෙන එමින් අප පැවිදි සිසුවා සරමකින් හා ජටාවකින් සැරසී වේදිකාවට පිවිසියේ ය. ඔහු ගැයූ පාරු කවියට සභාවෙන් නැඟුණු අත්පොළසන් නාදය විනාඩි ගණනාවක් පුරා පැවතිණි.

    ශිෂ්‍යයකු වශයෙන් පමණක් නොව ගුරුවරයකු වශයෙන් ද එතුමා කවදත් කළේ අමුතු වැඩ ය. පියතුමා කොළඹ පාසලක උගන්වමින් සිටි සමයේ පාසල් යාම මඟහැර චිත්‍රපටයක් නැරඹීමට යන තම ගෝළයෙක් දිනක් මඟදී මුණගැසිණ. දඟකාරයා තමා ඉදිරියේ දැඩි අසරණභාවයකට පත්වනු ගුරු පියාගේ සිත තුළ ඔහු ගැන අනුකම්පාවක් හටගැනිණ. ලෝගුවෙහි වූ සාක්කුවට අත දැමූ පියතුමා අතට අසුවූ කාසි කිහිපය කොලුවාගේ මිට මොලවා සිනාසී යන්නට ගියේ ය.

    මුල් කාලයේ ඉංග්‍රීසි බසින් ලේඛන කලාවේ නිරත වුවද තම මව්බස ප්‍රගුණ කරගැනීමේ අවැසිතාව තරුණ මර්සලින් පියතුමාට තදින් ම හැඟිණ. ඒ පිළිබඳ ව ළතැවෙමින් සිටි පියතුමාට භාෂා ප්‍රේමියකු වූ ජයන්ත වීරසේකරයන් හඳුනාගන්නට ලැබිණ. කුමාරතුංග සූරීන්ගේ සගයකු වූ වීරසේකරයෝ අප පියතුමාණන් කුමාරතුංගයන්ගේ සුබැසි හවුලට සම්බන්ධ කළහ. පසුව දිනපතා ම පාහේ සවසට කොටහේනේ සිට බොරැල්ලට පයින් ම පැමිණි ජයන්ත වීරසේකරයෝ මහත් කැපවීමකින් පියතුමාණන්ට සිංහල භාෂාව ඉගැන්වූවෝ ය.

    කෙතරම් සූර ලෙස එතුමා භාෂාව ග්‍රහණය කරගත්තා ද කිවහොත් 1949 වසරේදී, කතෝලික සභාවේ ප්‍රමුඛ පුවත්පත වන ‘ඥානාර්ථ ප්‍රදීපයේ’ කතු අසුන මර්සලින් පියාණන්ට පිරිනැමිණ . එතෙක් ආගමික පුවත් හා ලිපිවලට පමණක් සීමා වී තිබුණු ඥානාර්ථ ප්‍රදීපයෙහි ඒකාකාරී මුහුණුවර වෙනස්කර සාහිත්‍ය කලා විෂයයන්ගෙන් සේ ම දේශීය ලක්ෂණවලින් ද සමන්විත ආකර්ෂණීය පුවත්පතක් බවට එය පත් කරනු ලැබුවේ මර්සලින් පියාණන් විසිනි. සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ සභාපති ධූරයට පත්වීම ද පියතුමාගේ කවිත්වයට හා භාෂා ප්‍රේමයට පිදුණු උපහාරයක් සේ සැලකිය හැකි ය.

    මර්සලින් ජයකොඩි පියතුමා තරම් ගිහි පැවිදි බොදුනුවන් ඇසුරු කළ කිතුනුවකු සොයාගත හැකිදැයි සැක සහිත ය. අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමිපාණන්ගෙන් පටන් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන් දක්වා වූ සඟරුවන පියතුමාගේ සමීපතමයෝ වූහ. මෙරට කිතුනු - බොදු සබැඳියාවේ ඓතිහාසික මතක සටහනක් තබමින් 1995 දී ජයකොඩි පියතුමා ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගත්තේ ය. ශ්‍රී ලාංකික බව හා සිංහලකම මුල් කරගෙන තම ජීවන දැක්ම සකසාගෙන සිටි එතුමාණන්ට පන්සලත් පල්ලියත් අතර වෙනසක් නොපෙනිණ. ‘නෙළුම් පිපෙන්නේ බුදුන් වඳින්නයි’, ‘පෝය හඳදා කුසුම් යානයි’, ‘වෙසක් කැකුළු අතු අග හිඳ’ වැනි ගේය පද එතුමාගේ පන්හිඳෙන් ගලා ආවේ අපේකම පිළිබඳ ව නිරන්තරයෙන් ම හදපත්ලෙහි පැවති අව්‍යාජ ළෙන්ගතු බව නිසාවෙනි.

    1983 අගෝස්තු 31 දිනය ගරු මර්සලින් ජයකොඩි පියාණන්ට මෙන් ම ශ්‍රී ලංකාවාසී අප සැමට ද වැදගත් දවසක් විය. ‘පුවත්පත් කලාව, භාෂා හා නිර්මාණාත්මක ජනසන්නිවේදනය’ වෙනුවෙන් පිරිනැමෙන ජාත්‍යන්තර මැග්සයිසයි සම්මානය සඳහා ඒ වසරේ නම් කරනු ලැබුවේ එතුමා ය. පිලිපීනයේ මූලස්ථාන කාර්යාලයේදී එතුමාට සම්මාන කමිටුව හමුවේ අවසාන සම්මුඛ සාකච්ඡාවට පෙනී සිටීමට සිදුවිය. “ඔබතුමාගේ දීර්ඝකාලීන සාහිත්‍ය සේවාවෙන් කොපමණ පිරිසක් කතෝලික දහමට නැඹුරු කරගෙන තිබේදැ’යි පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයෙක් පැනයක් විමසී ය.

    ”මම කිසිම කෙනෙක් එහෙම මගේ ආගමට හරවා ගන්න උත්සාහ කරලා නැහැ. මා කළ එක ම කාර්යය තමා මට හමුවන සියලු දෙනාගේ ම හදවතේ තිබෙන පහන දැල්වීමට උත්සාහ කිරීම. ඒක මම මට පුළුවන් තරම් හොඳින් කළා. එපමණයි.” ජයකොඩි පියතුමාගේ සෘජු පිළිතුරට ප්‍රශ්නය නැඟූ පුද්ගලයාගේ මතු නොව සෙසු සාමාජිකයන් ගේ් ද ඇස් උඩ ගියේය. සම්මුඛ සාකච්ඡාව එතැනින් ම නිමවිණි.

    ආගම, ජාතිය, කුලය හෝ පන්තිය බඳු සීමා මායිම් අතික්‍රමණය කරමින් දශක නවයකටත් අධික කාලයක් පොදු ජන මෙහෙවරෙහි කැපවූ මර්සලින් ජයකොඩි නම් කලාකාමී පියතුමාණන්ගේ අන්තිම කැමැත්තවූයේ උන්වහන්සේ විසින් ම නිර්මාණය කරන ලද ‘කලා ලංකා’ නම් කලායතන භූ®මියේ සමාදානයේ සැතපෙන්නට ය. එහි වූ ‘නෙළුම් පොකුණ’ ඉස්මත්තෙහි කන්‍ය මරියතුමියගේ පිළිරුවක් තනා ඒ පාමුල තම සිරුර මිහිදන් කරන ලෙස එතුමා ඉල්ලා සිටියේ ය. එසේ ම ‘මමත් මලක් නම් පිපී සුවඳ වී ඔබ ළඟ පරෙවන්නා’ නම් එතුමා මහත් සේ ප්‍රිය කළ ගී පදය එහි සමරු ඵලකයක ලියා තබන ලෙසද මර්සලින් පියතුමා අවසන් කැමැත්තේ දක්වා තිබිණ.

    එහෙත් උන්වහන්සේගේ අභිමතය පරිදි ඒ කිසිවක් සිදු නොවුණ ද මර්සලින් ජයකොඩි නාමය එදා මෙදා නොව මතුදා ද සකල ලක්වාසී ජනහදවත්වල සදා රැව් දෙනු ඇත.

    ’මගෙ නත්තල දුගියා බත් කන දාය
    මගෙ නත්තල වැරහැලි නැති වන දාය
    මගෙ නත්තල ඔබෙ දුක සැනසෙන දාය
    මගෙ නත්තල මඬු පල්ලිය යන දාය

    මිනිස් සිත් සතන් හි දුක තුනීවන දා උදාවන තුරු වෙසක් කැකුළු අතු අග සුපිපෙන තුරු මර්සලින් ජයකොඩි පියාණන්ගේ කුළුණුබර සිනහව කිසිවකුට හෝ අමතක නොවනු ඇත.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මේක කතෝලික ආගමට කරන ලොකු අපහාසයක්.දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ පිළිම වන්දනාව පිළිගන්න එපා එතුමව විතරක් අදහන්න අනිත් ආගම් වලට ගරහන්න කියලා.එහෙම වෙලත් අපේ ඉගැන්වීම් වලට පිටින් යන මූව ගහක එල්ලා මරන්න ඕන.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    මේක කතෝලික ආගමට කරන ලොකු අපහාසයක්.දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ පිළිම වන්දනාව පිළිගන්න එපා එතුමව විතරක් අදහන්න අනිත් ආගම් වලට ගරහන්න කියලා.එහෙම වෙලත් අපේ ඉගැන්වීම් වලට පිටින් යන මූව ගහක එල්ලා මරන්න ඕන.
    බෞද්ධ අය දේවාල ගානේ යන්නේ 🤷
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    මේක කතෝලික ආගමට කරන ලොකු අපහාසයක්.දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ පිළිම වන්දනාව පිළිගන්න එපා එතුමව විතරක් අදහන්න අනිත් ආගම් වලට ගරහන්න කියලා.එහෙම වෙලත් අපේ ඉගැන්වීම් වලට පිටින් යන මූව ගහක එල්ලා මරන්න ඕන.
    උබට කතෝලික දෙයියා එක්ක අල්ල පැටලිලා. අල්ල තමා පිළිම එපා කිව්වේ
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    බෞද්ධ අය දේවාල ගානේ යන්නේ 🤷
    Itin?
    උබට කතෝලික දෙයියා එක්ක අල්ල පැටලිලා. අල්ල තමා පිළිම එපා කිව්වේ
    අල්ලා කියන්නෙත් ඊශ්‍රායල වැසියන් අදහන ලෝකය මැව්ව දෙවි කෙනා තමා.
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    උබට කතෝලික දෙයියා එක්ක අල්ල පැටලිලා. අල්ල තමා පිළිම එපා කිව්වේ
    බයිබලෙත් කියල තියෙනවා නේද පිළිම වන්දනාව රූප වන්දනාව කරන්න එපා කියල.