බ්‍රදර්ස් ඔන්න තවත් ලෝක යුද්ධ ස්ටෝරියක්..
රොබට් මොෆාට් ලොසී
මේ ඉන්නෙ.... කොහොමද ගැම්ම...
ලෝක යුද්ධයේ පළමු ඇමෙරිකානු බිල්ල වුනේ මේ තරුණයා.
ඉපදුණේ 1908. 1924දී ඉස්කෝලෙ අධ්‍යාපනේ ඉවර කළා. අවුරුදු 17දී හමුදාවට බැඳුනා. අවුරුදු 23 විතර වෙනකොට කොල්ලා මාස්ටර්ස් උපාධි දෙකකුත් කරලා ඉවරයි. ඔහුගේ ගුරුවරු කිව්වේ ඇකඩමි එකට එතෙක් ආපු දක්ෂම කෙනා කියලයි.
1933 දී බැන්දා.
1940 වෙනකොට ෆින්ලන්තය සහ රුසියාව යුද්දෙක පැටලිලා හිටියේ. මේ නිසා ෆින්ලන්තයේ තිබෙන ඇමෙරිකානු තානාපති කාර්යාලයට රොබට්ව යැවුවා ශීත දේශගුණ තත්ත්ව වල ගුවන් යානා හැසිරවීම ගැන අධ්‍යනය කරන්න පුළුවන් නිසා. කොල්ල ගුවන් හමුදාවට අනුයුක්ත කරලා හිටියේ.
1940 ඒ යුද්දෙ ඉවර වුනාම රොබට්ව මාරු කළා ස්වීඩන හා නෝර්වේ තානාපති කාර්යාල වලට අනුයුක්ත කරලා. ඒ 1940 මාර්තු වල. අනේ ඊට දවස් 12කට පස්සේ අපේ හිට්ලර් ගොයියට ඇම්ම වැඩි වෙලා යුද්ද ප්‍රකාශ කළා නොර්වේ වලට විරුද්ධව.
අවුලක් නෑනෙ. ප්‍රකාශ කළා විතරනේ. නෑ. පිස්සුවෙන් වගේ බෝම්බත් දාන්න ගත්තා.
ජර්මන්නු බෝම්බ දැම්ම වෙනම ක්‍රමයක් තියනවා 'යුන්කර්' කියන බෝම්බ හෙළන යානා උකුස්ස වගේ පහළට ඇවිල්ල අත ඇරලා ෆ්ලැට් කරලා යනවා. අයියෙ පොඩ්ඩක් ඉන්න මං ලැට් එකට ගිහිල්ල එනකං කිව්වට හරි යන්නෙ නෑ.
ඉස්සෙල්ල ගුවන් හමුදාවෙන් කුඩුවෙන්න ගහල දෙවනුව වේගෙන් එන ජංගම ප්‍රහාරක රථ සහ ටැංකි වලින් සතුරාව බෝන් අගේන් කරන එක තමයි ප්‍රධාන මෙතෝඩ් එක.
හැබැයි ඒක සමහර වෙලාවට අවාසියටත් හිටිය. මොකද බිල්ඩින් සමතලා කළාම බිමින් එන රථ වලට ඒ සුන් බුන් අස්සෙන් යන එක අමාරුයි. ගුවන් හමුදාවේ එකාගේ මමී මතක් කර කර තමා යන්න වෙන්නේ ටැංකියේ ඩ්‍රයිවර්ට. වේගේ බාල වෙනව. ඒක ස්ටාලින්ග්‍රාද් වලදී වුනා.
ඉතින් ටොපික් එකෙන් පිට පැන්න නිසා අපේ රොබට්ට මොකද වුනේ කියල බලමු.
අපේ කතානායක (මහින්ද යාපා එහෙම නෙවෙයි) රොබට්ව යැව්වා නොර්වේ හිටපු තානාපති නිලධාරීන්ව කෝමහරි ස්වීඩන් වලට එක්ක එන්න.
එයා තානාපතිනිය ෆ්ලොරන්ස් හැරිමන්ව එක්කගෙන ආව. හැබැයි තවත් නිලධාරියෝ හිටිය බේරගන්න. ඒ නිසා ආයේ යන්න ලෑස්ති වුනා.
මෙන්න මේ නිලධාරිනිය මාර කතාවක් කියනව.
"පුතා මම ගිහිං අපේ අය ගැන බලන්නම්."
රොබට් කියනවා " කොහොමද එහෙම යන්නෙ, ජර්මන්නු බෝම්බ නාවනව.. ගියොත් ඉවරයි "
තානාපතිනිය - "නෑ. මම වයසයි, මගේ හොඳම කාලේ මං ගත කරලා ඉවරයි. නමුත් ඔය දරුවට එහෙම නෑ තව කාලයක් ගත කරන්න තියනවා" කියල කියනවා.
රොබට් එතකොට කියනවා "නමුත් ඔබ ඉහල නිලධාරිනියක්. ඔබට මහා විශාල සේවයක් කරන්න පුළුවන් " කියලා
මේ විදිහට හිතන රජයේ නිලධාරියෝ ලංකාවේ ඉන්නවනං අටපට්ටමට කියන්ඩ ඕනේ......
..........මේ ඉන්නේ තානාපතිනිය සහ රොබට්........
ඉතින් කෝම හරි රොබට් තානාපතිනියව තියලා රථය විතරක් අරං ආයේ යනවා නොර්වේ වලට.
අනේ රේල් පාරක් ළඟින් යනකොට ජර්මන්නු බෝම්බ දාන්න පටන් ගන්නවා. රොබට් ඇතුලු සෙට් එකක් රිංග ගන්නවා දුම්රිය පාරේ උමගක් ඇතුලට. මේ තියෙන්නේ ඒක.
රොබට්ගේ හිතේ තියෙන්නේ ජර්මන්නුන්ගේ උපක්‍රම සහ විධි ගැන අවධානයෙන් ඉන්න. ඉතින් එයා උමගේ කෙලවරේ ඉඳන් බලනවා ප්‍රහාරක යානාවල් දිහා.
ඒ අතරේ ලඟට වැටෙන බෝම්බයක් රොබට්ව සිදුරු කරලා දානවා. ඉතින් අවුරුදු 31 දී රොබට් මේ ලෝකෙන් සමුගන්නවා.
මේ වෙද්දී ජර්මනිය ඇමෙරිකාව එක්ක යුද්ද කළේ නැහැ. ඉතින් සිද්ධිය ආරංචි වෙලා නට්සි ගුවන් හමුදාවේ ප්‍රධානියා හර්මන් ගෝරිං එවනවා ශෝක ප්‍රකාශයක්.
ඉතින් රොබට් මියගිය ඒ නගරයේ වැසියෝ එකතු වෙලා ඔහු වෙනුවෙන් ස්මරකයකුත් හදනවා නොර්වේ වල.
මේ ඒක.
ඉතින් අර තානාපතිනියත් නිකන් හිටියේ නැහැ. එයා තව අවුරුදු 27ක් විශාල සමාජ සේවයක් කළා. අපේ වගේ ආ කොල්ලෝ මැරිලා යුද්දේ දින්නට ඊළඟට චන්දෙ කියල බලන් හිටියේ නැහැ.
කතාව මේකයි. මේ රොබට් මැරුණට පස්සේ තව 400000 ක් පමණ ඇමෙරිකානුවන් මිය යනවා. ඒ අතර රොබට් එක්කෙනෙක් වුනත් ඔවුන් කළ කැප කිරීම නිසා තව බොහෝ පිරිසකට අදටත් සේවයක් වෙලා තියනවා. අපේ රණවිරුවනුත් එහෙමයි.
මේ ලිපිය මං ලිව්වෙත් අපේ රණවිරුවන්ට තිබෙන ඒ ආදරය නිසා.
ඉතින් ඔවුන්ට කරන ප්රණාමයක් විදිහටවත් අපේ රටට සමාජයට කරන්න පුළුවන් යම් යහපත් දෙයක් තියෙනවනං කරපං. හැම තිස්සෙම දේශපාලකයන්ටම කඩේ යන්න හෝ බැන බැන හෝ ඉන්නේ නැතිව. මොකද දේශපාලකයෝ කරන ප...ක් නැති නිසා.
එහෙනං උඹලට බුදු සරණයි........ ජය...