ඉතිහාස පෙළ පොත් පාඩම් කරන්නේ කොහොමද ?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මට ආසාවක් අවා ඉතිහාසය ඉගෙන ගන්න ඒක නිසා මන් පාසල් ඉතිහාස පෙළ පොත් අන්තර්ජාලයෙන් download කළා මම ඉස්සරෝම පාඩම් කරනවා කියලා ඒ පොතේ තියන හැමදෙයක්ම පොතක ලියා ගත්තා වැඩේ නම් හොදයි මොකද එහෙම කරාම හොදට මතක තියනවා එත් වෙලා යනවා එක පිටුවක් ලියන්න අඩුම විනාඩි විස්සක් වත් යනවා ඒක නිසා මන් දැන් කරන්නේ ඒ පොත් වල වැදගත් කරුණු කියලා highlight කරලා තියන ඒවා විතරක් ලියාගන්නවා

    ඔයාලගේ අදහස් මොනවද?
     
    • Like
    Reactions: castellain

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    මට ඉගැන්නුවේ බමුණුසිංහ කියලා සර් කෙමෙක්.11දියි 9දියි.මට හම්බුන පට්ටම ගුරුවරයෙක් අදටත පාඩන් ලෝක ඉතිහාසය එහෙම රජවරුන්ගේ නම් එකම තියෙන නිසා පැටලෙනවා ඒ ඇරුනා සිදුවීම් එහෙම නන් පාඩන්.පට්ටම ගුරෙක්...කතා විලාශය එහෙම මරු😂 කතා කරනකොට පොඩ්ඩක් කෙල විසිවෙනවා ඒ ඇරුනම අනිත ඒව නන් නියමයි..
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,617
    2,843
    113
    ඕන වෙලාවට පොත බලන්න පුළුවන්කම තියෙද්දි මොකටද පාඩම් කරන්නේ? :nerd:
    Exam එකකට ලියනවා වගේනන් අවුලක් නෑ
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මමත් පොඩි කාලේ ඉඳන්ම ඉතිහාසයට කැමතියි. ඒ නිසා හොඳ විදිහක් කියන්නං. හැම දේම පොතක ලිව්වට ඔය වගේ ගොඩක් කරුණු තියෙන විෂයක් මතක තියාගන්න අමාරු වෙයි.

    ඊට වඩා, පින්තූර ක්‍රමේකට යන්න.

    ඉතිහාසය ගලාගෙන යන්නේ ලෝකේ රටවල් සහ පුද්ගලයින් එක්ක. ඒ නිසා සිතියමක් අරගෙන ඒ ඒ කාලවල වෙනස් වීම් මතක තියාගන්න උත්සහ කරන්න. ඒ මනස් චිත්‍රය හදාගන්න එකට පෙළපොත් පාවිච්චි කරන්න.
    මේක පැහැදිලි වෙන්න උදාහරණයක් කියන්නම්.

    ක්‍රි.පූ.6 වෙනි සියවසේ වගේ කාලේ ඉඳලා ලංකාවට සම්බන්ධකම් හා බලපෑම් තිබ්බේ උතුරු ඉන්දියාවේ රාජධානි එක්ක. ලංකාවේ වරාය වල දියුණුව සහ ඉන්දියාවේ භාරුකච්ච, සුප්පාරක වරාය නිසා.… ඒක සිතියමක මතක තියාගන්න ලේසියි.
    නමුත් 1100න් පස්සේ දකුණු ඉන්දියාවේ බලපෑම් වැඩි වෙනවා. ඒ වගේම 1500න් පස්සේ ඉන්දියාවෙන් එහාට ගිහින් යුරෝපීය බලපෑම් ඇති වෙනවා. යුරෝපේ රටවල් ලෝකේ බෙදා ගන්න සටනේදි. ඔය වගේ චිත්‍රයක් විදිහට මතක තියගත්තම හරි ලේසියි සහ ඉගෙන ගන්නත් ආසා හිතෙනවා.
     
    • Like
    Reactions: adowhybn

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334

    :):):):):):):):):):):):):):):):):)
     
    • Like
    Reactions: castellain

    Similar threads