වැදි ජනතාව විහිළුවට ගත්තට මේ ටික අහලා තියෙනවද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,458
    100,485
    113
    Blok & Dino ලා ගෙ විඩියෝ එක මම බැලුවෙත් මේ ඊයෙ පෙරේදා නඩුවක් වැටුන කතාව ඇහුවට පස්සේ. ඒ නිවුස් එක ගැන කමෙන්ට් කරලා තිබ්බ ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබ්බේ වැදි නායකතුමා ත් යූටියුබ් බලනවද කියන එක. ඒකෙන් මට වැටහුණ දේ තමයි ගොඩක් අයට මේ විඩියෝ එක බලලා ඒකේ හාස්‍ය රසය විඳලා හිනා වෙන එක මිසක් එතනින් පිට මෙතන තියන ප්‍රශ්නේ මොකද්ද කියලා අවබෝධයක් තිබ්බේ නෑ.
    අපි හැමෝම වැදි ජනතාව ගැන හිතන් ඉන්නේ කැලේ ඉන්න, කොල අතු ඇඳගත්ත, ශිෂ්ටසම්පන්න නොවුන ජන කොටසක් විදිහට. ඒකනේ නිකන් අපිළිවෙළට ඇඳගත්ත, අපිළිවෙළට කොණ්ඩෙ වවාගත්ත ලමයෙක් දැක්කත් අදටත් අම්මලා බනින්නේ, "වැද්දෙක් වගේ" කියලා. වැදි ජනතාව කියන්නේ ඇත්තටම අපේ රටේ සංස්කෘථියේ, ඉතිහාසයේ, ශිෂ්ඨාචාරයේ විතරක් නෙවෙයි ජන සමාජයෙත් විශේෂ කොටසක් කියන එක අපි ගොඩක් අයට අමතක වෙන දෙයක්. අපේ රටේ විතරක් නෙවෙයි ඕනිම රටක ආදි වාසි ජන කොට්ටාශ කියන්නේ ඒ රටේ අනන්‍යතාවය කියලා ලෝකයට ආඩම්බරෙන් පෙන්නන්න පුලුවන් කොටසක්.

    දැන් මාස කීපයකට උඩදි මම මගේ ප්‍රොෆෙසර් මට කියවන්න කියලා දුන්න මගේ ආචාර්ය උපාධියට අදාළ වෙන පරිණාම විද්‍යාවට සම්බන්ධ ටෙක්ස්ට් බුක් එකක් කියෙවුවා. ඒ පොතේ තිබුන එක ඩයග්‍රම් එකක් දැක්කම මම උඩ ගියා. ඒ ලෝකයේ විවිධ ජන කොටස් වල පරිණාමීය ඉතිහාසය සහ ලෝකයේ මිනිස්සුන්ගේ සංක්‍රමණික රටා පෙන්නන phylogenetic tree එකක diagram එකක්. මම කියවලා බලද්දි ඒක තමයි ලෝකයේ රුධිර ඝන පාවිච්චි කරලා මානව වර්ගයාගේ ප්‍රවේණි ඉතිහාසය නිර්ණය කරලා තියන පළවෙනි පර්යේශණය. ඒකේ ලෝකෙ අනිත් ජන කොටස් කීපයක් අතරේ අපේ පුංචි ලංකාවෙ වැදි ජනතාව ගේ දත්තත් ඇතුළත් වෙලා තියනවා දැකලා මම පුදුම වුනා. ඊට පස්සේ පුංචි ආඩම්බරයක් දැනුනා, අවුරුදු ගාණක් තිස්සේ ලෝකෙ පුරා පරිණාම විද්‍යාව ඉගෙනගන්න විද්‍යාර්ථීන් සියදාස් ගාණක් කියවන ටෙක්ස්ට් බුක් එකක අපේ පුංචි රටේ වැදි ජනතාව ගැන දත්ත ත් ඇතුළත් වෙලා තියනවා නේද කියලා. මම ඒක මගේ ප්‍රොෆෙසර්ටත් පෙන්නලා ජීවහස්ථ - දිසාලා ගෙන් පැවතවෙන වැදි පරපුරේ මුලු කතාවම කිවුවා. මොකද ජනප්‍රවාදයේ කියන විදිහට සිංහබාහු-සිංහසීවලී වගේ අයියා-නංගි විවාහයකින් පැවත එන විජය, කුවේනි එක්ක සහසම්බන්ධයෙන් හැදුන ජීවහස්ථ -දිසාලා කියන තවත් අයියා-නංගි විවාහයකින් නම් වැදි පරපුර පැවත එන්නේ, ඒකම ඇති ලංකාවේ වැදි ජනතාව ගැන ප්‍රෙවේණි විද්‍යාත්මක පර්යේශණයකට වස්තුබීජය කරගන්න. මගේ ප්‍රොෆෙසර්ත් ඒක බොහොම උනන්දුවෙන් අහගෙන ඉඳන් ඒ දත්ත වලට අනුව අපේ වැදි ජනතාව ආසියානු කලාපයේ අනිත් ජනකොටස් වලට වඩා පරිණාමීයව සැලකියයුතු වෙනස් ඉතිහාසයක් තියන ජන කොටසක් බව පෙන්නන එක ගැන පුදුම වුනා. මේ සේරම එක්ක මට හිතේ කොණක මතුවෙච්ච පොඩි සැකයක් එක්ක මම මේ දත්ත ගත්ත මුල් පර්යේශණ පත්‍රිකා පොඩ්ඩක් හොයාගෙන ගියා. ඒවා ඉතාලි සහ බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥ්‍යයින් කණ්ඩායමක් විසින් ලෝකෙ පුරා විවිධ ජන කොටස් වලින් ගත්ත ලේ සාම්පල වලින් ABO රුධිර ඝණ පරීක්ශා කරලා කරපු පර්යේශණයක්. මම ඒ පර්යේශණ පත්‍රිකා පීරමින් බැලුවා ඒ මොකක හරි සඳහනක් ඇතිද මේ පර්යේශණයට ලේ සාම්පල දීමෙන් සහභාගි වුන වැදි ජනතාව මොන පළාත් වල අයද, එයාලාගෙ කැමැත්ත ඇතුවද මේ පර්යේශණ කෙරුණේ, එහෙම නම් එයාලගේ කැමැත්ත ගන්න එයාලට මේ ගැන පැහැදිලි කෙරුනේ කොහොමද, එයාලට කොහෙ හරි acknowledgement එකක් වත් තියනවද කියලා. ඒ වගේ දෙයක් ගැන කිසිම සඳහනක් තිබුනේ නෑ. ආතර් මෝරන්ට් කියන බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයෙක් විසින් එවකට අප්‍රිකාවේ සහ ආසියාවේ බ්‍රිතාණ්ය යටත් විජිත රටවල් විශාල ගණනාවකින් ඒ දත්ත එකතු කරලා එවකට ලෝකයේ තිබ්බ විශාලම මිනිස් රුධිරය පිළිබඳ දත්ත ගබඩාව හැදුවා සහ ඒ දත්ත එකතු කරන්න උදවු වුනු ඔහුගේ ශිෂ්‍යයින් කීප දෙනෙක්ගේ නම් විතරයි සඳහන් වුනේ. වර්තමානයේ මිනිස්සු සම්බන්ධ කරගෙන කෙරෙන ඕනිම විද්‍යාත්මක පර්යේශණයක ඒ වගේ සදාචාරාත්මක අංග අනිවාර්යෙන් ඇතුලත් වෙන්න ඕනි වුනත් ඒ කාලේ විද්‍යාත්මක පර්යේශණ වල ඒ වගේ දේවල් ඇතුලත් වෙන්න ඕනි කියලා නියමයක් තිබ්බේ නෑ. ඒ නිසාම ඒ පර්යේශණ කරපු විද්‍යාඥ්‍යයින් ඒ ක්ශේත්‍රයට විශාල දායකත්වයක් එවකට දුන්න අය වුනත් අද වෙනකොට ඔවුන්ව හඳුනවන්නේ parachute scientists ලා විදිහට. ඒ කියන්නේ බටහිර, ධනවත් රටවල් වලින් අපි වගේ පොඩි රටවල් වලට ඇවිත්, දත්ත අරගෙන, ඒ රටේ ඒ පර්යේශණයට දායක වුන ජන ප්‍රජාව ගැන කිසිම සඳහනක් නොකර ගිහින එයාලගේ පර්යේශණ ප්‍රතිපල එළිදක්වන අය.
    ඊට සමාන දෙයක් විදිහට තමයි මම මේ විදිහට අපේ ආදිවාසි ජනතාව ඉලක්ක කරගෙන විහිළුවට හරි යම්කිසි නිර්මාණයක් කරන එක දකින්නෙත්. අද ගොඩක් දියුණු රටවල් වල විද්‍යාඥ්‍යයින් පවා ඔවුන්ගේ පර්යේශන යම්කිසි රටක ආදිවාසී ජනතාවගේ නිජබිම් වල කෙරෙනවා නම් ඒ පර්යේශන පත්‍රිකා එළිදක්වද්දි, ඒ පර්යේශන ගැන සම්මන්ත්‍රණ වල කතා කරද්දි ඒ බිම් වල මුල් උරුමක්කාරයින් වෙච්ච ආදිවාසි ජනතාවට ප්‍රණාමය පුද කරනවා. උදාහරණයක් විදිහට මම වතාවක් එකට වැඩ කරපු කැනේඩියානු ජාතික විද්‍යාඥ්‍යවරියකගේ හැම ඊමේල් එකකම එයා යටින් මෙන්න මේ වාඛ්‍යය සටහන් කරනවා.
    “My home and workplaces are built on the traditional unceded territory of the Algonquin Anishinaabe people. The collection I work with originated in hundreds of thousands of times and natural places from coast to coast to coast, on the territories of Métis and First Nations people and in Inuit Nunangat.”

    මේක විද්‍යාත්මක පර්යේශණ වල විතරක් නෙවෙයි වෙනත් බොහෝ ක්ශේත්‍ර වල කෙරෙන දෙයක්. හොඳම උදාහරණයක් තමයි අපේ ලංකාවෙත් ගොඩක් දෙනා බොහොම ආසාවෙන් බලන MasterChef Australia වැඩසටහන. මේ වැඩසටහනේ Season 13 එකේදි එක වටයකදි තරඟකරුවන්ව ඖස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රදේශයේ ආදිවාසී නිජබිමකට එක්කන් යනවා ඒ භූමියේ ඉඳන්, ඒ ජනතාවගේ ඖස්ට්‍රේලියාවට ආවේනික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා කෑම හදන්න. ඒ තැන් වලදි ඒ තරඟකරුවන් සහ විනිසුරු වරුන් ඒ ආදිවාසී ජනතාවට දුන්න ගෞරවය බලන් ඉන්න ලස්සනයි. ඒ හැම එපිසෝඩ් එකක්ම පටන්ගත්තේ වැඩසටහනේ නිශ්පාදකවරු, ඒ භූමියේ අතීතයේ ජීවත් වුනු, දැනට ජීවත් වන සහ අනාගතයේ ජීවත් වෙන ආදිවාසී ජනතාවට තමන්ගේ ගෞරවය පුද කරමින්.

    දැන් කාට හරි කියන්න පුලුවන් "අපෝ ඉතින් ඔච්චර සීරියස් ගන්නේ මොකටද, Block & Dino ලා කරේ කොමඩි එකක්නේ" කියලා. තමන් අයිති නොවෙන ජන කොටසක් විහිළුවට හරි නිර්මාණයක නිරූපණය කරද්දි ඒක සැලකෙන්නේ ඒ ජන කොටසට කරන නිග්‍රහයක් විදිහට. බටහිර රටවල් වල වුනත් ආදිවාසී නොවෙන කෙනෙක්, ආදිවාසී චරිතයක කොස්ටියුම් එකක් පවා අඳින එක ඔවුන්ට කරන නිග්‍රහයක් විදිහට සැලකෙන්නේ. ඒ නිසා ගොඩක් අය හැලොවීන් කොස්ටියුම්ස් විදිහට වුනත් Pocahontas, Moana වගේ චරිත වල කොස්ටියුම්ස් අඳින්නේ නෑ. මොකද ඒ ඒ ජන කොටසට ආවේණික ඇඳුම් එයාලා අඳින විදි තියනවා. ඒවට තේරුම් තියනවා. එතකොට ඒ ජන කොටසේ නොවෙන කෙනෙක් ඒ ඇඳුම් අඳින එකෙන් ඒ තේරුම් වලට හානියක් වෙන්න පුලුවන්. සිංහල ජන සමාජේ ඇතුලේ වුනත් එහෙම දේවල් තියනව නේ. උදාහරණයක් විදිහට සමහර උඩරට අය ඉන්නවා උඩරට ඔසරිය, උඩරට ආභරණ කට්ටලය එහෙම යම් යම් තේරුම් තියනවා කියන. එතකොට ඒවා එකේක විදිහට වෙනස් කරලා, මොඩර්න් කැන්ඩියන් කරලා එහෙම අඳිනවට එයාලා කැමති නෑ.

    ඒ වගේම ආදිවාසී නොවන කෙනෙක් නිර්මාණයකට ආදිවාසී චරිතයක් නිරූපණය කරනකොට වෙන්නේ අපි ඒ ජන කොටස ගැන දන්න පොදු මතවාද, එහෙමත් නැත්තම් stereotypes පදනම් කරගෙන තමයි ඒ නිර්මාණය හදන්නේ.ඒ බොහෝ දුරට වැරදි ඒවා වෙන්න පුලුවන්. හොඳම උදාහරණයක් තමයි, The Big Bang Theory ටීවී සීරීස් එක බලලා තියන අයට මතක ඇති එක එපිසෝඩ් එකක ශෙල්ඩන් බස් එකෙදි නින්ද ගිහින් ලොස් ඇන්ජලීස් නුවර ශ්‍රී ලංකිකයින් ඉන්න ප්‍රදේශයක අතරමං වුනා කියන කොටස. අපි ගොඩක් අය ඒ කොටස දැකලා පොඩි චූන් එකක් ගන්නවා මේකේ ලංකාවේ නම කියවුනා නේ කියලා. ඒත් ඒ කොටසේ ශෙල්ඩන් ලාංකිකයින් ගැන කතා කරන්නේ මූණ දැක්කම බය හිතෙන, හරියට ඉංග්‍රිසි කතා කරගන්න බැරි, යක්ශ ඇදහිලි විශ්වාස කරන ම්ලේච්ඡ ජන කොටසක් විදිහට. අපි කවුරුත් දන්නවා ඒක ඇත්ත නෙවෙයි කියලා. ඒත් ඒක තමයි කලු හම තියන දකුණු ආසියාතිකයින් ගැන ගොඩක් බටහිර රටවල් වල සුද්දන්ගේ හිතේ තියන stereotype එක. අපේම රටේ ඉන්න තවත් සහෝදර ජන කොටසක් වෙච්ච වැදි ජනතාව ගැනත් අපේ තියෙන්නේ අන්න එහෙම stereotype එකක්. හැම වචනෙටම අගට "පොජ්ජ" කියලා දන්නේ මේකෙ අන්න ඒ stereotype එක පදනම් කරගෙන. ඒත් වතාවක් මට මතකයි ජැක්සන් ඇන්තනි මහත්මයා එක්ක කරපු වැඩසටහනක ඌරුවරිගේ වන්නියලැත්තෝ කිවුවා වැදි භාශාව වචන ඉතාම සුළු ගණනක් තියන භාශාවක් වුනත් කොච්චර සාරවත් භාශාවක් ද කියන එක ගැන. අනිත් stereotype එක තමයි කැලේට වෙලා කොල අතු ඇඳගෙන ඉන්න, මස් පුච්චගෙන කන, නාන්නේ මූන හෝදන්නේ නැතුව අපිරිසිදුවට ඉන්න, තාක්ශණය එක්ක කිසි ගණුදෙනුවක් නැති ම්ලේච්ඡ ජනකොටසක් කියලයි අපි හිතන් ඉන්නේ. එතකොට ඒ stereotype එකෙන් අපගමනය වුන වැදි චරිතයක් කියන්නේ ජෝක් එකක් කියන කන්සෙප්ට් එක මතයි මේ නිර්මාණය ගලාගෙන යන්නේ. ඒත් ඇත්තටම වැදි ජනතාව එහෙම නෑ. ඔවුන් අතරේ උපාදිධාරීන් පවා ඉන්නවා. ඔවුන්ටම ආවේනික වුන දියුණු සංස්කෘතියක් තියනවා.

    ඇමෙරිකාවේ ආදි වාසීන් වෙන රතු ඉන්දියානු ජනතාව ගත්තොත් අද වෙද්දි ඔවුන් ජීවත් වෙන්නේ ඉතාම දුක්ඛිත තත්ත්වයක්. ඔවුන්ගේ පාරම්පරික නිජබිම් අහිමි වෙලා (අහිමි කරලා ) රජය විසින් ඔවුන්ව කොටු කරපු භූමීන් (reservations) වලට හිර වෙලා රජයෙන් දෙන දීමනාවකින් යැපෙමින් බොහොම අලස ජීවිත ගත කරන්නේ. ඒ අතින් මම හිතන්නේ අපේ වැදි ජනතාව ඊට වැඩිය හොඳ ජීවන් තත්ත්වයක් පවත්වාගනිමින්, ඔවුන්ගේ ආවේණික සංස්කෘතිකාංගත් රැකගනිමින්, නූතන ලෝකයටත් අනුගත වෙමින්, ඔවුන්ගේම නායකයෙක් යටතේ ජීවත් වෙනවා. ඉතින් එහෙම ඉන්න ජන කොටසක් විහිළුවට භාජනය කරනවාට වෙනුවට අපි කරන්න ඕනි ඔවුන්ව ආඩම්බරයෙන් පිළිගන්න එක. ලෝකයේ බොහෝ රටවල් ඒක කරනවා. උදාහරණයක් විදිහට, ඕස්ට්‍රේලියාවේ 2000 වසරේ සිඩ්නි ඔලිපික් උළලේ ඔලිපික් ගිණි සිළුව දැල්වුවේ ඕස්ට්‍රේලියානු ආදිවාසී සම්භවයක් සහිත තරුණ ක්‍රීඩිකාවක් වෙච්ච කැතී ෆ්‍රීමන්. ඔලිම්පික් සංවිධායකයින් ඒ ගැන සඳහන් කරේ "නව ඕස්ට්‍රේලියාවේ සංකේතයක් සහ ආදිවාසී ඕස්ට්‍රේලියානු ජනතාවට උපහාරයක්" වශයෙන් ඇයව ඒ සඳහා තෝරාගත් බව.

    අපේ ලංකාව කියන්නෙත් එක පැත්තකින් සිංහබාහු-සිංහ සීවලී ඉඳන් පැවතගෙන එන, තව පැත්තකින් විජය-කුවේනි පටන් ජීවහස්ථ - දිසාලා ගෙන් පැවතගෙන එන, තව පැත්තකින් දුකුණු ඉන්දියානු සම්භවය සහිත උතුරේ ද්‍රවිඩ ජනතාවගෙන් පැවත එන, ශ්‍රමය පිණිස අරන් ආපු කඳුකර ද්‍රවිඩ ජනතාවගෙන පැවත එන, මුස්ලිම් වාණිජ ප්‍රජාවගෙන් පැවත එන, පෘතුගීසි, ලංදේසි, ඉංග්‍රීසි හැම ජාතිය එක්කම සම්මිශ්‍රණය වුන ජනතාව ජීවත් වෙන බහුවාර්ගික බහුජාතික රටක්. ඒ වගේ රටකට රටක් විදිහට ඉස්සරහට යන්න නම් එක් එක් ජනවර්ග ගැන ගෞරවයක් තිබීම අත්‍යවශ්‍යයයි. එක් එක් ජාතීන් පාදක කරගෙන හාස්‍ය උත්පාදනය කිරීම නවතින තැනින්ම තමයි ගෞරවය පටන්ගන්නෙත්. Blok & Dino ලා සහ ඌරුවරිගේ වන්නියලැත්තෝ අතරේ නඩුව මොන පැත්තකට හැරෙයිද දන්නේ නෑ. ඒත් කාට කාටත් අන්න ඒ කාරණය ගැන ටිකක් ගැඹුරින් හිතන්න මේ සිද්ධිය හේතුවක් වෙනවනම් ඒකත් වටිනවා.

    - මානසී -

    From FB
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    දැන් ඉන්න උන් වැදිකං කරන්නෙ රස්සාවට. අනික උංගෙ ඇති සංස්කෘතික් නෑ
    අහුවන දෙයක් කාල මොනවගෙන් හරි විලිවහගෙන හිටිය ගෝත්‍රික කොටසක්
    බලපන් රෙඩ් ඉන්ඩියන්සල එක්ක බලද්දි මුං මොන පොන්නයොද.
     
    • Like
    Reactions: Hasantha125

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    lankawe mona waddo da huttho ? unta wahana idan tiyeanwa. lol
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,937
    16,956
    113
    Colombo
    lankawe mona waddo da huttho ? unta wahana idan tiyeanwa. lol
    උබ කියන්නෙ වදි ජනතාව හැමදාම කොලඅතු එල්ලන් අමුඩෙ ගහගෙන දඩමස් කකා කැලේ බඩගගා ඉන්නෝනෙ කියලද?
    ඔව් උන්ට වාහන තියෙනව phone / peotv / fiber තියෙනව. උන්ගෙ ලමයි ඉස්කෝලෙ යනව ඉගෙනගන්නව සමහර වෙලාවට campus යනව.
    උබල වගේ උන්ව තමයි ගිහින් වැද්දො වගේ ඉඳපන් කියල කැලේ දාල එන්න ඕනෙ උන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,458
    100,485
    113
    නඩු දාලත් නෑ වැටිලත් නෑ

    හෑලි ලියන්න කලින් ඒක හොයල බලන්න තිබුන
    ඕක හැල්ලකට වඩා information වගයක් ආදී වාසින් ගැන කරපු පරීක්ෂණ වල.

    lankawe mona waddo da huttho ? unta wahana idan tiyeanwa. lol
    ඇයි වාහන තියෙන්න බැරිද? මේකේ තියෙන්නේ DNA එක්ක කරපු පර්ක්ෂණ වගයක් ගැන.
    ------ Post added on Mar 22, 2025 at 11:52 AM

    දැන් ඉන්න උන් වැදිකං කරන්නෙ රස්සාවට. අනික උංගෙ ඇති සංස්කෘතික් නෑ
    අහුවන දෙයක් කාල මොනවගෙන් හරි විලිවහගෙන හිටිය ගෝත්‍රික කොටසක්
    සියල්ල දත් වැඩකරු 🤦
    බලපන් රෙඩ් ඉන්ඩියන්සල එක්ක බලද්දි මුං මොන පොන්නයොද.
    නෑ නේ දෙගොලගෙම තාම පරම්පරාව පවත්වාගෙන යනවා. ඒ නිසා උන් දෙගොල්ලම පොන්න නෑ.
    ------ Post added on Mar 22, 2025 at 11:55 AM
     
    • Like
    Reactions: topkollek