ඉදිරියේදී ඔස්ට්‍ර්ලියාවේ PR....

pra52

Active member
  • Nov 24, 2007
    748
    171
    43
    ඉදිරියේදී ඔස්ට්‍ර්ලියාවේ PR....

    By Dinesha Dilrukshi Wijesuriya
    Source: SBS News. 14 JUN 2018 - 4:05 PM
    UPDATED 1 HOUR AGO


    ඉදිරියේදී ඔස්ට්‍ර්ලියාවේ ස්ථිර පදිංචිය ලබගනිමේදීද (PR) සංක්‍රමණික ප්‍රජාවනට ඉංග්‍රීසි භාෂා පරිෂණයකට මුහුණ දීමට සිදුවෙතැයි නවතම ප්‍රවෘති වාර්තා හෙලිකොට සිටී.
    එහෙත් මෙම පරීක්ෂණය ප්‍රථමික මට්ටමෙහි ඉංග්‍රීසි මැන බැලීමේ පරිෂණයකට සමාන වනු ඇතැයි සඳහන්. ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හා සම්බන්ද අමාත්‍ය ඇලන් ටජ් පවසනුයේ මෙරට ස්ථිර පදිංචිය ලබාගත් පුද්ගලයින් මිලියනයකට ආසන්න සංක්‍යාවක් කිසිලෙසකින්වත් ඉංග්‍රීසි භාෂාව කතා නොකරන බවට හෙළිව ඇති බවයි. භාෂනයේදී මෙලෙස භේදයක් ඇතිවීම සමාජ ඛණ්ඩනයකට හේතුවෙනු ඇති ද අමාත්‍යවරයා පෙන්වාදෙයි.

    මෙරට පුරවැසිභාවය ලබගනිමේදීද මෙලෙසින් ඉංගිසි භාෂා පරීක්ෂණයකට මුහුණ දීමට අවශ්‍ය යෝජනා පසුගිය කාලයේදී රැගෙන ආ අතර, එයට එල්ලවූ බලවත් සමාජ විරෝධය සහ සෙනෙට් සභාව තුලදී එය සම්මත කරලීමට කම්කරු සහ ග්‍රීන්ස් පක්ෂ විරෝධතාව දැක්වීම නිසා එය තාවකාලිකව හකුලා ගැනීමට රජයට සිදුවිය. එහෙත් එය මේ වසර තුලදී නැවත බලාත්මක කිරීමට පියවර ගන්න බව සංක්‍රමණ සහ Home Affairs අමාත්‍ය පීටර් ඩටන් පවසයි. පෙර යෝජනාවෙහි ඇතුලත් වුනු IELTS ඉංග්‍රීසි භාෂා පරීක්ෂණයේ Band 6 මට්ටම වෙනුවට Band 5 මට්ටම දක්වා ලිහිල් කොට එය නැවත ගෙන ඒමට අදහස් කරන බව අමාත්‍යවරයා පවසයි.

    එහෙත් ස්ථිර පදිංචිය (Permanent Residency) ලබගැනිමේදී මුහුණ දීමට යෝජිත මෙම නව ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය IELTS මෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් ලෙසින් නොව එය ඔස්ට්‍රේලියාවට ගැලපෙන ලෙස සකසන ලද දේශීය ආකාරයේ පරීක්ෂණයක් ලෙසට ගෙන ඒම සඳහා යෝජනා කිරීමට තමා බලාපොරොත්තුවන බව ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හා සම්බන්ද අමාත්‍ය ඇලන් ටජ් පවසයි.

    මෙරට පුරවැසිභාවය (Citizenship) ලබාගැනීමේ පළමු පියවර වන ස්ථිර පදිංචිය (Permanent Residency) ලබාගැනීමේදී මෙලෙස ප්‍රථමික මට්ටමින් හෝ ඉංගිසි භාෂා මට්ටම මැනබලිම තුලින් සංක්‍රමණික පිරිස් වල මෙරට ස්ථාපනය වීමේ ක්‍රියාවලිය වඩාත් ඵලදායී වනු ඇතැයි අමාත්‍ය ඇලන් ටජ් වැඩිදුරටත් පෙන්වා දෙයි.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අපේ රටේ උන්ගේ ඩ්‍රීම් ලෑන්ඩ් එක.ඩිස්නි ලන්තය.:rofl: