ඉදිරි පැය 48 ඇතුළතදී අනාගත අරමුණ කියනවා

laknews

Member
Nov 16, 2009
94
1
0
ඉදිරි පැය 48 ඇතුළතදී අනාගත අරමුණ කියනවා

ඉදිරි පැය 48 ඇතුළතදී අනාගත අරමුණ කියනවා​

2cijlfl.jpg

ඉදිරි පැය 48 තුළ තමාගේ අනාගත අරමුණු ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කරන බව ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි ධුරයෙන් ඊයේ (16 වැනිදා) විශ්‍රාම ගත් ජනරාල් සරත් ෆොන්සේකා පැවැසීය.

අවසන් වතාවට ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ලෙස ඊයේ (16 දා) පෙරවරුවේ යුද හමුදා මුලස්‌ථානයේ වූ සිය කාර්යාලයට පැමිණි ජෙනරාල් ෆොන්සේකා තමන් වෙනුවෙන් පැවැති ත්‍රිවිධ හමුදා උත්තමාචාරයට සහභාගි වෙමින් සිය ධුරයෙන් විශ්‍රාම ගත්තේය. මෙම අවස්‌ථාවට ත්‍රිවිධ හමුදාපතිවරුන් සහභාගි වී නොසිටීම කැපී පෙනෙන සිද්ධියක්‌ විය. තමා විශ්‍රාම ගියත් ඉදිරි කාලය තුළ රටටත් ජනතාවටත් සේවය කිරීමට ඇපකැප වන බවත් පැවැසීය. හෙතෙම මේ බව පැවැසුවේ ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි ධුරයෙන් විශ්‍රාම යැම නිමිත්තෙන් සිය කාර්ය මණඩලය අමතමිනි.

ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව උතුරේ කළ බිහිසුණු යුද්ධයේදී ත්‍රස්‌තවාදීන් පරදවා ලත් විශිෂ්ට ජයග්‍රහණය නිසා මුළු ලෝකය පුරාම ජනප්‍රියත්වයට පත්වූ බව කියා සිටි ෆොන්සේකා මහතා ඒ නිසා හමුදාවේ ශ්‍රේෂ්ඨත්වය නැංවීමට මහඟු සේවයක්‌ කළ ත්‍රිවිධ හමුදාවට තමා මුළු හදින්ම කෘතඥතාව පළකරන බව ද කියා සිටියේය.

ජෙනරාල්වරයා විශ්‍රාම යැමේ හමුදා ආචාර පෙළපාලිය ඊයේ පෙරවරුවේ ඉතාමත් හැඟීම්බර ලෙස පැවැත්විණි.

මේ අතර හෙතෙම සිය කාර්යාලයේ තිබූ භාණ්‌ඩ ඉවත් කර ගත්තේය.ජෙනරාල්වරයාගේ සමුගැනීමේ උත්සවයට ඒ මහතා සමඟ ඔහුගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය ද සහභාගි වී සිටියාය.​

Source :- http://wp.me/pI5Gy-2i
 
kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ගු ගොඩක් වගේ තිබෙන ශ්‍රි ලාංකා දේශපාලනයට ඔබ එන්න හදන්නෙ ඇයි?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ගු ගොඩක් වගේ තිබෙන ශ්‍රි ලාංකා දේශපාලනයට ඔබ එන්න හදන්නෙ ඇයි?

    මේ ගූ ගොඩ සුද්ධ කරලා, ලස්සන ලංකාවක් හදන්න ශක්තිය අපේ ජෙනරල්ට ලැබෙන්න ඕනා....!! :yes: :yes:

    කොටි එලෙව්වා වගේම, ලංකාවේ මේ තමන්ගේ පවුල ශක්තිමත් කරගන්නා දේශපාලකයෝ එලවලා දාන්න ඕනා....!! :growl: :angry:
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    :D:D..........හොඳ තීරණයක් අපි බලාපොරොත්තු වෙනවා ජෙනරාල් තුමනි

    අපි ජෙනරල්ට.... :yes: ජෙනරල් අපිට වගේම රටට..... :yes: ජයවේවා....!! :)

    මේ ගූ ගොඩ සුද්ධ කරලා, ලස්සන ලංකාවක් හදන්න ශක්තිය අපේ ජෙනරල්ට ලැබෙන්න ඕනා....!! :yes: :yes:

    කොටි එලෙව්වා වගේම, ලංකාවේ මේ තමන්ගේ පවුල ශක්තිමත් කරගන්නා දේශපාලකයෝ එලවලා දාන්න ඕනා....!! :growl: :angry:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,943
    113
    ආශ්චර්යමත් රටක
    මේ ගූ ගොඩ සුද්ධ කරලා, ලස්සන ලංකාවක් හදන්න ශක්තිය අපේ ජෙනරල්ට ලැබෙන්න ඕනා....!! :yes: :yes:

    කොටි එලෙව්වා වගේම, ලංකාවේ මේ තමන්ගේ පවුල ශක්තිමත් කරගන්නා දේශපාලකයෝ එලවලා දාන්න ඕනා....!! :growl: :angry:

    :yes::yes::yes::yes::yes::growl::angry::yes::yes: