ඉදිරි වසර 4 සදහා EPF පොලිය 9% ට බස්සයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සේවක අර්ථසාධක අරමුදල සාමාජිකයන් සදහා ගෙවන වාර්ෂික පොලී ප්‍රතිශතය සැලකිල්ලට ගෙන 2023 සහ 2026 කාලය දක්වා ඉදිරි වසර 4ක කාලයේ දායකත්ව මුදල් මත හිමි වන වාර්ෂික පොලී අනුපාතය අවම වශයෙන් 9% ක් ලෙස සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.


    ඒ සඳහා සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ දායකත්ව මුදල් මත වන ප්‍රතිලාභ පොලී අනුපාත තහවුරු කිරීමට හැකිවන පරිදි 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් විකුමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.



    ඒ අනුව පසුගිය වසර පහක කාලයේ සේවක අර්ථසාධක අරමුදල විසින් සාමාජිකයන් සඳහා ගෙවනු ලබන වාර්ෂික පොලී ප්‍රතිශතය සැලකිල්ලට ගෙන 2023 සහ 2026 කාලය දක්වා ඉදිරි වසර 4ක කාලයේ දායකත්ව මුදල් මත හිමි වන වාර්ෂික පොලී අනුපාතය අවම වශයෙන් 9% විය යුතු බවට නියම කෙරෙන පරිදි 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට නියමිතය.

    දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල සතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රශස්තකරණයට ලක් වීමෙන් එම අරමුදලේ සාමාජිකයන්ගේ විශ්‍රාමික ගෙවීම් හා ප්‍රතිලාභවලට බලපෑමක් නොවන අයුරින් එකී ගෙවීම් සහ ප්‍රතිලාභ තහවුරු කිරීමේ අවශ්‍යතාව රජය හඳුනාගෙන ඇති බව කැබිනට් තීරණ දැනුම් දීමේ පත්‍රිකාවේ දැක්වේ.
     
    • Sad
    Reactions: haunte

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අවුරුදු 4 ක් නේ කමක් නෑ කියමු. හෑබෑයි ඉතින් අන්තිමට රනිල් මාමා කෙලියේ පෞද්ගලික සමාගම් වල වෑඩ කරන මිනිස්සුන්ට. බදුත් ගෙවලා කවදා හරි වයසට ගියහම ගන්න තියෙන එකටත් කෙලියා.. අනිත් බෑදුම්කර ගත්ත එවුන්ට කිසිම හෙනයක් නෑ.
     
    • Like
    Reactions: shenat

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    Central Bank staff EPF 25% ( blood money)
    CEB staff EPF 25% ( blood money)
    Hayleys staff EPF 38% ( own profit)