ඉන්කා මමියක මරණයේ තතු හෙලිවේ

madushanka224

Member
Feb 19, 2014
173
91
0
ඉන්කා මමියක මරණයේ තතු හෙලිවේ

මෙය මාගේ බ්ලොග් අඩවියේ පළවූ ලිපියක් වන අතර එහි ලින්කුව පහතින් දැක්වෙනවා.

Code:
http://dhiyatha.blogspot.com/2014/03/blog-post_12.html

මෙම ත්‍රෙඩ් එකෙහි සම්පූර්ණ ලිපියම පළවන අතර මම මෙම ලිපිය ලිවීමට කැපකල කාලය සහ වූ මහන්සිය ගැන යම්කිසි අගය කිරීමක් කිරීමට කැමති අය ඉන්නවානම් දීලා තියෙන ලින්ක් එක හරහා ගිහින් මගේ බ්ලොග් අඩවිය තුලින් මෙම ලිපිය කියවන්න.



article-2569110-1BE049B300000578-415_634x379.jpg


මෙම මමියේ අතීතය පිළිබඳ හරිහැටි විස්තරයක් සඳහන් නොවෙතත් 1890දී බැවේරියානු කුමාරිකාවක වන තෙරේසා කුමරිය විසින් මමිය අත්පත් කරගත් බව සඳහන් වෙනවා. ඉන්පසුව වසර 100කට අධික කාලයක් මෙම මමිය තිබී ඇත්තේ ජර්මනියේ බැවේරියානු ප්‍රාන්ත පුරාවිද්‍යා භාණ්ඩ එකතුවේයි.

වසර 1600ක් පමණ පැරණි ලෙසට සැළකෙන මෙම මමිය සොයාගෙන තිබෙන්නේ දකුණු ඇමෙරිකාවේ ඇටකාමා කාන්තාරයෙන්. මෙය වයස විසි ගණනක් වූ ඉන්කා කාන්තාවකගේ මමියක් ලෙසට සැළකෙනවා.

article-2569110-1BDA0AEF00000578-388_634x670.jpg



ඇයගේ හිසකේ බැඳි පටි නිපදවා ඇත්තේ බැටළු හෝ ලාමා සත්වයෙකුගේ සම් වලින් බව සොයාගෙන තිබෙනවා. මෙම කරුණත් ඇයගේ හිසේ හැඩයත් පදනම් කරගෙනයි විද්‍යාඥයන් ඇය දකුණු ඇමෙරිකානු සම්භවයක් ඇත්තියක බව නිගමනය කර තිබෙන්නේ.

article-2569110-1BE049B700000578-661_634x379.jpg




ඇය චාගාස් ආසාදනය නම් ආසාදනයකින් පෙලුනු බවටත් හඳුනාගෙන තිබෙනවා. නමුත් ඇයගේ මරණය සිදුවී ඇත්තේ මෙම ආසාදනය නිසා නම් නොවෙයි. මෙම ආසාදන තත්වය ඇයව මරණය අභියසටම ගෙනැවිත් තිබුනත් ඇය මියගොස් ඇත්තේ බිලිපූජාවකදී බිල්ලට දීමෙන් බව නවතම වෛද්‍ය පරීක්ෂණ මගින් සොයාගෙන තිබෙනවා.

ඇයගේ සම්භවය හා මරණය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබාගැනීම සඳහා මියුනිච් විශ්වවිද්‍යාලයේ පුරාණව්‍යාධිවේදියෙකු වන ඇන්ඩ්‍රියාස් නර්ලිච් ඇටසැකිල්ල, ශරීර අවයව සහ පුරාණ DNA පරීක්ෂාවට ලක්කොට තිබෙනවා.

මමියේ බාහිර පෙනුමෙන් ඇය අවසන් මොහොතේදී අධික කම්පනයකට ලක්වූ බවට සාක්ෂි දක්නට නැතත් හිස්කබලේ නළල් ප්‍රදේශය බිඳී ගොස් ඇති බවට CT ස්කෑන් පරීක්ෂණයක් මගින් සොයාගෙන තිබෙනවා.

පරීක්ෂණ කටයුතු පිළිබඳව "Plos One" නම් සඟරාවට ලිපියක් ලියමින් අදහස් දක්වන පර්යේෂණ කණ්ඩායම පවසා සිටින්නේ ඇයගේ හිසට තියුණු ආයුධයකින් එල්ල වූ පහරවල් කිහිපයක් නිසාවෙන් ඇය මරණයට පත්ව ඇති බවයි. ඇය මරා දැමීමෙන් අනතුරුව ඇයව ඇටකාමා කාන්තාරයේ වළදමා ඇති අතර කාන්තාරයේ වැලි සහ සුළඟ හේතුකොටගෙන ඇය ස්වාභාවිකව මමිකරණය වී ඇත. මමියේ හිසකෙස් වෛද්‍ය පරීක්ෂණ වලට ලක්කිරීමෙන් අනතුරුව මියයන විට ඇයගේ වයස නිර්ණය කර ඇති අතර ඇය ජීවත් වූ කාලයේදී මුහුදු ආහාර සහ ඉරිඟු වැඩි වශයෙන් ආහාරයට ගන්නට ඇති බවටත් නිගමණය කර තිබෙනවා.
 

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    ඇයි බන් ඒ එක ඇගිල්ලක් උඩට කරගෙන ඉන්නේ? :oo:
    වැදගත් විස්තරයක් බන්.. ර්‍රෙප්ප්ප්ප්ප්++:yes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    sunday lankadeepa pattareth dala tibba mamiyak gana..mataka widiyata nam 500 years parana ekak..eka nam hodata tiyenawa..
     

    madushanka224

    Member
    Feb 19, 2014
    173
    91
    0
    අඩෝ ඒ කාලෙත් කෙල්ලෝ ලස්සනට කොන්ඩේ ගොතලා තියෙනවා නේද?

    Thanks for sharing. REP ++++


    good post rep++

    Ela Post machan +7



    yhanks man

    balapanko konde gothala thiyena lassana. patta kallak wennathine.. :(


    thanks for the replies and rep :):):)