අපිට ගොඩක් වේලාවට අන්තර්ජාලෙට සම්බන්ධ වෙලා ඉන්න තියෙන වෙලාව අඩුයි.ඒ නිසා සමහර වෙලාවට ගොඩක් දේවල් කියවන්ඩ ඕනි වුණත් වෙලාව අඩු නිසා මිස් වෙනවා.ඒ මඟඇරෙන්නේ සමහරක් විට බ්ලොග් වටිනා ආටිකල් එකක් වෙන්ඩ පුළුවන්.නැත්තම් නිවුස් සයිට් එකක පේජ් එකක් වෙන්ඩ පුළුවන්..නැත්තම් විකිපීඩියා වගේ විශ්වකෝෂෙක පිටුවක් වෙන්ඩ පුළුවන්..එකී නොකී ඕනිම අපිට ඉන්ටරස්ට් වෙබ් පිටුවක් අපිට නිදහස තියෙන වෙලාවකට කියවන්ඩ කොහේ හරි පිළිවෙළකට තියාගන්ඩ පුළුවන් නම් මාර වටිනවනේ.ඉන්ටනෙට් නැතුව වුණත් කියවන්ඩ පුළුවන් කමක් තියෙන්ඩ ඕනේ.කැම්පස් ඩයල්ස් එහෙම ගොඩක් තොරතුරු හොයාගන්නේ ඉන්ටනෙට් එකෙන්නේ..ඉතින් එයාලට මේක ෆට්ට..
කට්ටිය මේකට එක එක විකල්ප කියාවි.සමහරු කියයි බ්‍රවුසරෙන් බුක්මාක් එකක් විදියට දාගන්න පුළුවන් කියල.ඒත් මට නම් ඒක අල්ලන්නේ නෑ.බුක් මාක් ගොඩක් ගොඩගැහිලා තියේවි මාසයක් විතර යද්දී.අනික ඉන්ටනෙට් නැති වෙලාවට බුක්මාක් වලින් මොකක් කරන්නද? සමහරු කියයි බ්‍රවුසරෙන් page එක save කරන්න පුළුවන් කියල..නැත්තම් HTTrack හෝ offline explorer වගේ සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන්ඩ පුළුවන් කියල.ඒත් ඒකත් මට හෙන කම්මැළි වැඩක්.මොකටද නිකන් තවත් සොෆ්ට්වෙයා එකක් ඇර ගෙන කාලේ නාස්ති කරන්නේ?අනික ඔය save කරගන්න ඒවා කොහේ දා ගත්තද කියල කාලයක් යද්දී අමතකත් වෙනවා.ඒ සොෆ්ට්වෙයා ප්‍රයෝජනවත් වෙන්නේ සම්පුර්ණ සයිට් එකම බා ගන්න ඕනේ වෙනකොට විතරයි.ඕන් ටිකක් හොයල බලද්දී එක ක්ලික් එකකින් වැඩේ පිළිවෙලට කරගන්ඩ පුළුවන් ක්‍රමයක් හම්බුණා.
මේක google chrome එක්කයි Mozilla firefox එක්කයි පාවිච්චි කරන්ඩ පුළුවන් එක්ස්ටෙන්ෂන් එකක්.ඒකේ නම 'read later fast'.මේක බ්‍රවුසරේට දා ගත්තට පස්සේ කරන්න තියෙන්නේ අපිට පස්සේ කියවන්න තියාගන්න ඕන වෙබ් පිටුවේ තැනක Right click කරලා එන මෙනුවෙන් Read Later කියල තියෙන එක ක්ලික් කරන්න විතරයි.
ඉන්ටනෙට් ඇතත් නැතත් ආයේ අපිට ඕනේ වෙලාවක ඒ විදියට save කරපු පිටුව බ්‍රවුසරෙන්ම කියවන්න පුළුවන්.
ඔයාලගේ බ්‍රවුසරේටත් දා ගෙන ට්‍රයි කරලා බලන්ඩකෝ..
# Google chrome වලට මෙතනින් දා ගන්ඩ..
# Firefox වලට මෙතනින්..
google chrome වල නම් 'Read later fast' අයිකන් එක එකතු වෙන්නේ apps page එකට, ඒකට යන්ඩ ඉස්සෙල්ලම අලුත් ටැබ් එකක් ඇරගෙන බ්‍රවුසරේ යට හරියේ තියෙන apps කියන තැන ක්ලික් කරන්න ඕනේ.
01.)
02.)
03.)
Firefox වල නම් මේ වගේ උඩම ඇඩ්රස් බාර් එක ලඟට අයිකන් එකක් එනවා.
ඒ අයිකන් එක ක්ලික් කරාම අපි Read later fast එකෙන් සේව් කරපු පේජ් ටික ලස්සනට තියෙනවා මේ වගේ..අපිට ඕනි විදියට ඒවා මැනේජ් කර ගන්නත් පුළුවන්.
source : lionsroarsumi.blogspot.com