ඉන්ටනෙට් වංචාකරුවන්
ෆිෂින් ක්‍රමයට ඔබව බිලිබාන ඉන්ටනෙට් අපරාධකරුවෝ.
ඉන්ටනෙට් වංචාකරුවන් බැංකු ගිණුම්වල රහස්‍ය මුල්‍ය තොරතුරු හා ක්‍රෙඩිට් කාඩ්වල රහස්‍ය අංක ඒවා අයිතිකරුවන්ගෙන්ම අසා දැන ගන්නට ක්‍රමයක් දියත් කොට තිබේ.
ඉන්ටනෙට්හී ඇති මේ කාලයේ තොරතුරු සයුරෙන් (sea) ඕනෑ තොරතුරු (fish) බිලිබාගන්නේය කියන තේරුමින් මේ වංචාව හදුන්වන්නේ "ෆිෂිං" කියාය.
එය ඉංග්‍රීසියෙන් ලියන්නේ phishing ලෙසය. ඊට හේතුව පරිගණක විනාශකාරීන් නිතරම "F" අකුර වෙනුවට "ph" යොදා ගැනීමේ නැඹුරුවක් තිබීමය.
බැංකුව හෝ වෙනත් මුල්‍ය ආයතනයක නිල වෙබ් පිටු ඇසුරෙන් තනන ව්‍යාජ වෙබ් පිටු යොදාගෙන ෆිෂින්වරු ඊ-මේල් පණිවිඩ යවයි.
ඒවා සමහර විට කෙනෙකුගේ පෞද්ගලික හා මුල්‍ය තොරතුරු උකහා ගන්නා ප්‍රශ්නාවලි වන්නට පුළුවන.
නැත්නම් පොදුවේ නිකුත්කළ චක්රලේකයි. එහෙමත් නැත්නම් යම් කෙනෙකු වෙනුවෙන්ම ලියා එවු ලිපියකි.
මේ ලිපියෙන් ඔබගේ බැංකු ගිණුමේ අංක, ක්‍රෙඩිට් කාඩ් අංක, ලිපිනයනාදිය ඉක්මනින් ඉල්ලයි. ඒ එක්කෝ ගිණුම අලුත් කර ගන්නට කියාය. නැත්නම් සමීක්ෂණයක් කියාය.
එසේත් නැත්නම් වෙනත් විමසීමක් කියාය. මොකක් හෝ බැලු බැල්මට සාධාරණ යැයි පෙනෙන හේතුවක් කියන ෆිෂිංවරු තොරතුරු ලබාගැනීමට "ලොකු හදිස්සියක්" පෙන්වයි.
මේ හදිස්සිය හොද අනතුරු හැගවීමකි.
බැංකු හා මුල්‍ය ආයතනවලට නැති හදිස්සියක් පෙන්වු විට, බොහෝ විට ක්‍රෙඩිට් කාඩ් පමණක් අත තබාගෙන සිටින්නෙක් ටිකක් කලබලයට පත්වන්නේ ඒ කාඩ් පත අවලංගු නොවී තබා ගැනීමට වැඩ කළ යුතු නිසාය.
ඉතින් ඉක්මනින් නොමග ගොස් ෆිෂිංවරුන්ට හසුවේ.
මේ අයුරින් ෆිෂිං ප්‍රහාර (phishing attacks) වලින් බේරී සිටින්නට මහජනයාට උපදෙස් දෙන "Anti Phishing working group" ආයතනය ඒ ගැන උපදෙස් මාලාවක් නිකුත් කොට තිබුණේය.
මුලිකම දේ හදිසි නොවන්න යනනයි.
කිසිසේත්ම පෞද්ගලික ගිණුම් තොරතුරු හා ක්‍රෙඩිට් අංක අඩුම තරමින් නම හෝ ලිපිනයවත්
ආරක්ෂිත වෙබ් අඩවියකට හැර වෙනත් කිසිම වෙබ් අඩවියකට ලබා නොදීමට වගබලා ගත යුතුය.
සාමාන්‍ය අඩවියක් http:// කියා පටන්ගන්නා නමුත් ආරක්ෂිත වෙබ් අඩවියක් https:// කියා පටන් ගන්නා බව ඔබ දන්නා නිසා මෙය පහසුයි.
එසේම මෙවැනි වෙබ් බ්‍රව්සර් කවුළුවල ස්ටේටස් බාර්හි අගුලු දැමු ඉබි සලකුණක්ද තිබේ.
මෙවැනි ඊ මේල් පණිවිඩයක් ලැබුණුවිට ඊ මේල් උත්තර දීම පසෙක තබා අදාළ බැංකුවට හෝ මුල්‍ය ආයතනයට දුරකථනයෙන් කතා කිරීමය. එවිට මෙවැනි නිවේදනයක් කොට තිබේදැයි දැන ගන්නට පුළුවන.
උපුටාගන්නා ලදී.