ඉන්ටෆියරන්ස් සහ නොන්-ඉන්ටෆියර්නස් එන්ජින්
මොනවද මේ ඉන්ටෆියරන්ස් සහ නොන් ඉන්ටර්ෆයරන්ස් එන්ජින් කියන්නේ?
අභ්‍යන්තර දහන එන්ජින් වල වෑල් සහ පිස්ටන් සිලින්ඩර් දහනකුටීරය තුල එකම අවකාශයකට අයිති වන එකක් වන නමුත් එය එකම වේලාවකදී නොවේ.ඉතා කාර්‍ය්‍යයක්ෂම වර්ගයේ එන්ජිමක් සහ නමුත් නඩත්තු ප්‍රමාද කරන්නේ නම් එය ඔබව අමාරුවේ දැමිය හැකිය.ටයිමිං බෙල්ට් හෝ චේන් කැඩීයාමක දී වෑල්ව සහ පිස්ටන් එම අවස්ථාවේ දී සිලින්ඩරය දහනකුටීරය තුළදි එකිනෙකට ගැටෙනු ඇත.බොහෝ විට මෙය නරක දෙයක් බව ඔබට කීමට අවශ්‍ය නොවේ.එහෙත් නොන්-ඉන්ටෆියරන්ස් එන්ජින් වල ටයිමිං බෙල්ට් කැඩී ගියවිටකද දී මෙම පිස්ටන් හා වෑල්ව එකම තැනක දී නොගැටෙන බැවින් එන්ජින් අභ්‍යන්තරයට හානි ඇති නොකරයි.
ඔබේ මෝටර් රථය ඉන්ටෆියරන්ස් එන්ජිමක් ද නොන්-ඉන්ටර්ෆියර්න්ස් එන්ජිමක් තිබේ ද යන්න දැනගන්නේ කොහොමද?
ඒ සඳහා ඔබට ඔබේ මෝටර් රථ අලෙවි නියෝජිතයාගෙන් හෝ කාර්මිකයාගෙන් ඇසීමට සිදු වනු ඇති අතර ඒ සඳහා මෝටර් රථයේ රෙපයාර් මැනුඅල් හෝ කාර්මික දත්ත සටහන් අවශ්‍ය වනු ඇත.
ටයිමිං බෙල්ට් හෝ චේන් හානි වූ විට කුමක් සිදු වේද?
නිසි පරිදි නඩත්තු කරන ලද මෝටර් රථ එන්ජිමක ටයිමිං බෙල්ට් හෝ චේන් ප්‍රශ්ණවලට මුහුණදීමට සිදුනොවනු ඇති,නමුත් යම් කිසි ලෙස එය සිදුවුවහොත් මෙහි සඳහන් කර ඇති ලෙස එය කිසිම ආකාරයක හොඳ ප්‍රතිඵලයක් නම් ලබා නොදෙනු ඇත.මෙහිදී හරියටම සිදු වන්නේ මොකක්ද?
ටයිමිං බෙල්ට්
සාමාන්‍යයෙන් ටයිමිං බෙල්ට් එකක් එන්ජිම පණගැන්වීමේ දී හෝ එන්ජිම නතර කිරීමක දී කැඩී යයි.හේතුව දුර්වල ටයිමිං බෙල්ට් මත ආතතිය වැඩිවීම බව සරළව පැවසිය හැකිය.ඔබේ එන්ජිම නොන්-ඉන්ටෆියරන්ස් එකක් නම් සාමාන්‍යයෙන් ටයිමිං බෙල්ට් කිට් එකක් මාරැකිරීමෙන් නැවත සකස් කර ගත හැකියව ඇති නමුත් එය ඉන්ටෆියරන්ස් එන්ජිමක් නම් නිසැකවම එන්ජිමට හානි වනු ඇති අතර එය ද එන්ජින් වේගය කෙතරම් දැඩිව ද යන්න මත රඳා පවතිනු ඇත.ටයිමිං බෙල්ට් කැඩීයාම එන්ජිම පණගන්වීමේ දී හෝ නවතා දැමීමේ දී සිදු වේ නම් සමහර විට නැවුණු වෑල් සහ/හෝ කැඩුණු වෑල් ගයිඩ් සමග අවසන් අවසන් වනු ඇති අතර එය ඉහළ rpm මත දී සිදු වූවේ නම් වෑල් කැඩී යන අතර වෑල් සහ පිස්ටන් එකිනෙක මත වැදීම නිසා කනෙක්ටිං රොඩ් නැවී යා හැකි අතර පිස්ටන් සහ බෙයාරිං ද විනාශ කර දැමිය හැකිය.එහි අවසාන ප්‍රතිථලය පිස්ටන් රොඩ් කැඩී ඔයිල් සම්ප් හා එන්ජින් බ්ලොක් සිදුරු කරනු ඇති අතර එන්ජින් කොටස්වලට ද හානි ගෙන දී අලුත්වැඩියා කල නොහැකි වනු ඇත.
ටයිමිං චේන්
අඩු වේගයක දී ටයිමිං චේන් ස්ලිප්වීමක් හෝ ජම්ප්වීමක් සිදු වූයේ නම්(ටයිමිං චේන් එකේ පුරැක් තුනකට හෝ ඊට අඩුවෙන්)ඒ මගින් හානියක් ඇති නොවිය හැකි අතර ටයිමිං චේන් කිට් එකක් පමණක් මාරැකිරීමෙන් සකසා ගත හැකි වේ.එය ඉහළ rpm දී කැඩීගියේ නම් හෝ ගැලවී ගියේ නම් එය එකිනෙකට ගැටීම් සමඟ සැලකිය යුතු විනාශයක් කරනු ඇති අතර අලුත්වැඩියා කළ හැකි විය හැකි නමුත් එය වියදම් අධික වේ.
ඒ නිසා නිසිපරිදි ටයිමිං බෙල්ට් හෝ චේන් නඩත්තු කර පවත්වාගෙනයාම ඉතා වැදගත් වන අතර ඔබගේ මෝටර් රථ නිෂ්පාදකයා ක්‍රමවත් කාල අන්තරයක් තුල බෙල්ට් හෝ චේන් මාරැකිරීම නිර්දේශ කරයි නම් එය කරන්න.එය පැහැර හැරීම ඉතා අවදානම් වන අතර ඔබේ මෝටර් රථයේ අයු කාලය මත පදනම්ව මෝටර් රථයේ සැබෑ වටිනාකම ඉක්මවා යන අලුත්වැඩියාවකට හේතුවිය හැකිය.ඔබ පාවිච්චි කළ වාහනයක් මිලට ගන්නේ නම් සහ එන්ජින් ටයිමිං සංරචක පරීක්ෂා කර නොමැති නම් සහ ඒ පිලිබඳව එතරම් විශ්වාසයක් නොමැති නම් අදාල මෝටර් රථ අලෙවිනියෝජිතයා හෝ පලපුරැදු කාර්මිකයෙකු සමග මෝටර් රථය රීක්ෂා කරගන්න.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
24/07/2017