ඉන්දන අර්බුධයට කේබල් කාර් විසදුමක්

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    කේබල් කාර් ව්‍යාපෘතියක්… අහසේ සිට පොලොව බලන්න අවස්ථාව…

    June 17, 2022 at 12:00 pm | lanka C news
    කේබල් කාර් ව්‍යාපෘතියක්… අහසේ සිට පොලොව බලන්න අවස්ථාව…

    නුවරළිය දෙස් විදෙස් ආකර්ෂනීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කෙරේ. විදෙස් සංචාරක අවධානය වැඩි වශයෙන් යොමු කරවා ගැනීම ඉලක්ක කර ගනිමින් නුවරඑළිය සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි.
    “අනාගතය උදෙසා නුවරඑළිය සංවර්ධනය” යන තේමාව යටතේ මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි. නුවරළිය පැරණි තුරඟ තරග පිටිය, ග්‍රෙගරි වැව ඇතුළු නුවරඑළියේ සංචාරක ආකර්ෂනීය ස්ථාන ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක කෙරේ.
    නාගරික සංවර්ධන අධිකාරිය හා නුවරඑළිය නගර සභාව අතර පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. සාකච්ඡාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ දී පැවැත්විණ.
    නුවරඑළිය මූලික කරගත් ග්‍රෙගරි වැව සංවර්ධනය, අදියර පහක් යටතේ සිදුකෙරේ. රථවාහන ගාල් කිරීමේ ස්ථාන සහ මෝටර් ධාවන පථ ඉදිකිරීමට ද මේ යටතේ සැලසුම් කර තිබේ. ග්‍රෙගරි වැව අසල උණුසුම් ජල තටාකයක් ද ඉදිකිරීම ද සැලසුම් කර ඇතැයි මෙහිදී අනාවරණය විය.
    යෝජිත මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ, “නුවරඑළිය පැරණි තුරග තරග පිටිය ප්‍රතිසංවර්ධනය කිරීමේ පළමු අදියර” ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ යටතේ පැරණි තුරග තරග පිටිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කෙරේ. කේබල් කාර් ව්‍යාපෘතියක්, අශ්වරේස් මංතීරුවක්, සැණකෙළි සංකීර්ණයක්, අශ්වයින් ගාල් කර තැබීමට ස්ථානයක් සහ අවන්හල් ජාලයක් ද ඉදිකිරීමට අපේක්ෂිතයි.
    නානුඔය නගරයේ සිට නුවරඑළිය නගරය දක්වා ඉදිකරන කේබල් කාර් ව්‍යාපෘතිය සංචාරකයන්ට නැවුම් අත්දැකීමක් ගෙන දෙනු ඇතැයි ඇමතිවරයා විශ්වාසය පළ කරයි
     
    • Like
    Reactions: Akasattacha

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    යසයි යසයි.කේබල් කාර් විතරයි මදි මෙහෙට
    එයා පෝට් කප්පන් ටැක්සි බිස්නස් එක එක්ස්පැන්ඩ් කරනවා කේබල් කාර් දක්වා උඩට..
    උසාවියෙන් වරදකරු කරලත් බයක් නැතුව ලොක්ක වගෙ ඉන්නවා රනිල්ගෙ කෝට් එක අස්සෙ ඉදන් මහින්ද හුරතල් කරන නිසා
     
    • Like
    Reactions: Akasattacha

    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    ඒ උනාට ගමනක් ගිහින් රෙන්න පිරිසිදු ලැට් එකක් නැහැ. :(
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    කේබල් කාර් ප්‍රොජෙක්ට් එක නම් අලුත් එකක් නෙවෙයි. 1990 ගනන් වල තට්ට කැරි ඝනයො උදැල්ල දාල කෙලවපු තවත් පුන්චි කෑල්ලක් විතරයි ඔය
     
    • Sad
    Reactions: ලොකු bhai