The Eagle's Viewpoint සංචාරකයින් සඳහා විවෘත කෙරේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    The Eagle's Viewpoint සංචාරකයින් සඳහා විවෘත කෙරේ

    The Eagle's Viewpoint සංචාරකයින් සඳහා විවෘත කෙරේ​



    නුවරඑළිය, ශාන්තිපුර ඊගල්ස් නැරඹුම් ස්ථානය (Eagle's View Point) දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කර තිබේ.

    එම නැරඹුම් ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 6182 පමණ උසකින් පිහිටි ලංකාවේ උසම ගම්මානය වන ශාන්තිපුර ගම්මානය කේන්ද්‍ර කරගනිමින් ඉදිකර ඇත.
    මෙම නැරඹුම් ස්ථානය විවෘතකිරීම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් අද (26) සිදුකරන ලදී.

    සංචාරක කර්මාන්තයේ දියුණුව තුළින් දේශීය ආර්ථිකයේ යහපැවැත්ම උදෙසා ශ්‍රී ලංකාව විදේශීය සංචාරකයින්ගේ ප්‍රධාන සහ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත්කරලීම මූලික අරමුණු කරගනිමින් මෙම ඉදිකර ඇත.

    2024 ජූලි මස 31 වන දින ඉදිකිරීම් ආරම්භ කරනු ලැබු මෙම ඊගල්ස් නැරඹුම් ස්ථානයේ ඉදිකිරිම් කටයුතු සඳහා ශ්‍රම දායකත්වය සහ ඉංජිනේරු සහාය සැලසුම් කිරිම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කළේය.

    ඒ සඳහා මුල්‍ය දායකත්වය සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සපයනු ලැබීය.
    මෙම 'ඊගල්ස් නැරඹුම් ස්ථානයේ සිට සංචාරකයින්හට නුවරඑළිය නගරය, පේදුරු තැන්න, පිදුරුතලාගල, හග්ගල, ග්‍රෙගරි වැව, කිකිළියාමාන්න කදු පංතිය, ශ්‍රීපාදය, සප්තකන්‍යා කදුවැටිය ඇතුළු ඌව පළාතේ සොබාදහමේ සුන්දරත්වය ද නැරඹීමේ හැකියාව පවතී.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    ඕකෙ වීඩියෝ එකක් දැක්කා. මට හිතෙන්නෙ ඕක ඔයිට වඩා ලොකුවට හැදුවනම් හොඳයි කියල එක පාරම.
     
    • Like
    Reactions: SLK_sri

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    ඊළඟට අපේ උන් ගේ trending destination එක ඔක වෙයි, ශාන්ති පුරට යන පාර ට්‍රිප් යන වාහන වලින් පිරිලා ඉතිරිලා යයි
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,758
    1
    11,068
    113
    නෑ විජිත හේරත් නේ විවෘත කරේ .

    විවෘත කිරීම් උත්සව , නැටුම් , සමරු පලක වල නම් ගහන ඒවා කරන්නේ නෑ කිව්වට ඔය කරේ ... :unsure:
    cricket thread eka dahan.aru dammoth mekath 50n allout :growl: