මේකත් මචන් තවත් ඉන්ද්‍රජිත් ගැන කතාවක්. මේක උනේ ඉන්ද්‍රජිත්ට වයස 17දි විතර. ඒ කාලේ තමා නිල් ආම්ස්ට්‍රෝන්ග් හදට ගියෙත්.එදා අපේ ගමෙයි එහා ගමෙයි එක්ක ලොකු ක්‍රිකට් මැච් එකක් තිබ්බා. කොහොමහරි එහා ගම ලකුණු 500ක් ගැහුවා. අපිට අන්තිම බෝලෙට ලකුණු 6ක් ඕනේ උනා දිනන්න. බැට් කරේ මායි ඉන්ද්‍රජිතුයි. එහා ගමේ කොල්ලා දුවගෙන ඇවිල්ලා බෝල් කරා. ඉන්ද්‍රජිත් මැද්දට පැනලා වැනුවා, බොලේ අහසේ තිතක් වෙනකන් උඩට ගියා හැබැයි ආපහු කොහෙට වැටුනද කියලා නැහැ. ඒ නිසා අපිට 6ක් දුන්නේ නැහැ. අපි එදා මැච් එක පරාද උනා. ඊට දවස් දෙකකට පස්සේ නිල් ආම්ස්ට්‍රෝන්ග් අපේ ගමට ආවා ටෙනිස් බෝලෙකුත් අරගෙන. බලද්දී ඉන්ද්‍රජිත් ගහපු පාරට බොලේ හදට ගිහිං. නිල් ආමස්ට්‍රොන්ග් හදට බැහැලා ෆොටෝ ගද්දි ටෙනිස් බෝලයක් හම්බුනාලු. බොලේ දකිද්දීම හිතුනලු හදට එන්න බෝලයක් ගහන්න පුළුවන් නම් ඒ ලංකාවේ ඉන්ද්රජිත්ටම විතරයි කියලා. මේ සිද්දිය ආරංචි වෙලා ඒ දවස් වල ජනදිපතිව හිටපු ප්‍රේමදාස මහත්තයත් ආව. නිල් අම්ස්ට්‍රොන්ග් එයාට හම්බුනු සම්මානේ ගෙනත් ඉන්ද්‍රජිත්ට දුන්නා. මොකද ඇත්තටම ඉස්සෙල්ලම හදට ගියේ ඉන්ද්‍රජිත් ගහපු ටෙනිස් බොලේ නිසා. අදටත් ඒ සම්මානේ ඉන්ද්‍රජිත්ගේ මේසේ උඩතියනවා කියලා තමා මට ආරංචි!
