ඉන්දික තොටවත්තත් හිර වේ

Purifier

Member
Aug 23, 2016
394
29
0
වේදය කියන්නෙ මේ ලෝකෙ හැම යුගයකම තිබුන ඉගැන්වීම්.කල්ප ගනනාවක් එහාට බැලුවත් වේද ඉගැන්වීම් තියෙනව. ඒව ලඝු කොට සලකන්න බෑ. නමුත් ඒ ඉගැනවීම් දක්ශ ලෙස ප්‍රගුන නොකරපු අයගෙන් සහ, මෝඩ විදිහට විග්‍රහ කරන්න යන ....... වගේ අය හින්ද ඒව දැන් විහිලුවක් වෙලා තියෙන්නෙ.

රොබට් නොක්ස්ගෙ කාලෙ අය රතු මිරිස් කෑවෙ නෑ
ර්‍ඔබට් නොක්ස්ගෙ කාලෙ ලන්කාවෙ මිනිස්සුන්ට ලෙඩ රොඅග නෑ
එමනිසා රතු මිරිස් කන්න එපා.

රොබට් නොක්ස් ගෙ කාලෙ ලන්කාවෙ මිනිස්සු තේ බිව්වෙ නෑ.
සපත්තු දැම්මෙ නෑ
ක්ලෝරීන් කරපු ටැප් වතුර බිව්වෙ නෑ.
කෘමි නාශක භාවිතා කලේ නෑ
ලමයි ටියුශන් ගියෙ නෑ
ටී වී බැලුවෙ නෑ
කක්ක කලේ එලියෙ.
කලිසන් ඇන්දෙ නෑ (සරම ඇන්දෙ ):baffled:
 
saturn

Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    මේවා කියන විදිහටම කරන්න පුළුවන් නං කොච්චර හොඳද :D

    නිදාගන්න තැන උෂ්ණත්වය පවා කේන්දරේ බලල කියන්න පුලුවන්ද ? නිදාගන්න තැන ගිනි ගොඩක් ගැහුවොත් මොකෝ වෙන්නෙ පටස් ගාල රත් වෙනවනෙ ඒකත් කේන්දරේ පෙන්නයිද ග්‍රහයෝ ටික පටස් ගාල එහෙ මෙහෙ වෙලා :baffled:

    අනිවාර්යෙන්ම පුළුවන්. උත්තරය සිම්පල් මොකද ග්‍රහයෝ රතු මිරිස් කන්නෙම නැහැනේ.
     
    මේවා කියන විදිහටම කරන්න පුළුවන් නං කොච්චර හොඳද :D

    නිදාගන්න තැන උෂ්ණත්වය පවා කේන්දරේ බලල කියන්න පුලුවන්ද ? නිදාගන්න තැන ගිනි ගොඩක් ගැහුවොත් මොකෝ වෙන්නෙ පටස් ගාල රත් වෙනවනෙ ඒකත් කේන්දරේ පෙන්නයිද ග්‍රහයෝ ටික පටස් ගාල එහෙ මෙහෙ වෙලා :baffled:
    එහෙම සීන් වලට ඉතිහාසෙ උදාහරණ තියෙනවා.
    :oo: මැක්කගේ පුරෝකතනේ හුකෑෂ් නං හඳ බලල කියන පුරෝකතනේ ඩබල් හුකෑෂ් කියල තේරුම් නොගැනිමනේ මෙතන ප්‍රශ්නෙ :baffled:
    හඳ බලලම විතරක් කියන්නෙ නෑනේ - තව ගොඩක් කරුණු බැලෙනවා - ඒකයි කේන්දරේ කියන්නෙ , මෙන්න මේක තේරුම් නොගැනීමනෙ මෙතන අවුල.
    බින්දුව නෙවෙයි :yes: බින්දුවයි දශම සෑහෙන ගානක් ගිහින් එකක් දාන්න පුළුවන්. එතකොට ඒ දශමේ අල්ලාගෙන නින්ද ගැන කියන්න අර දශමේ ඇති කියල කියන මනුස්සයට මොකෝ අපි කරන්න ඕනේ. :oo:
    යමක් නොවෙනව නම් සම්භාවිතාවය 0%. එතන ඉඳල 100% සම්භාවිතාව පරාසය දක්වා යමක් සිදුවීමේ හැකියාව තියෙනවා. ඒ ඔක්කොම සලකා බැලිය යුතුයි. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21254190 said:
    එහෙම සීන් වලට ඉතිහාසෙ උදාහරණ තියෙනවා.

    ඔව් ඔව් ඕනෙම සුරංගනා කතාවක් කියල ලේසියෙන්ම කියන්න පුළුවන් ඉතිහාසේ මෙහෙම වෙලා තියෙනව කියල, මුහම්මද් හඳ දෙකට පැලුව කියන්න ඔයිට වඩා සාක්කි තියෙනව එහෙම බැලුවොත් :D ඒකත් හරි වෙන්න ඇති
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21254190 said:
    හඳ බලලම විතරක් කියන්නෙ නෑනේ - තව ගොඩක් කරුණු බැලෙනවා - ඒකයි කේන්දරේ කියන්නෙ , මෙන්න මේක තේරුම් නොගැනීමනෙ මෙතන අවුල.

    ඔව් ඔව් තව ගොඩක් හඳටත් වඩා නොවැදගත් ඈත තියෙන පස් කුට්ටි ගැනත් සලකා බලනව. හරියටම හරි. :yes:

    ඉදිරියේ රාළ;21254190 said:
    යමක් නොවෙනව නම් සම්භාවිතාවය 0%. එතන ඉඳල 100% සම්භාවිතාව පරාසය දක්වා යමක් සිදුවීමේ හැකියාව තියෙනවා. ඒ ඔක්කොම සලකා බැලිය යුතුයි. :yes:
    ඔක්කොම සලකා බැලිය යුතුයි කියන්නේ උඩින් තියෙන සීයට පනහේ තිහේ විස්සේ කෑලි අතැරල යට අඩියේ තියෙන සීයට බින්දුවයි දශම ගණන් වල ඒවගේ එල්ලිල ඉන්න එක තමා :yes: ප්‍රායෝගිකව ඇස් දේකට පේන සීයට විස්සේ තිහේ කෑලි අමතක කරලා තියෙනවද කියලවත් ෂුවර් නැති දශම ගණන් ගැන හිතන එක තමා නුවණක්කාර. :yes:
     
    ඔක්කොම සලකා බැලිය යුතුයි කියන්නේ උඩින් තියෙන සීයට පනහේ තිහේ විස්සේ කෑලි අතැරල යට අඩියේ තියෙන සීයට බින්දුවයි දශම ගණන් වල ඒවගේ එල්ලිල ඉන්න එක තමා :yes:
    නෑ :no:
    ප්‍රායෝගිකව ඇස් දේකට පේන සීයට විස්සේ තිහේ කෑලි අමතක කරලා තියෙනවද කියලවත් ෂුවර් නැති දශම ගණන් ගැන හිතන එක තමා නුවණක්කාර. :yes:
    ඉස්සෙල්ලා තියෙනවද නැද්ද කියල ශුවර් කරගන්න එපැයි. :D
     
    ඔව් ඔව් ඕනෙම සුරංගනා කතාවක් කියල ලේසියෙන්ම කියන්න පුළුවන් ඉතිහාසේ මෙහෙම වෙලා තියෙනව කියල, මුහම්මද් හඳ දෙකට පැලුව කියන්න ඔයිට වඩා සාක්කි තියෙනව එහෙම බැලුවොත් :D ඒකත් හරි වෙන්න ඇති

    මුහම්මද් හඳ දෙකට පලපු ක්‍රමය ගැන කිසිම සාක්ෂියක් නෑ, නමුත් අර විදියට උෂ්ණත්වය පරික්ෂා කරල පුළුන් ගිණි අවුලවපු ක්‍රමය ගැන අදටත් සාක්ෂි තියෙනවා, ඔනෑ කෙනෙක්ට ඒක ඉගෙනගෙන අත්හදා බලන්නත් පුළුවනි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21255994 said:
    මුහම්මද් හඳ දෙකට පලපු ක්‍රමය ගැන කිසිම සාක්ෂියක් නෑ, නමුත් අර විදියට උෂ්ණත්වය පරික්ෂා කරල පුළුන් ගිණි අවුලවපු ක්‍රමය ගැන අදටත් සාක්ෂි තියෙනවා, ඔනෑ කෙනෙක්ට ඒක ඉගෙනගෙන අත්හදා බලන්නත් පුළුවනි.
    හා දැන් රාළට පුලුවන්ද එහෙම උෂ්ණත්වේ මනින්න :D ත්‍රෙඩ් එකක් දාන්නකෝ අපිටත් දැනගන්න කේන්දරේ බලල උෂ්ණත්වේ මනින විදිහ :P
     
    එච්චර ගැඹුරට රාළ තාම හදරල නෑ, නමුත් ඒ ගැඹුරට යන කෙනෙක්ට පටන් ගන්න තැනක් හැටියට පහල විස්තරය ලබා දෙන්න පුළුවන්. මේ ක්‍රමය දියුණු කරගත්තොත් උෂ්ණත්වය මැන ගන්න එක අමාරු නෑ.

    විශ්වයේ ශක්‌තිය යොදා වගා කිරීම

    DD-P-21-02-16-%28GOVE%29-KPR-6-2.jpg
    අපගේ මුතුන් මිත්තන් තම වගා කටයුතු වලදී අනුගමනය කරන ලද ඉහත ක්‍රමවේදය වර්තමාන වගා කටයුතු සඳහා ද උචිත වන බැවින් ඉහත ක්‍රමවේදයන් විග්‍රහ කිරීම මෙම ලිපියේ අරමුණ වේ. විශ්වයේ ශක්‌තිය කැටිකර ගනු ලබන අවස්‌ථා වල නැකැත් ක්‍රමවේදය බෝග වගා කිරීමට උචිත වන අවස්‌ථාව හඳුනා ගැනීමට උපකාරී වේ. එහි උචිතම අවස්‌ථාව වන්නේ විශ්ව ශක්‌තියේ කරන රටාව අනුගමනය කිරීමයි. මෙය ජ්‍යෙතිෂයත් සමඟ බැඳුණු ක්‍රමවේදයකි. වගාකරුගේ උපන් නැකතට සම්පත් නැකතින් වගා කළ හොත් උපරිම අස්‌වැන්නක්‌ ලබාගත හැකිය. ඊට අමතරව සූර්ය ශක්‌තිය හා චන්ද්‍රයාගේ ශක්‌තිය එකට වැදී පොළවට දැනෙන කිරණයේ ශබ්ද තරංගය ජ්‍යෙතිෂ ක්‍රමය අනුව සතුන් හත්දෙනෙකුගේ නමින් හඳුන්වනු ලබයි. ඒවා නම්,

    1. ගජ කරන (අලියාගේ හඬ හා ගඳ)

    2. ඌරු කරන (ඌරාගේ හඬ හා ගඳ)

    3. කුකුළු කරන (කුකුළාගේ හඬ හා ගඳ)

    4. එළු කරන (එළුවාගේ හඬ හා ගඳ)

    5. සිංහ කරන (සිංහයාගේ හඬ හා ගඳ)

    6. දිවි කරන (දිවියාගේ හඬ හා ගඳ)

    7. ගවකරන (ගවයාගේ හඬ හා ගඳ)

    DD-P-21-02-16-%28GOVE%29-KPR-4.jpg
    ගොවිතැනේ දී අප තෝරා ගනු ලබන්නේ දිවි හා සිංහ කරණය යි. විශ්වයේ ශක්‌තිය දිවි කරන හෝ සිංහ කරන අවස්‌ථාවක වගා කරහොත් සතුන්ගෙන් ගොවිතැනට වන හානිය ඉතාම අඩුය. සූර්යයා සදහටම එකම ස්‌වරූපයක්‌ ගනී. චන්ද්‍රයා යෝග රටාවන් සමඟ ආකාර 7 කට වෙනස්‌ වේ. චන්ද්‍රයාගේ කරන අඩු වැඩි වීමත් සමඟ පොළවට දැනෙන ශබ්ද තරංග එකිනෙකට වෙනස්‌ වේ. ඉතාමත්ම හොඳ දිවිකරනය වේ. සෑම සතියකටම එක්‌ දිනක්‌ කරනයක්‌ තිබෙන අතර එය ලිත් ක්‍රමයකින් හෝ ජ්‍යෙdතිෂ වේදියෙක්‌ මඟින් නිවැරදි කර ගත යුතු වේ. යම් කිසි බෝගයක්‌ වගා කිරීමට භූමිය එළි කිරීම, ගිනි තැබීම, බිම් සැකසීම හෝ පාත්ති සෑදීම, වැට බැඳීම, බීජ හෝ පැළ සිටුවීම යන කරුණු සියල්ල දිවි කරනයකින් කළ හොත් සියලුම සතුන්ගෙන් වගාවට වන හානි වලක්‌වා ගත හැකිය. සිංහකරනයෙන් කටයුතු කරන විට සුනඛයන්ගෙන් පමණක්‌ හානිය සිදුවන අතර බෝගවලට හානි සිදු නොවේ. බෝගයේ අස්‌වැන්න වැඩි කර ගැනීමට සතියේ දින උපයෝගී කරගනු ලැබේ. සතියේ දින 7 න් දින 6 ක්‌ බෝග වගාවන් සඳහා යොදා ගනී. සඳුදා - බෝග වල කඳ විශාල වේ. කඳ වැදගත් වන බෝග මෙදින සිටුවනු ලැබේ. (උදා(- උක්‌ගස්‌, කොස්‌, තේක්‌ක). අඟහරුවාදා - අල බෝග (මඤ්ඤොක්‌කා, අල, බතල, කැරට්‌, බීට්‌). බදාදා සහ සෙනසුරාදා - කොල විශාල කර ගැනීමේ බෝග (නිවිති, කීර වර්ග) බ්‍රහස්‌පතින්දා - ගුරුගේ දිනයකි. මෙදින බෝග සිටුවනු නොලැබේ. යම්කිසි ජ්‍යෙdතිෂවේදියෙක්‌ මෙදින නම් කරන්නේ නම් විශේෂිත නැකතක්‌ දීමේ ද (පොකුරු නැකත්) මෙදින සිටුවීම සුදුසු වේ. සිකුරාදා - මලක්‌ පිපී ඵල හටගන්නා සියලුම බෝග (සැවැන්දරා) තවාන් දැමීමට ද මෙදින වඩා සුදුසු වේ. චන්ද්‍රයාගේ ශක්‌තියෙන් බෝගවල කිරිවැදීම අඩු වැඩි වීම සුදු වේ. රසවත් ඵලයක්‌ හට ගන්නේ අව පැත්තට මෝරන බෝග වන අතර ඒවා රසයෙන් වැඩිය. පුර පැත්තෙන් මොරන බෝග ජල ප්‍රතිශතය වැඩිය. රසයෙන් අඩුය. "ආදි" අපේ මුතුන්මිත්තෝ ඉරෙන් හඳෙන් වැඩ ගත්තෝ," යන කියමන ඉහත කරුණුවලට කදිම නිදසුනකි. මෙම ලිපිය සකස්‌ කරන ලද්දේ කහතුඩුව ගොවිජන සේවා මධ්‍යස්‌ථානයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර ඡග Rග පරලි රංජනී පෙරේරා මහත්මිය සමඟ කරන ලද සාකච්ඡාව ඇසුරෙනි.

    සරත් විජයගුණවර්ධන

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981

    media.jpg
    බුදුරජාණන් වහන්සේ විසින් බෞද්ධයන් සඳහා නිර්දේශ කරන ලද වෙනම සුබ නැකැත් වර්ගයක් ඇති බවත් නමුත් ඒවා වර්තමානයේ අප ජන සමාජය ව්‍යවහාර කරන වෛදික නැකැත් නොවන බවත් ගල්ගමුව යූ. බි. වන්නිනායක ජාතික පාස‍ලේ විදුහල්පති සහ ඇහැටුවැව දිවුල්ගනේ පුරාණ දිඹුලාගල රජ මහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ගලහිටියාවේ සිරිරතන හිමියෝ අවධාරණය කරති. මේ ඒ සම්බන්ධයෙන් උන්වහන්සේගෙන් කළ වැඩිදුර කරුණු විචාරීමකි.

    ජ්‍යොතිෂය මගින් මිනිසාගේ ඉරණම දැන ගැනීම සම්බන්ධයෙන් පැහැදිලි විරෝධයක් බුදු දහමින් එල්ල වී නැති බවක් පැවසෙනවා. එය ඇත්තක්ද ස්වාමීන් වහන්ස,

    සම්පූර්ණ අසත්‍යයක් නියතිවාදයකට හෝ ෙදෙවවාදයකට අනුව ලෝකයේ සහ සත්වයාගේ පැවැත්ම සිදු නොවන බවත්, හුදෙක් හේතුඵල සම්බන්ධය මත එය තහවුරු වන බවත් අවධාරණය කෙරෙන බුදු දහම සිද්ධාන්තමය වශයෙන් ගත් කළ ද නියතිවාදය මත පදනම් වූ ‍ජ්‍යොතිෂය හා ඉඳුරාම ප්‍රතිවිරුද්ධයි. ඒ නිසා බුදු දහමින් ‍ජ්‍යොතීර්වේදයත් මොනම විදිහකින්වත් ගළපන්න බැහැ.

    ඒක බුදු බණට අනුව පැහැදිලි කරන්නේ කොහොමද ?

    ත්‍රිපිටක සාහිත්‍යයේ එන ගාථා පාඨයක සරල සිංහල අරුත මේකයි. මේක ජාතක පාලියෙහි එන ගාථාවක්. ‘නක්ෂත්‍රය පිළිපදින්නට යාමෙන් බාලයා යහපත පිටු දකින්නේය. නැකත යනු යමකට සුදුසුම වේලාවය. ග්‍රහ තාරුකාවෝ කුමක් කරත්ද?’

    නමුත්, ස්වාමීන් වහන්ස නැකැත් බැලීම සම්බන්ධයෙන් මෙවන් අර්ථකථනයක් දෙන බුදු දහම මගින්, ‍ජ්‍යොතිෂයෙන් මිනිසාගේ ඉරණම කීම සම්බන්ධයෙන් යමක් නොපැවසෙන්නේ ඇයි?

    ඒකට හේතුව තමයි බුද්ධකාලීන භාරතයේ ‍ජ්‍යොතිෂය මුල් කොට මිනිසාගේ ඉරණම පැවසීමේ ක්‍රමයක් නොතිබිම. මේක බොහෝ දෙනාගේ විස්මයටත්, කුතුහලයටත් හේතු වෙන දෙයක්. නමුත් ඒක තමයි ඇත්ත නමුත් අද ‍ජ්‍යොතිෂ ජාවාරම්කාරයන් මේ සත්‍යය යටපත් කරලා. අසරණයන් ගසා කනවා.

    ඒ කියන්නේ බුදුන් දවස අනාවැකි කීමේ ශාස්ත්‍ර තිබි නැද්ද ?

    ෙදෙවවාදය හිස් මුදුනින් පිළිගැනුණු බුද්ධකාලීන භාරත සමාජයේ අනාවැකි කීම සම්බන්ධයෙන් විද්‍යා ශාස්ත්‍ර බොහොමයක් තිබුණා. නැත්තේ නැහැ. නමුත් මිනිසාට දෙලොව යහපත සැලසීම සම්බන්ධයෙන් පිටිවහලක් කොටගත නොහැකි එම සියලු විද්‍යා ශාස්ත්‍ර ආර්ය මාර්ගයෙන් අන් දෙසකට යොමුව ඇති බැවින් ඒවා නිරශ්චීන විද්‍යාවන් ලෙස බුදු දහමින් අවධාරණය කරනවා. මෙතන තිරශ්චීන කියන්නේ තිරිසන් කියන එකට ‍නෙවෙයි. පැත්තකට යන නැත්නම් පැත්තකට දැමිය යුතු යන අරුතින් තමයි තිරශ්චීන කියන්නේ.

    නමුත් ‍ජ්‍යොතීර්වේදයට බුදුන් දවස භාරතයේ ඉහළම තැනක් හිමි වී තිබූ බව බොහෝ දෙනෙක් පවසනවා.

    ඒ කතාවල කිසිම ඇත්තක් නැහැ. ඒ කොහොමද කියලත් මං කියන්නම්. වේද සාහිත්‍යයට අයත් උපවේද යනු මිනිසාගේ ලෞකික සමෘද්ධිය ළඟා කෙරෙන ධර්ම ශාස්ත්‍ර පද්ධතියක්. උපවේද සාහිත්‍යයේ මූලික වශයෙන් කැපී පේන්නේ ඉපැරණි භාරතීය කායික විද්‍යා සිද්ධාන්ත විවරණය කෙරෙන ආයුර්වේදය. ධනවන්තරී නම් සෘෂිවරයකු විසින් භාෂිත යැයි කියන මූලික ආයුර්වේදයේ ශ්ලෝක ලක්ෂයක් තියනවා. එහෙත් මෙම ‍ජ්‍යොතීර්වේදය මිනිසාගේ ලෞකිකත්වය සශ්‍රිත කෙරෙන එවන් උපවේද යටතට හෝ අයත් වන්නේ නැහැ.

    එහෙම නම් ස්වාමීන් වහන්ස වේද සාහිත්‍යයේ ‍ජ්‍යොතිෂයට හිමි තැන මොකක්ද ?

    වේදය ක්‍රමානුකූලව හැදෑරීම පිණිස ඉවහල් වන විෂයන් පිළිබඳව පැරණි සංස්කෘත සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඒවාට වේදාංග කියලයි කියන්නේ. ඒවා පිළිවෙළින් ශික්ෂා, කල්ප, ව්‍යාකරණ, නිරුත්ති ඡන්දස් සහ ‍ජ්‍යොතිෂය යනුවෙන් හැඳින්වෙනවා. මේ අනුව වේද සාහිත්‍යයෙහි ‍ජ්‍යොතීර්වේදයට ස්ථානය නිවැරදිව හඳුනා ගන්න අපිට පුළුවන්. මූලික ‍ජ්‍යොතීර්වේදය කියන්නේ වේදාංගවලට අයිති පුංචි කොටසක් විතරයි.

    අනාවැකි කීමක් සිදුවී නැත්නම් එකල ‍ජ්‍යොතිෂය තිබි ඇත්තේ කුමක් සඳහාද?

    ග්‍රහචාරයෙහි චන්ද්‍ර සූර්ය පිහිටීම පෙන්වාදීම එකල ‍ජ්‍යොතිෂයෙහි ප්‍රධාන අරමුණ වී තිබෙනවා. නැකත් තරු විසි හත ඔස්සේ අඩසඳ සහ පුන්සඳ දර්ශනය වන විදිහ එහි දැක්වෙනවා. ඒ වගේම ග්‍රහ තරු හැඳින ගන්නා අන්දමත් යාග හෝම සඳහා මණ්ඩප පිළියෙළ කිරීමට සුබ නැකැත් තෝරා ගත යුතු අන්දමත් දැක්වෙන පුරාණ ‍ජ්‍යොතීර්වේදයේ එදිනෙදා ජීවිතයේ සුබ කටයුතු සඳහා නැකැත් තෝරා ගත යුතු ආකාරය ද දක්වා තිබෙනවා. නමුත් බෞද්ධයන් ඒවා ද පිළිපැදිය යුතු නැති බවයි බුදුන් වහන්සේ සෘජුවම දේශනා කොට ඇත්තේ.

    ඒ කොහොමද ස්වාමීන් වහන්ස

    ඛුද්දක නිකායේ යුත්ත නිපාතයේ මහා නිද්දේස පාලියේ ඒ සම්බන්ධ බුදු වදනක් සඳහන් වෙනවා. මෙන්න මෙහෙම.
    “නැකැත් කියන්නෝ නැකත් දක්වති. නැකැත් විසි අටෙකි. මේ නැකැතින් ගෙට ගෙවදීම කළ යුතුය. මේ නැකැතින් කිරුළු පැළඳීම කළ යුතුය. මේ නැකැතින් ආවාහ විවාහ කළ යුතුය. මේ නැකැතින් බිජ වැපිරීම පැළ සිටුවීම් කළ යුතුය. මේ නැකැතින් සංවාසයේ යෙදිය යුතුය. ආදී වශයෙන් නැකැත් කියන්නෝ නැකැත් දක්වති. එහෙත් තෙරුවන කෙරෙහි අචල විශ්වාසය දරන්නෝ මේවා සේවනය නොකරති.”
    ඉහත සඳහන් බුද්ධ භාෂිතයන් මගින් පැහැදිලි වන කරුණු දෙකක් තියනවා. එනම් බුද්ධකාලීන භාරතයේ ‍ජ්‍යොතිෂය මිනිසාගේ ඉරණම පැවසීමට තරම් සවිමත් නොවූ බව හා නක්ෂත්‍රය පදනම් කර ගත් වෛදික නැකැත් පිළිපැදීම පවා බුදුරජාණන් වහන්සේ ඉඳුරාම ප්‍රතික්ෂේප කළ බව, නමුත් යමකුට අර්ථ සිද්ධිය උදාකර ගත හැකි බෞද්ධ සම්ප්‍රදායේ නැකැත් වර්ගයක් ද තියනවා; ඒවා පිළිබඳ රමණීය විස්තරයක් අංගුත්තර නිකායේ පංචක නිපාතයේ මංගල වග්ගයෙහි දැක්වෙනවා.

    කුමක් ද ස්වාමීන් වහන්ස ඒ විස්තරය ?

    මේක හොඳට හිතේ ධාරණය කර ගන්න.
    බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් තෙරුවන කෙරෙහි අචල වූ ශ්‍රද්ධාවකින් යුතුව සිත කය වදන යන තිදොරින් පිරිසිදුව උදයවරුවක යම් ක්‍රියාවක යෙදෙනවා නම් අන්න ඒක සුබ නැකැතක්. (සුනක්ඛත්තං) සුබ මංගලයක් (සුමංගලං) කියලා ඒ වගේම දවසේ සියලුම වේලාවන් සම්බන්ධයෙන් මේ විදිහටම අවධාරණය කොට දැක්වීමෙන් බුදුරජාණන් වහන්සේ හුදෙක් ‍ජ්‍යොතිෂයේ දැක්වෙන වෛදික නැකැත් චාරිත්‍ර පිළිපැදීම
    වෙනුවෙන් ප්‍රඥාවන්ත අර්ථකථනයක් ඉදිරිපත් කොට ඇති බව මනාව පැහැදිලියි. නමුත් අපේ සමාජයේ වැඩි දෙනෙක් කරන්නේ නැකැත් පිළිබඳව බුදු හාමුදුරුවෝ අපට ඉදිරිපත් කළ ප්‍රඥාවන්ත අර්ථ කථනය පැත්තකට දාලා උන්වහන්සේ ප්‍රතික්‍ෂේප කරපු ‍ජ්‍යොතිෂය විශ්වාස කරන එක නේද?
    නක්‌ඛත්තං පතිමානෙත්තං

    අත්ථෝ බාලං උපච්ජගා

    අත්ථො අත්ථස්‌ස නක්‌ඛන්තං

    කිං කරිස්‌සන්ති තාරකා"
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21256324 said:
    එච්චර ගැඹුරට රාළ තාම හදරල නෑ, නමුත් ඒ ගැඹුරට යන කෙනෙක්ට පටන් ගන්න තැනක් හැටියට පහල විස්තරය ලබා දෙන්න පුළුවන්. මේ ක්‍රමය දියුණු කරගත්තොත් උෂ්ණත්වය මැන ගන්න එක අමාරු නෑ.

    කෝ උෂ්ණත්වයක් ගැන මේකේ ඇත්තෙත් නෑ :oo:

    අමාරු නං නෑ තමා කියන්න, කරන්න ගියාම තමා අමාරු. :D මාත් මේ ටින් බෙලෙක්ක කෑලි ටිකක් අරගෙන රොකට් එකක් හදන්න කියල හැදුවේ. මේක දියුණු කරගත්තොත් හඳට යන ඒකත් අමාරු නෑ. :yes:
     
    කෝ උෂ්ණත්වයක් ගැන මේකේ ඇත්තෙත් නෑ :oo:
    ඔය උෂ්ණත්ම මනින කැහිල්ල තියෙන්නෙ ශීත කලාපයේ රට වලට, මෙහෙ එහෙම දශමෙන් දශමෙට වෙන උෂ්ණත්ව විචලන වලට කරදර වෙන්න ඔනෑ නෑ. නමුත් ගොවිතැනට බලපාන උෂ්ණත්ව විචලන 7 තමා ඔය තියෙන්නේ.
    අමාරු නං නෑ තමා කියන්න, කරන්න ගියාම තමා අමාරු. :D මාත් මේ ටින් බෙලෙක්ක කෑලි ටිකක් අරගෙන රොකට් එකක් හදන්න කියල හැදුවේ. මේක දියුණු කරගත්තොත් හඳට යන ඒකත් අමාරු නෑ. :yes:
    සිත් නිවන කතා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21256530 said:
    [/SIZE]ඔය උෂ්ණත්ම මනින කැහිල්ල තියෙන්නෙ ශීත කලාපයේ රට වලට, මෙහෙ එහෙම දශමෙන් දශමෙට වෙන උෂ්ණත්ව විචලන වලට කරදර වෙන්න ඔනෑ නෑ. නමුත් ගොවිතැනට බලපාන උෂ්ණත්ව විචලන 7 තමා ඔය තියෙන්නේ.
    සිත් නිවන කතා

    කරදර වෙන්න ඕනේ නෑ නෙවේ බෑ :D
     
    කරදර වෙන්න ඕනේ නෑ නෙවේ
    ඔය ක්‍රමය තවත් ගැඹුරට දියුණු කළොත් පුළුවනි, නමුත් එච්චර නහින්න ඔන නෑ උෂ්ණ කලාපෙට.
    ඇයි බැරි ? :nerd:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉදිරියේ රාළ;21256599 said:
    [/SIZE]. ඇයි බැරි ? :nerd: