ඉන්දියන් මිනිස්සුන්ගේ තියෙනවා (විශේෂයෙන්ම වැඩියේ බටහිර රටාවට අනුගත වෙච්ච නැති සහා ලෝකය ගැන දන්නේ නැති) මතයක් බටහිර ස්ත්‍රීන් කියන්නේ Porn වල ඉන්න අය වගේම ජීවත් වෙන ජාතියක් කියලා. ඉතින් එහෙම හිතන නිසා තමයි මේ වගේ ඒවා වැඩියේ බටහිර ස්ත්රීන්ට වෙන්නේ මේවගේ රටවල. අනික ඉන්දියාවේ තියෙන කුල වාදය නිසා සුදු කාන්තාවන්ට පිරිමින් ඇදෙනවා වැඩියි. මොකද ඒ ගොල්ලෝ විශ්වාස කරන්නේ සුදු හැමෝම ලස්සන කියලයි ඉතින් එහෙම හිතලා පෙළබෙනවා මේ වගේ වැඩ වලට. ඉතින් මේ මානසික මට්ටම සුව කිරිමෙන් තමයි rape කිරිම අඩු කරගන්න පුලුවන් නැතුව, අපරාධකාරයන්ට දඩුවම් දීමෙන් මේක නවත්වන්න බෑ. මොකද එක අපරාධකාරයන් පිරිසකට දඩුවම් කරලා අනෙක් පැත්ත බැලුවම තවත් ඒ වගේම පිරිසක් එනවා අනෙක් පැත්තෙන් හිරෙට.
මම විශ්වාස කරන්නේ වැරැද්දට හොදම විසදුම දඩුවම නෙවෙයි. අනුකම්පාවක් සහා පරාර්ථකාමි (අන් අය ගැන හිතීම) ගතියක් මිනිස්සුන්ගේ හිත්වල නැති කම,ක්ෂණික කෝපය සහා තර්කානූකූල ලෙස දුර දිග හිතන්නේ නැතිකම ,බුද්දිමත් නැති කම,අසරණ කම සහා ස්වයං පාලනයේ තියෙන අඩුපාඩුවයි අපරාධවලට හේතුව. ඉතින් මොනම හරි විදියකින් සමාජයේ මිනිස්සුන්ගේ හිත් තුළ මේ ගති ටික ඇති කරලා අසරණයන්ට පිහිට වෙන්න මොකක් හරි ක්‍රමයක් හැදුවා නම් අපරාධ නිකම අඩු වෙලා යනවා.
නීතිය අද කරන්නේ අපරාධ වලට පැලැස්තර ඇලවීම මිසක් නිට්ටාවට සුව කරන්න මහන්සි වීම නෙවෙයි. දැන් බලන්න මේ විදියට මේක ගත්තම
අනුකම්පාව - අනුකම්පාවක් තියෙන කෙනෙක් කවදාවක් තවත් කෙනෙක්ට හිංසා කරන්න පෙළබෙන්නේ නෑ. ඒ වගේම හිංසාවක් දැක්ක තැන වැලපෙනවා ,හඩා වැටෙනවා සහා අසරණයන්ට උදව් කරන්න පිහිට වෙනවා
පරාර්ථකාමි ගතිය - ඒ කියන්නේ අනෙක් අය ගැන හිතන කම. එහෙම කෙනෙක් කවදාවත් හොරකං කරන්න පෙලබෙන්නේ නෑ. හැම තිස්සෙම හිතනවා "අනේ මම මේ මනුෂ්‍යාගෙන් මේ සල්ලි හොරකම් කරාම ඒ මනුෂ්‍යා ජීවත් වෙන්නේ කොහොමද කියලා"
ක්ෂණික කෝපය - ක්ෂණික කෝපය තියෙන කෙනෙක් ළග මේ මම කලින් දාලා තියෙන දේවල් තිබ්බත් වැඩක් නෑ මොකද ක්ෂණික කෝපය ඉක්මන් වෙලා ඉහත ගති ගුණ යටපත් කරන නිසා. ඉතින් පුද්ගල සංවර්ධනය කිරිමට මේ ක්ෂණික කෝපය නැවැත්වීමට පියවරක් ගත යුතුයි.
තර්කානූකූල ලෙස දුර දිග හිතිම - මෙහෙම හිතන කෙනෙක් අපරාධවල ආදීනව දන්න නිසා අපරාධ කරන්න පෙළබෙනවා අඩුයි. මොකද එයා හිතනවා යමක් කරන්න කලින්. මේ දේ කරොත් මට මේ දේ වෙන්න පුලුවන් , මගේ පවුලට, දෙමව්පියන්ට මේකෙන් අවමන් වෙන්න පුලුවන් ඉතින් මේ දේ මම නොකර යුතුයි.
බුද්දිමත් නැති කම - ආනන්ද සර්පයා දුටුවාද වගේ. අපි සර්පයන් දුටු තැන සර්පයා අල්ලන්නේ නැතුව එතනින් ලිස්සලා යෑමට පුරුදු වෙනවා නම්,බාලයන් ඇසුරු කරන්නේ නැතුව (බාලයන් කිව්වේ ගුණ යහපත් කමෙන්, පුද්ගල සංවර්ධනයෙන් ,බුද්ධියෙන් බාල) පණ්ඩිතයන් ඇසුරට හුරු වෙනවා නම්, නොසුදුසු ස්ථාන වල ගැවසීමෙන් වැළකෙනවා නම් තමන් අපරාධකාරයෙක් වීමේ අඩුයි අවස්ථාව අඩු වෙනවා. නැත්නම් අහක යන කුණු ගොඩක හරි තමන්ව පැටලවෙන්න පුලුවන්. දැකලා ඇති නෑ බොරු චෝදනා වලට හිරේ යන මිනිස්සු. මට මතකයි මම රුසියන් කථාවක් කියෙව්වා. පිහි ඇනුම් චෝදනාවකට හිරේ යන මිනිහෙක් හිරේ මැරෙනකම් ඉන්න හැටි. නමුත් අන්තිමට ඒ මනුෂ්‍යායා නෙවෙයි නියම අපරාධකාරයා. ඉතින් මේ වගේ ඒවා අනන්තවත් වෙනව. මේකට හේතුව මම ඉහත කියපු දේවල්. කෙටියෙන් ආයි කියනවා නම්. නරක පුද්ගලයන් ඇසුරට යන්න එපා, නොසුදුසු ස්ථානවල ගැවසෙන්න එපා, ඒ වගේම තව එකක් තියෙනවා නීතිය දැන ඉන්න එකත් වටිනවා තමන් ඉන්න රටේ.
අසරණ කම - අසරණ මිනිසා ඕනෙම දෙයක් කරන්න පෙළබෙනවා. දැන් හිතන්න ඔයාට කන්න නෑ කියලා එතකොට මොකද වෙන්නේ? හොරකම් කරලා හරි කන්න පෙළබෙනවා නේ? ඉතින් අසරණ කම නැති කරන්න වැඩ පිළිවෙලක් යොදන්න ඕනේ. එහෙම නැතුව හොරුන් හිරේ දාලා අසරණ කම නවත්වන්න බෑ ඒක හරියට. මදුරුවන් එළවන්න අද ලංකාවේ ගෙවල් වල මදුරු කොයිල් දානවා වගේ වැඩක්. ගේ හතර වටේම කාණු වල මුදුරු බිත්තර පුරෝගෙන ගේ අස්සේ කොයිල් පත්තු කරලා තියෙන එක මෝඩ වැඩක්. අපි කරන්න ඕනේ කානු සුද්ද කරලා මදුරු කරදරය මුලින්ම උදුරා දමන්න කටයුතු කිරිමයි. ඉතින් මේ වගේම බඩගින්නට හොරකම කරන මිනිසාව හිරේ දාන්නේ නැතුව බඩගිනි මිනිස්සුන්ට කන්න දෙයක් දෙනවා නම් බඩ ගින්නට හොරකම් කරන හොරු ප්‍රමාණය නිකම්ම අඩු වෙලා යයි.
සහා ස්වයං පාලනය - තමන්ට තමන්ව පාලනය කරන්න පුරුද්දක් තියෙන්න ඕනේ. කකුලක් දැක්කත් ලිංගික හැගීම් ඇවිස්සෙනවා නම් ඒක ඉතින් ස්වයං පාලනයේ අඩුපාඩුවයි.. සාමාන්‍යයෙන් මිනිසෙක් යම් දෙයක් කරන්න එකපාරටම පෙළබෙනවා අඩුයි (ක්ෂණික කෝපයේදි හැර) ගොඩක් වෙලාවට යමක් කරන්න කලින් ටිකක් හිතනවා. දැන් හිතන්න කෙල්ලක්ව දූෂණය කරන්න ඕනේ කියලා. එතකොට මුලින්ම කරන්නේ ලිංගික හැගීම් අවුස්සා ගන්න එකයි ඊට පස්සේ ඊළග පියවර සැලසුම් කිරිම etc..... ඉතින් මේ චේතනාව දැංවැලක් වගේ එකිනෙකට එකක් සම්බන්ධවෙලා අවසානයේදි ක්‍රියාව දක්වාම යනවා (චේතනාවක් නැතුව වෙන ක්‍රියා Accidents - හදිසි අනතුරු ඒවා වැරදි නෑ (හරියට බස්වල මිනිස්සුන්ගේ දන්නෙම නැතුව කකුල පැගීම xD )) ඉතින් අපිට පුලුවන් නම් මේ දැංවැලේ මුල්ම පුරුක ගලවල දාන්න එහෙනම් අපිට එහෙනම් පුලුවන් ලේසියෙන්ම ස්වයං පාලයක් ඇති කරගන්න.