ඉන්දියානු කුල මල
ඉන්දියානු කුල මල වදය
ඉන්දියාව කියන්නෙ, කුලවාදය ඉතාම තදින් මුල් ඇදගෙන, අටුවම් බැසගෙන ඇති දේශයක්. ඒ භූමියේ එවන් කුල-ගෝත්‍ර දහසකට වඩා පවතිනවා. ඒ වගේම තවත් පැත්තකින් "චතුර්වේදය" නමින් හින්දු ආගමේ ඉපැරණි, ශුද්ධ වූ මූලාශ්‍රයක් තිබෙනවා. සමාජය ස්ථර හතරකට බෙදෙන බව එහි ප්රබලව උගන්වනවා. එය හඳුන්වන්නේ "චතුර් වර්ණ" ලෙසයි. දැනට දහසකට වැඩි ප්‍රමාණයක් ලෙස බෙදී පවතින කුල-ගෝත්‍ර, වේදයෙහි සඳහන් එම "වර්ණ" නැමති රාක්ක හතරේ පිළිවෙළින් අඩුක්කරන්නට යැම කියන්නෙ මහ අවුලක මුලක්. එය වියවුලක් වන්නේ කුල සංකල්පය අනුව බෙදී තිබෙන ඉන්දියානු සමාජය, කලවම් වී විවිධ පංති අනුව නැවත ස්ථානගත වන විටයි. එතනින් ඉවර වෙන්නෙ නෑ. ඒ ඒ කුල සහ පංති, තව තැනකින් වර්ගීකරණයට ලක් වෙනවා. ඒ තමා "ජාතිය". ජාතිය අනුව ගොනුවී වරිග-පෙළපත් අනුව නැවතත් බෙදෙන විට එය අවුල් ජාලයක්ම වෙනවා.
බ්‍රිතාන්‍යයන් දකින ආකාරයට හින්දු ජාතිකයන් මුළුමනින්ම කුලවාදීන්. සමාජය "වර්ණ" හතරකට බෙදා දක්වන්නේ චතුර්වේදයට අයිති සෘග් වේදයෙන්. බ්‍රිතාන්‍යයන් මේ "වර්ණ" යන්න "පැහැය" (ජදකදමර) ලෙස තම බසට පරිවර්තනය කර ඔවුන්ටම ආවේනික වූ අපූරු විග්රහයක යෙදෙනවා. "සුදු" පැහැති ආර්යයන් ඉන්දියාව ආක්‍රමණය කොට "කළු" ද්‍රවිඩයින් වහලුන් ලෙස "චතුර් වර්ණ" සමාජයේ පහළම රාක්කයේ අඩුක්කළ බවක් ඉන් කියවෙනවා. නමුත් ජාන පරීක්ෂණ මත කෙරුනු අධ්‍යයනයන්ට අනුව ඒ මතය බැහැර වෙනවා. ප්රාකෘත සංස්කෘත භාෂාව කතා කරන කණ්ඩායමක් වසර 3,500 කට පමණ පෙර ඉන්දියාවට පැමිණ ඇති බව බොහෝ දෙනා පිළිගත් මතයක්. එය එසේ නම් විවාහයන් සඳහා කුල - ගෝත්‍ර බාධා නොතිබුණු ඒ කාලෙ ඔවුන් ස්වදේශිකයන් සමඟ විවාහ වී කලවම් වෙන්න ඇති.
වේද ග්රන්ථ අනුව කියවෙන "වර්ණ" යනු බ්‍රිතාන්‍යයන් විසින් කියනු ලබන, පිටතට පෙනෙන සමේ පැහය නම් නොවේ. ඉන් නිරූපණය වන්නේ මිනිස් සමාජයේ පවතින ස්වභාවික ස්ථර සතරයි. ලෝකයේ සෑම සමාජයකම පාහේ මේ බෙදීම තිබෙනවා. "බ්‍රාහ්මණයන්" යනු දෙවියන් සහ සෙසු මිනිසුන් අතර ගනුදෙනු සඳහා වන අතරමැදි බලයේ හිමිකරුවන්. "ක්ෂත්රීයන්" යනු භූමි හිමිකාරකමේ බලය ඇත්තන්. නිෂ්පාදන සහ වෙළඳාම් අධිකාරි බලය අත්පත් කරගත් අය "වෛශ්‍යයන්". ඉහත සියල්ලන්ටම සේවා සපයන්නන් "ක්ෂුද්රයින්". වසර 3,000 කට පමණ පෙර වේද සමාජයේ සාමාන්‍ය ජනතාව පාලනය කළේ යුද රථ මතින් ගමන් ගිය රණකාමීන් අතින්. සාමාන්‍ය ජනතාව හා දෙවියන් සම්බන්ධ කරවන අතර මැදියන්ගේ භූමිකාවට, මන්ත්‍ර ස-Cධායනය කරන ඔවුන් හිමිකම් කිව්වා.
වසර දෙදහස් පන්සිය ගණනකට පෙර, බුදුන් වහන්සේගේ පහළ වීමෙන් පසු කාලෙක, වෘත්තීන් අනුව කුලයන්ගේ වර්ගීකරණයක් තිබූ බවට ලි�ත සාක්ෂි හමු වී තිබෙනවා. සාමූහික බලයක් සහිත කුඹල්කරුවන්, රෙදි වියන්නන්, කම්මල්කරුවන් ගැන එහි සඳහන් වෙනවා. ඒවා කුල ලෙස හඳුන්වන්න පුළුවන්. පිටස්තර කුල අතර ආවාහ විවාහ තහනම් කිරීම මගින් ඒ ඒ වෘත්තීය සහ ශිල්පීය දැනුම ඔවුන් තම කුලය තුළම රැක ගත්තා. ඒ වුණත් එය එතරම්ම තද නීතියක් වුනේ නෑ. බුද්ධ දේශනාව ගැන ලියවී ඇති ග්‍රන්ථවල මේ ගැන ප්‍රබල සංකල්ප දෙකක් තිබෙනවා. එකක් තමයි, කුලය තීරණය වීමට කර්මය සාධකයක් වන බව. එනම් කර්මය අනුව සමහරුන් පාලනය කරන්නන් වන අතර සමහරුන් පාලනයට නතු වෙන්නන් වන බව. නමුත් සියල්ලම කර්මයට බුදුදහම බාරදෙන්නෙ නෑ. ඒ වගේම දෙවැන්න කියවෙනවා වෙනස් පැත්තකින්. එනම්, කෙනෙක් බ්‍රාහ්මණයෙක් වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් බව.
ජෛන ආගමික කතාන්දරවලට අනුව තිර්තන්කර්තුමාගේ කලලය බ්‍රාහ්මණ කාන්තාවකගේ ගර්භාශයේ සිට ක්ෂත්රීය කාන්තාවකගේ ගර්භාශයට මාරු වූ බව සඳහන් වෙනවා. ඉන් අදහස් වන්නේ ජෛන ආගමිකයන් විවිධ ස්ථරවලින් සමාජය ගොඩනැඟී ඇති බව පිළිගන්න බවයි. හින්දු වීර කාව්‍යයන්ට අනුව නම් මිනිසුන්ට තෝරා ගැනීමේ ඉඩකඩක් නොවන බවයි කියවෙන්නෙ. තමාගේ භාරකාර පියා රථාචාර්යවරයෙක් වූ හේතුවට "කර්ණා" නම් රණ ශූරයාට අපහාස විඳින්න වෙනවා. එමෙන්ම තම කර්මාන්තය අතහැර තවුස් දිවියකට යොමු වීමේ වරදට ශම්බුකගේ හිස රාමයන් විසින් කඳින් වෙන් කරනු ලබනවා. තමාගේ වගකීම කුමක්ද'යි සිය පවුල විසින් තීරණය කර ඇති බව ක්‍රිෂ්ණා විසින් අර්ජුනට පවසනු ලබනවා. රාජකීය පවුලේ සාමාජිකයකු ලෙස සහ රණකාමියකු ලෙස තම යුදමය වගකීම ඉටු නොකර ලෝකය අත්හැර තවුස් දම් පිරීම නොකළ යුතු බව පවසනවා. හින්දු සහ ජෛන ඉගැන්වීම්වලට අනුව තමන් කැමති වෘත්තියක් තෝරා ගැනීමට ඉඩක් නෑ. එය ලැබෙන්නේ පිය උරුමයෙන්.
බෞද්ධ ඉගැන්වීම් වැරදි තැන්වලින් ග්‍රහණය කරගත් සමාජයටත් එය උරුමයි. බුදුදහමේ කියාදෙන මඟ නිවැරදිව ගමන් කරන ඕනෑම අයකුට එහි අග්‍රඵලය භුක්ති විඳීමට දොරටු විවරව තිබෙනවා. බුදුන් වහන්සේ කුල-ගෝත්‍ර බාධක දමා නෑ. එමෙන්ම මඩ සෝදාගත් කළ ගොවියා රජකමට සුදුසු බව පිළිගත් සමාජයක් ලංකාව තුළ නම් තිබුණා. පහත් ක්‍රියාවක් ලෙස සැලකුනු ගව මස් කෑමේ වරදට හසුවූවන් නීච කුලවලට පිටුවහල් කරනු ලැබුවා. කුලය ක්‍රියාවෙන් නිර්ණය වූ සමාජ පැතිකඩක් අපේ රටේ තිබූ බවට ඉන් සාක්ෂි සැපයෙනවා.
එමෙන්ම ඉන්දියාවේ, ඒ සියලු කතාන්දරවල සුනඛයන් වට කරගෙන මළමිනී ඇති සොහොන්වල දිවි ගෙවන 'චණ්ඩාලයින්' ගැන කියවෙනවා. සෙසු ජනයාගේ පා පහරින් සැලකුම් ලබන මොවුන් කවුරුන්ද, කුලහීනයන්ද? නමුත් මහා බ්‍රහ්මයාගේ පුත්‍රයකු වූ 'දක්ෂ' විසින් බිය ගන්වා අපහාසයයට ලක් කෙරුනු 'ශිව දෙවියන්' සුනඛයන් සමඟ සොහොන්වල ජීවත් වූ බව පැවසෙනවා. 'දක්ෂ' පවිත්රත්වයෙන් පිරිපුන් බවත් 'ශිව' විසින් එම පවිත්රතාවේ අදහස් සරදම්ට ලක් කළ බවත් පැවසෙනවා. නිදහස් මතධාරී හින්දූන් සහ සාම්ප්‍රදායික හින්දූන් අතර ගැටුම එයදැ'යි විමසීමට ඒ පුවත කදිම පොටක්.
වසර 1,500 කට පෙර කාලය වන විට භාරතය තුළ කුල සංස්ථාව තදින්ම ස්ථාපනය වී තිබුණා. හැම කෙනෙක්ම යම් කුලයකට අයිති වුණා. නමුත් කුල අතර ආවාහ විවාහයන්ට තම කැමැත්ත අනුව යම් ඉඩකඩක් තිබුණා. ඉන් අනතුරුව කෙමෙන් කෙමෙන් ඒ නීති ඉතා දරුණු ලෙස දැඩි වෙන්න පටන් ගත් බවක් ජානමය අධ්‍යනයන්ට අනුව පෙනී යනවා. ඒ ඇයි?
ඉන්දියාවට සංක්‍රමණය වූ ග්‍රීකයින්, පර්සියානුවන් මෙන්ම මුසල්මානුවන් වෙතින් ඉන්දියාවේ කුල පදනම දූෂණය විය හැකි බවට හින්දූන් බියට පත් වුණා. එලෙසින් වසර 1,000 කට පමණ පෙර මේ බිය වඩාත් දරුණු වුණා. මුහුදු ගමන් පවා තහනම් කෙරුණා. විවාහයන් නිසා කුල මිශ්රවීම විසින් හින්දු ඉගැන්වීම්වල කියවෙන 'කලියුගය' කැඳවාගනී කියා ඔවුන් බිය වුණා.
අනෙක් සෑම සමාජයක මෙන්ම ආර්ථික සහ දේශපාලනික සාධක මත ගොඩනැගුනු පංති හින්දු සමාජය තුළත් තිබුණා. හින්දු ඉගැන්වීමේ එන 'චතුර් වර්ණ' ආකෘතියේ සියලු කුල-ගෝත්‍ර ස්ථානගත වුණා. වේද ශාස්ත්‍රය හැසිරවීම සහ ආගමික සිද්ධස්ථාන හැසිරවීමේ බලය බ්‍රාහ්මණයන් අතට පත් වුණා. දෙවියන් සහ ආධ්‍යාත්මික බලය වෙත පිවිසීමේ අවසර ඇත්තේ ඔවුන්ට පමණයි. ඉඩකඩම් හිමි ක්ෂත්රීය කුලයට දේශපාලනික බලය අත්පත් වුණා. වෙළඳපොළ පාලනය කරන වෛශ්‍ය කුලයට ආර්ථික බලය අත්පත් වුණා. ආධ්‍යාත්මික බලයකට හෝ දේශපාලනික බලයකට හෝ ආර්ථික බලයකට හෝ උරුමයක් නැති ක්ෂුද්‍ර කුලය වෙත ඉහත සෑම කුලයකටම බැල මෙහෙවර කිරීමේ හරි අපූරු වරම ලැබුණා.
ඒ කෙසේ වෙතත්, ඉන්දියානු කුල ක්‍රමයට සුවිශේෂී වූ තවත් දෙයක් තිබුණා. ඒ තමා ආත්ම පවිත්රත්වය ගැන වූ ඉගැන්වීම තුළින් හින්දු ආගමට නතු වීම.
සමහර ජන සමූහයන් අපවිත්‍ර ලෙස හංවඩු ගැසුණා. වසර දහස් ගණනක් තිස්සේ භාරත නගර සහ ගම්මාන බිහි වුණේ අමුතුම ආකෘතියකට. ආගමික සිද්ධස්ථානය ළඟින්ම ධනවතුන් සහ බලවතුන් පදිංචි වී සිටියා. ඔවුන් තමා පවිත්‍රම. ඊට වඩා අඩු පවිත්‍රතාවෙන් සිටි අය තරමක් ඇතින් පදිංචි වී සිටියා. ඊටත් වඩා අපවිත්‍ර අය මායිමට තල්ලු වුණා. මළ මිනී සහ මළ මූත්‍ර ආශ්රිත වෘත්තීන් කරන්නට සිදුවන 'චාරිත්‍රානුකූලව අපවිත්‍ර' ජනයාට වනගතව වෙසෙන්න සිදු වුණා. බැලු බැල්මට මේ ක්රමයේ තාර්කික පදනමක් පෙනෙන්නෙ තිබෙනවා. නමුත් එය හරිම අමානුෂිකයි. මනුස්සයකුට හිමි ගරුත්වය එහි නෑ. අධ්‍යාපනය ලැබීම සහ බීමට පිරිසිදු පැන් පොදක් ලැබීම වැනි පොදු පහසුකම් ඔවුන්ට උරුම නෑ. කවුද මෙවැනි නගර නිර්මාණය කළේ? එය සිදු කළේ රජවරුන් වෙතින් ඊට බලය ලබාගත් බමුණන්. ඔඩිශා, ඩැකැන් සහ තමිල්නාඩු ප්‍රාන්තවලින් හමුවූ වසර 1,500 ක් පමණ පැරණි තඹ පත්‍ර ඊට ලි�ත සාක්ෂි සපයනවා. නිශ්චිත වූ භූමිබාගවල ගම්මාන ස්ථාපන කළ බවත්, රජතුමා වෙනුවෙන් බදු එකතු කරන්නට පරිපාලන ව්යqහයන් එහි නිර්මාණය කළ අන්දමත් ඒ තඹ පත්වල සටහන් වෙනවා.
ක්‍රි. ව. 8 වැනි සියවසේ ආදි ශන්කරා නමින් හින්දු දාර්ශනිකයෙක් ජීවත් වුණා. එක්වරක් තමා ගමන් කරන මග මුණ ගැසුණු 'සැඩොල්' කුලයේ අයකුට ඔහු පසෙකට වන්නට අණ කළා. සැඩොලා පෙරළා මෙසේ ප්‍රශ්න කළා. 'ඔබතුමාට පැත්තකට කරන්නට අවශ්‍ය කරන්නේ මගේ අපවිත්‍ර සිරුරද, එසේත් නැති නම් පවිත්‍ර ආත්මයද?' මේ කතාන්දරය විවිධ විදිහට අර්ථ දැක්වී තිබෙනවා. කුලවාදයට එපිටින් නැගී සිටින්නට හින්දු දහමේ ඇති ඉඩකඩ සහ කුලවාදය තව තවත් ශක්තිමත් කරන හින්දු ආගම අතර පරතරය මින් පෙන්නුම් කෙරෙනවා.
'බසවා' නමින් හින්දු දර්ශනිකයෙක් ක්‍රි. ව. 12 වන සියවසේ කර්නාටක ප්‍රාන්තයේ ජීවත් වුණා. එතුමා රාජ සභාවේ තමාට හිමි තනතුරද ඉවතලමින් කුල අතර විවාහ සිදුවීම ධෛර්යමත් කරන්නට ඉදිරිපත් වූයේ කුලවාදයට අභියෝග කරමින්. දෙවියන් ඉදිරියේ සියලු මනුෂ්‍යයන් සමාන බව දේශනා කිරීම සහ සංස්කෘත බස වෙනුවට ස්වදේශීය බසින් දෙවියන් ගැන ලේඛන කළ වරදට ධ්යානේශ්වර, ටුකාරම්, සහ ඒක්නාත් වැනි මරාටි හින්දු සාන්තුවරුන් සහ කවියන් හින්සනයට ලක් වුණා. එහෙත් භාරතයේ විවිධ ප්‍රාන්ත රාජ්‍යයන්වල හින්දු සාන්තුවරුන්, කවියන් කුලවාදයට එරෙහි දාර්ශනික අරගලය අත් නොහල බවට උදාහරණ බොහොමයක් තියෙනවා.
ගමේ තිබුණ ලිඳ පාවිච්චි කිරීමට වරම් නැති සමහර ජන වර්ග කේරළයේ, මහරාෂ්ට්‍රයේ සහ ගුජරාටයේ බොහෝ ගම්වල මීට වසර සීයක් දක්වාම ජීවත් වුණා. යන මග සටහන් වන තමාගෙම පිය සටහන් අතුගා මකා දැමීමට ඉදලක් රැගෙන යැමට ඔවුන්ට සිදු වුණා. බැහැරට කෙල ගැසීමට ඇති අයිතියවත් ඔවුන්ට තිබුණේ නෑ. ඒ සඳහා හැලියක් අතැතිව යන්න සිදු වුණා. අපවිත්‍ර වූ ඔවුන් මග එන බව කුලවන්තයන්ට දැන්වීමට බෙරයක් වාදනය කරමින් යන්නටත් සිදු වුණා. මේ හැම දෙයක්ම ඔවුන්ට උරුම වූයේ කුලය නිසයි. ඔවුන්ගේ රැකියාවේ ගනුදෙනුව තිබුණේ වැසිකිළි පවිත්‍ර කිරීම, සත්ව මළකුණු වැනි අපවිත්‍ර දේවල් සමගයි. ඔවුන්ට ඒ දණ්ඩනීය රැකියාවෙන් මිදෙන්න මගක් තිබුණේ නෑ. කුලවාදය අනුව උපතින්ම අපවිත්‍ර වූ ඔවුනට මිනිසෙකුට උරුම අවම ගෞරවයවත් හිමි වුණේ නෑ. පසු ගිය වසර 70 තුළ ඉන්දියානු සමාජයේ විශාල දියුණුවක් ඇති වෙමින් තිබුණත් පහළ කුලයේ කෙනෙක් සමඟ එකට වාඩිවීම බොහෝ ඉන්දියානුවන් විසින් තවම මග හරිනු ලබනවා. අන්ත පීඩිතයින් වන 'දාලිත්' කාන්තාවකගේ අතින් තම කෑම වේල සකස් කර ගැනීමත් ඔවුන්ට අපුලයි. ඉන්දියානු සමාජය දූෂණයට ලක්වෙනවාට ඇති බියක් ලෙස ඔවුන් ඒ පහත්බව ඔප දමා අර්ථ දක්වනවා.
සමාජයේ ඉහල ස්ථරයේ වැජඹෙන බමුණන් විසින් දේවභාශිතය ලෙස සමාජය මත පටවන ලද මේ ක්‍රමය පහළ කුලයන් බාරගෙන පිළිපදිනවා. හින්දුන් පමණක් නොවේ මුසල්මානුවන් සහ කතෝලිකයන්ද තමන්ගේ දූ දරුවන්ගේ සහකරුවන් තෝරා ගැනීමේදී දැඩි ලෙස ඒ ආකෘතිය තුළ සිර වී සිටිනවා.
මේ ලෝකයේ රටවල්වලට ඇතුල්වීම සඳහා වීසා බලපත් ලබා දීම සැලසුම් වී ඇත්තේ දිළිඳන්ට සහ කුසලතාවක් නොමැති අයට වැට බැඳෙන පරිදිය. ඒ පවතින ක්‍රමය තුළ වූ වටිනාකම් දූෂණය වේයෑ'යි ඇති බිය නිසාය. කාන්තාවන්ට සහ සමලිංගිකයන්ට අයිතීන් ඇති බව බොහෝ මුසල්මානුවන් ප්‍රතික්ෂේප කිරීම ඊට එක් උදාහරණයක්. ඒ වගේම ඉන්දියාවේ පරම අවිහිංසාවාදී ජෛන සමාජයන් විසින් තම සමාජය මාංශ භක්ෂකයන් වෙතින් දූෂණය වීම වළක්වා ගැනීම සඳහා දේශපාලන බලය පාවිච්චි කරනු ලබනවා. ඒ වගේම පකිස්තානයේ සහ ඉරානයේ මුසල්මානුවන් පිළිම වන්දනා කිරීම ගැන පිළිකුලෙන් 'සුµsදහම' ප්‍රතික්ෂේප කොට බැහැර කරනවා. ධනවාදය දූෂණයක් ලෙස මාක්ස්වාදීන් දකිනවා. මාවෝවාදීන් සංවර්ධනය දකින්නේ දූෂණයක් ලෙසයි. ඉන්දියාවේ කුල හීන 'දාලිත්වරුන්' කියමින් සිටින්නේ බුදුදහම පිවිතුරු බවත්, හින්දු දහම දූෂිත බවත්ය. මාංශ භක්ෂකයන් අපවිත්‍ර බව ශාක භක්ෂකයන්ගේ ස්ථාවරයයි.
පාරිශුද්ධත්වය ගැන වූ ආගමික ඉගැන්වීම නිසා වසර දෙදහස් ගණනකට පෙර ඉන්දියාවේ කුලවාදී පිළිකාව හට ගත්තා. ඉන් වසර දහසකට පමණ පසු එය තහවුරු වුණා. ඒ පාරිශුද්ධත්වයේ ඉගැන්වීම දැන් ලොව පුරා පැතිරෙමින් තිබෙනවා. එහි ඇත්තේ විවිධත්වය නුරුස්සන එක්තරා "සමජාතීය" මනෝරාජික පාරාදීසයක් දැකීමේ උමතු සිහිනයක්. තමන්ගේ දේශපාලන දැක්මෙන් පිට අන් සියලු දෙනා බැහැර කොට පරිභව කිරීමට රුචි දේශපාලනඥයන්ගේ උද්වේගකර කතා ඇසෙන විට ඔබට මෙය මැනවින් ඒත්තු යනු ඇති. ඒ හඬ අන් කිසිවෙකුගේ නොව නවීන-කුලවාදය නම් රකුසා නිදි ගැට බිඳින හඬයි.
සංස්කරණය චතුර පමුණුව
සුජීව ක්‍රිෂන්ත ගමගේ