ඉන්දියානු ගිලන් රථය තුළදී සිදුවූ දරු උපත
ඉන්දීය රජය මගින් ලබා දුන් 1990 හදීසි අනතුරු ගිලන් රථයක් තුලදී ඊයේ (20) මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ 28 හැවිරිදි මවක් දරුවකු ප්‍රසූත කලාය. ගිලන් රථයේ සේවක සේවිකාවන්ගේ ද සහාය ඇතිව එසේ සාරථකව තම දෙවැනි දරු ප්‍රසූතිය සිදු කලේ මාතර තෙලිජ්ජවිල, ගල්ලන්ද කැටියේ පදිංචි කේ.වී. අනූෂා සදමාලි (28) නැමැති මවකි.
ඇයට තම දරු ප්‍රසූතිය සිදු කිරීම සදහා දින නියම කර තිබුණේ ලබන 30 වැනිදාත් ජනවාරි මස 12 වැනිදාත් අතරය. එහෙත් එම මවට හදීසියේ ප්‍රසව වේදනාව ඇති වී ඇගේ සැමියා වන වී.ඊ.පී. සුරේෂ් (28) මහතා 1990 හදීසි ඇමතුම් අංකයට දැනුම් දී ඉන්දියානූ ගිලන් රථයක් ගෙන්වා ගෙන තිබුණි.
අකුරැස්ස පොලිස් ස්ථානයේ නවතා තිබු ගිලන් රථය මිනිත්තු දොලහකටත් අඩු කාලයක දී එම නිවස වෙත යාමට සමත්ව තිබේ. ඒ අනුව ප්‍රසව වේදනාව සහිත කාන්තාව සිය සැමියා සමග මාතර මහ රෝහල වෙත රැගෙන එන අතරවාරයේ මාතර ගොඩගම ප්‍රදේශයේ දී ඇය තම දරු ප්‍රසූතිය සිදු කලාය.
එම අවස්ථාවේ දී ගිලන් රථයේ රාජකාරී කළ හදිසි ප්‍රතිකාර තාක්ෂණවේදීනිය වු රම්‍යා මධුභාෂිණී රණවක මහත්මිය එම මවට අවශ්‍ය සියලුම ඇප උපස්ථාන හා මූලික ප්‍රතිකාර ලබා දී දරු ප්‍රසූතිය සාර්ථකව සිදු කිරීමට සහාය වූවාය. මෙම ගිලන් රථයේ රියදුරු ලෙස ජී.මුණසිංහ වික්‍රමරත්න මහතා කටයුතු කර තිබේ.
මාතර මහ රෝහලේ 29 වාට්ටුවේ තම අලුත උපන් දරුවා සමග ප්‍රතිකාර ලබන අනූෂා මහත්මිය හා දරුවා බැලීමට ඉන්දියානු ගිලන් රථ සේවාවේ මාතර හම්බන්තොට දිස්ත්‍රික් කළමණාකරු ගාමිණී ලියනගමගේ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය තෑගී භෝග ද රැගෙන ඊයේ(20) සවස එම රෝහල වෙත පැමිණ තිබුණි. ඉන්දියානු ගිලන් රථ සේවාව ආරම්භ කල පසු මෙවැනි සුවිශේෂී සිද්ධියක් වාර්තා වු පලමු අවස්ථාව මෙය වේ.
මාතර ඉඳුනිල් කැළුම් ජයවීර
http://sinhala.lankanewsweb.net/news/item/6973-2016-12-21-16-15-24