AKD ඉන්දියාවෙ ගියාට පසුව කලින් ඉන්දියාව පහතට හෙළල කතා කරපු ඔවුන් දැන් ඉන්දියාවෙ ගුණ වයනවා..
කබරගොයා තලගොයා වෙලා..!
Modern politics වල තත්වය පැහැදිලියි..
එදා ජවිපෙ ඉන්දියානු ව්‍යාප්තවාදයට අවියෙන් පවා එරෙහි වුණා..
ඉන්දියානු ව්‍යාප්තවාදය හැදෑරීම මූලික පන්ති පහෙන් එකක්..
දේ ජ ව්‍යා විජය මැරුවෙ "ඉන්දියානු ඒජන්තයෙක් " යන දේශපාලන හේතුව පෙන්නලා..
ඒ සන්දර්භය වෙනස්..
සන්දර්භය වෙනස් නිසා නූතනයට ගැලපෙන්න ජවිපෙට සිදු වෙනවා..
ඉන්දියානු බලපෑම පොදු සාධකයක්..
යථාර්ථය පිළිගෙන වැඩ කරන්න වෙනවා..
ඉන්දියාව එක්ක චණ්ඩි පාට් එකෙන් වැඩ කරන්න දැන් කාටවත් බෑ..
නායකයො උපක්‍රමශීලී වෙන්න ඕන..
"අනෙක් දේශපාලන නායකයො ඉන්දියාව ඉස්සරහ දණ ගැහුවාය , අපි වෙනස් ය " කියන සින්දුව මොණරාගල පැත්තෙ දුප්පත් ගොවින්ට හෙට අනිද්දා ඒ පැත්තෙ නායකයො තව දුරටත් කියාවි..
ටී වි එකෙත් කියාවි..
බලමු ඉස්සරහට ECTA එකට මොකද කියන්නෙ කියලා..
