ඉන්දියාවෙන් අන්තිම තෙල් නැව එයි.. ඉන් පසු තෙල් ??

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඉන්දීය ණය යෝජනා ක්‍රමය මගින් ඊළඟ ඩීසල් නැව මෙරටට ගෙන ආවාට පසු රටේ අවශ්‍යතාව පිරිමසා ගැනීම සඳහා තෙල් ආනයනයට වැඩපිළිවෙළක් තාමත් සකසා නොමැති නිසා ඉදිරි සති දෙකෙන් පසු යළි බරපතළ ඉන්ධන අර්බුදයක් මතු විය හැකි බවට තෙල් සංස්ථා උසස් නිලධාරීහු අනතුරු අඟවති.

    ක්‍ෂණික මිලදී ගැනීම් යටතේ ඉන්ධන ලබා ගැනීමට යම් යම් සැලසුම් ක්‍රියාත්මක කළද සැපයුම්කාර සමාගම් ඒවාට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද ඔවුහු කියති.

    මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඔටෝ ඩීසල් මට්‍රික් ටොන් 18,825ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 42ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 33,498ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13,067ක් සහ ජෙට් A1(ගුවන්යානා තෙල්) මෙටි්‍රක් ටොන් 386ක් තිබෙන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබුණත් එම ප්‍රමාණය සෑහෙන්නේ සති දෙකකට පමණ යැයි ද එම නිලධාරීහු සඳහන් කළහ.

    මේ වනවිට මෙරටට ගෙනා බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් යොදා වැසී තිබු සපුගස්කන්ද තෙල් පිරිපහදුව සක්‍රිය කළත් එමගින් ඉන්ධන නිපදවීමට දින දෙක තුනක් ගතවන බව පිරිපහදුවේ උසස් නිලධාරීහු කියා සිටිති.

    මෙම පිරිපහදුව සඳහා මෙතෙක් කලක් භාවිත කළ බොරතෙල් වර්ගය වෙනුවට රුසියාවෙන් ආනයනය කළ බොරතෙල්වලින් පෙට්‍රල් හා ඩීසල් නිපදවාගත හැක්කේ සියයට 17ක් පමණකැයි විශ්වාස කරන අතර ඉන් වැඩිපුරම නිෂ්පාදනය කෙරෙන්නේ දැවිතෙල් හා තාර වැනි බර නිෂ්පාදන යැයිද ඔවුහු කියා සිටිති.

    සපුගස්කන්ද පිරිපහදුව සම්පූර්ණ ධාරිතාව යටතේ පිරිපහදුව සිදු කළහොත් මෙම මස මැද වනවිට බොරතෙල් අවසන් වී යළි එය නවතා දැමීමට සිදුවන බවද එහි නිලධාරීහු කියති. අවම ධාරිතාව යටතේ ක්‍රියාත්මක කළත් ලබන 27 වැනිදා වනවිට එය යළි නතර කරන්නට සිදුවී ඇත්තේ බොරතෙල් යළි ආනයනය කිරීමට වැඩපිළිවෙළක් යොදා නොමැති නිසාය.

    මේ වනවිට තෙල් සංස්ථාව සතුව පවතින සීමිත ඉන්ධන අරපිරිමැස්මෙන් රටපුරා ඉන්ධනහල් වෙත යවන බැවින් සමස්ත ඉන්ධනහල් 1190න් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට ඩීසල්, පෙට්‍රල් ලබාදීමට නොහැකිවී ඒවා වසා දමා තිබේ.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    දැන් ඔකත් මිනිස්සුන්ට ජ‌ොක් ඒකක් ව‌ෙලා තිය‌ෙන්න‌ේ. ඔකුන් දැන් මාස ගානක ඉදන් අන්තිම නැව අන්තිම බ‌ොට්ටුුව අන්තිම බැරල් ඒක අන්තිම බින්දුව කියනවා. මහ ඒකා ඒ අස්ස‌ෙ දවසකට විතරයි ත‌ෙල් තිය‌ෙන්න‌ෙ කියනවා. ඒත් ම‌ෙන්න යකෝ පහුව‌ෙනිදා ව‌ෙන කොට ත‌ෙල් තියනවා..
    ඔකත් දැන් කොටි නැගිටිනවා වගේ තමයි..
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    දැන් ඔකත් මිනිස්සුන්ට ජ‌ොක් ඒකක් ව‌ෙලා තිය‌ෙන්න‌ේ. ඔකුන් දැන් මාස ගානක ඉදන් අන්තිම නැව අන්තිම බ‌ොට්ටුුව අන්තිම බැරල් ඒක අන්තිම බින්දුව කියනවා. මහ ඒකා ඒ අස්ස‌ෙ දවසකට විතරයි ත‌ෙල් තිය‌ෙන්න‌ෙ කියනවා. ඒත් ම‌ෙන්න යකෝ පහුව‌ෙනිදා ව‌ෙන කොට ත‌ෙල් තියනවා..
    ඔකත් දැන් කොටි නැගිටිනවා වගේ තමයි..
    aththatama kotiya kanawa habai thawa sathi deka thunakin
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Indian Credit Line එක extend වෙනවා.
    ලොකුවට හිතන්න එපා
    අනික සංචිත ඔක්කොම එකපාර එලිය දෙන්නේ නැහැ.
    india wa kamati na system change wenawata
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    Indian Credit Line එක extend වෙනවා.
    ලොකුවට හිතන්න එපා
    අනික සංචිත ඔක්කොම එකපාර එලිය දෙන්නේ නැහැ.

    ක‌ොහ‌ොමත් දැන් ග‌ොඩක් උන්ගේ ග‌ෙවල් වල ක‌ොලොන්නාවට වඩා ත‌ෙල් සංචිත තියනෙවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඉදිරි සති දෙකෙන් පසු යළි බරපතළ ඉන්ධන අර්බුදයක් මතු විය හැකි බවට තෙල් සංස්ථා උසස් නිලධාරීහු අනතුරු අඟවති.

    බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් යොදා වැසී තිබු සපුගස්කන්ද තෙල් පිරිපහදුව සක්‍රිය කළත් එමගින් ඉන්ධන නිපදවීමට දින දෙක තුනක් ගතවන බව පිරිපහදුවේ උසස් නිලධාරීහු කියා සිටිති.