ඉන්දියාවෙන් ගෙන්වන වියළි මිරිස්වල වස🍆🍆&#12

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඉන්දියාවෙන් ගෙන්වන වියළි මිරිස්වල වස🍆🍆&#12

    ආහාර සඳහා ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරනු ලබන වියළි මිරිස්වල මිනිස් ශරීරයට අහිතකර විෂ රසායනික අඩංගු බවට ඕස්ටේ‍්‍රලියානු රජය විසින් අපනයන සංවර්ධන මණ්ඩලයට දැනුම් දී තිබේ.

    මෙසේ දැනුම් දීමට හේතු වී ඇත්තේ මෙරට චිලී පේස්ට් නිෂ්පාදන ව්‍යාපාරිකයන් ඕස්ටේ‍්‍රලියාවට අපනයනය සඳහා චිලී පේස්ට් යොමුකර තිබිය දී එරට රජය විසින් කරන ලද සාම්පල් පරීක්ෂාවය. සාම්පල් පරීක්ෂාවෙන් පසුව අපනයනයට යොමු කළ චිලී පේස්ට් තොග ඕස්ටේ‍්‍රලියාව විසින් නැවත මෙරටට හරවා එවීමට කටයුතු කර ඇත.

    මේ තත්ත්වය චිලී පේස්ට් නිෂ්පාදකයන්ට මෙන්ම ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිරිස් පරිභෝජනයට ගන්නා මෙරට පාරිභෝගිකයන්ට ද බරපතළ අහිතකර තත්ත්වයකි.

    ඕස්ටේ‍්‍රලියාව කරන ලද සාම්පල් පරීක්ෂණයේ දී ඔවුන් අපනයන සංවර්ධන මණ්ඩලයට දැනුම් දී ඇත්තේ විෂ සහිත රසායනික ද්‍රව්‍ය අවශේෂ වැඩි ප‍්‍රමාණයක් චිලී පේස්ට්වල අඩංගු වී ඇති බවයි.

    මෙරට පරිභෝජනය සඳහා දේශීය මිරිස් නිෂ්පාදනය ප‍්‍රමාණවත් නොමැති නිසා වියළි මිරිස් හා සකස් කරන ලද මිරිස් කුඩු තොග වශයෙන් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙනි.

    මිරිස් නිෂ්පාදනය සඳහා මෙරට තහනම් කළ කෘමිනාශක, වල් නාශක ඉන්දියාව තවමත් භාවිත කරයි. පිළිකා කාරක සහිත එම කෘෂි රසායන (ග්ලයිෆොසෙට්, ෆර්නිල්, කාබොෆියුරාන්, ක්ලෝරෝපයිරිෆෝස්, ඔගෙෆා පොස්පේට්, කාබමේට්) යොදන වියළි මිරිස් මෙරට පාරිභෝගික ජනතාව තවමත් පරිභෝජනය කරන අතර මෙම අනතුරු දායක තත්ත්වය මඟහරවාලීමට වගකිව යුතු අංශ මැදිහත් වී නැත.

    ඕස්ටේ‍්‍රලියානු රජය විසින් මෙරට නිෂ්පාදිත චිලී පේස්ට් ආනයනය තහනම් කිරීම පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර අංශ ප‍්‍රධානී ආචාර්ය කේ.එච්.සාරානන්ද මහතාගෙන් අප කළ විමසීමක දී හෙතෙම ඒ බව තහවුරු කළ අතර ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන වියළි මිරිස් මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීමට මත්තෙන් විධිමත් තත්ත්ව පරීක්ෂාවකට ලක් කර පාරිභෝගිකයන්ට ලබාදිය යුතු බව අවධාරණය කළේය.

    ශ‍්‍රී ලංකාවේ පාරිභෝගිකයන් ආහාරයට ගන්නා වියළි මිරිස්වල විෂ සහිත රසායනික අඩංගු බවත් ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසු බවත් ඕස්ටේ‍්‍රලියානු රජය විසින් මුල්වරට මෙරට බලධාරීන්ට දැනුම් දී ඇත්තේ මීට වසර හතරකට ඉහත දීය. එතැන් සිට ශ‍්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන චිලී පේස්ට් ආහාරයට නොගන්නා ලෙස ඕස්ටේ‍්‍රලියානු රජය එරට ජනතාවට දැනුම් දී ඇත
    with ඉදිරියේ රාළ and 10 others
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    තොපිට කට කැඩෙනකන් කිවුවා ඇහැව්වද
    රතු මිරිස් කන එක දැන්වත් නවත්තපියව්

    මීට ඉදිරියේ රාල ;)
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ඉදිරියේ රාළ ඕක තමයි කිව්වේ. කෝ තොපිලට ඒ කාලේ අන් ඇවිල්ල නේ තිබ්බේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ...

    මෙරට පරිභෝජනය සඳහා දේශීය මිරිස් නිෂ්පාදනය ප‍්‍රමාණවත් නොමැති නිසා වියළි මිරිස් හා සකස් කරන ලද මිරිස් කුඩු තොග වශයෙන් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙනි.

    ...

    මෙච්චර සශ්‍රීක රටකනෙ මුන්ට මිරිස් පැලයක්වත් වවාගන්ඩ බැරි :no::no:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    lankawata oya kamajathi genaddii pariksha karanne nadda bn sample....australia walin eka prisha karanakn ahu une naththe

    :lol:Australia wa wageda ban lankawa.anika indiawa ape loku ayiyane.unge hama jarawakma api ganna ona.nathnam tharaha wei.:lol: