ඉන්දියාවෙන් ගෙන්වූ බව කියූ එන්නත මෙරටදී නිෂ්පාදනය කළ බව හෙළිවෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ තොගයක් පෞද්ගලික සමාගමක් මගින් මෙරටට ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැර ඇති බවට සිවිල් සංවිධාන එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

    ප්‍රතිදේහ එන්නත් කුප්පි 22,500ක තොගයක් ගෙන්වූ බවට අදාළ සමාගමට චෝදනා එල්ලවී තිබු අතර ඉන් රුපියල් මිලියන 130කට අධික මුදල් වංචාවක් සිදුවී ඇති බවට අනාවරණය වී ඇත.

    සිද්ධිය පිළිබඳ විමර්ශන ඇරඹු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට පසුගියදා කරුණු වාර්තා කළ අතර එහිදී අධිකරණය නියෝග කළේ ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

    ඒ අනුව අදාළ සමාගමේ හිමිකරු සහ අධ්‍යක්ෂවරයෙක් බව කියන 57 හැවිරිදි සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (31) පස්වරුවේ කොම්පඤ්ඤවීදීය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

    ඒ උපාය දූතයෙකු මාර්ගයෙන් සැකකරු හා සම්බන්ධ වෙමිනි.

    මූලික ප්‍රශ්න කිරීම්වලින් අනතුරව අද දහවල් 1ට පමණ සැකකරුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හමුවට ඉදිරිපත් කෙරුණි.

    එහිදී අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ අදාළ එන්නත් ගෙන්වීමේ ටෙන්ඩරයට අනුව ඒවා ඉන්දියාවෙන් ආනයනය කරන බව සඳහන්ව තිබුණද, එම එන්නත් සිදූව, රද්දොළුව ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක් තුළ නිෂ්පාදනය කර ඇති බවය.

    සැපයුම්කරු විසින් අවස්ථා 14කදී එන්නත් මාත්‍රා 3,985ක් වෛද්‍ය සැපයුම් අංශයට සපයා ඇති බවත් ඒ වෙනුවෙන් තුන්කෝටි හැටතුන්ලක්ෂ අසුතුන් දහසකට අධික මුදලක් ඔහුට ගෙවා ඇති බවත් විමර්ශන නිලධාරින් අධිකරණය හමුවේ සඳහන් කර ඇත.

    අදාළ එන්නත් භාවිතය සඳහා නිදහස් කිරීමේදී ඖෂධ නියාමන අධිකාරිය තත්ත්ව පරීක්ෂාවක් පවා සිදුකර නොමැති බවත්, එම එන්නත් 80%ක් පමණ භාවිතයට ගැනීමෙන් පසු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අසාත්මිකතා වාර්තාවී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේය.

    සියලු කරුණු පිළිබඳ අවධානය යොමුකළ මෙහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී කියා සිටියේ සැකකරු මෙම සිදුවීමට සම්බන්ධ එක් තැනැත්තෙකු පමණක් වන අතර, ඊට සම්බන්ධ ප්‍රධාන වගකිවයුත්තන් රාජ්‍ය සේවකයින් විය හැකි බවය.

    එබැවින් මෙම විමර්ශන සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ගෙන සියලු සැකකරුවන් තරාතිරම නොබලා වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියාය.

    අද (01) අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥයින් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුව නොවැම්බර් මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කළාය.

    https://elakiri.com/threads/ඉමියුනො...ු-ළූණු-සමාගම්-හිමිකරු-cid-අත්අඩංගුවට.2128719/
     

    EURO NCAP

    Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    ඔය මිලට ඕක ඉන්දියාවෙන් ගෙන්නුවා කියලා ඔයිට වඩා කොලිටියක් බලාපොරොත්තු වෙන්ඩ බෑ. සමහරවිට ඕක ඉන්දියාවෙන් ගෙන්නන එකට වඩා කොලිටි ඇති
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    "මහෙස්ත්‍රාත්වරිය කෙහෙළියගේ ඇවරියෙන් අල්ලයි...."

    ඔන්න හදනවා නම් නැගලා යන ටොපික් එකක් ඌටියුබ් එකට.
     
    • Haha
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,954
    113
    ඔය මිලට ඕක ඉන්දියාවෙන් ගෙන්නුවා කියලා ඔයිට වඩා කොලිටියක් බලාපොරොත්තු වෙන්ඩ බෑ. සමහරවිට ඕක ඉන්දියාවෙන් ගෙන්නන එකට වඩා කොලිටි ඇති
    නෑ ලොකු process එකක් මේ skip කරලා තියෙන්නේ. ඒ process follow කරා නං මෙහෙම අවුල් වෙන්න නෑ නේ. ඔය බේත හදන්නේ මිනිස්සුන්ගේ අගේ තරලයක් අරගෙන කියල කලින් වීඩියෝ එකක තිබ්බ. ගන්න අයගේ ඔක්කොම විස්තර බලනවා කියල තිබ්බ.
     

    EURO NCAP

    Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    නෑ ලොකු process එකක් මේ skip කරලා තියෙන්නේ. ඒ process follow කරා නං මෙහෙම අවුල් වෙන්න නෑ නේ. ඔය බේත හදන්නේ මිනිස්සුන්ගේ අගේ තරලයක් අරගෙන කියල කලින් වීඩියෝ එකක තිබ්බ. ගන්න අයගේ ඔක්කොම විස්තර බලනවා කියල තිබ්බ.
    👍👍👍
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    තව කොච්චර කාලයක් මුන්ට චන්දෙ දිදී මුන්ගේ මේ හොර වැඩ වලට ජිවිත වලින් වන්දි ගෙවනවද !
     
    • Like
    Reactions: Solo Rider

    Similar threads