|
මෝසම් සුළඟත් සමග, ඉන්දියාවේ සිට පැමිණෙන ප්ලාස්ටික් ඇතුලු අපද්‍රව්‍ය මෙරට සාගර පද්ධතියට මුසුවීම ඉහළ ගොස් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
එහි සභාපති සමන්ත ගුණසේකර මහතා සඳහන් කළේ, කල්පිටිය, මීගමුව, මන්නාරම, යාපනය සහ ඩෙල්ෆ් මුහුදු කලාප වල එම අපද්‍රව්‍ය වැඩි වශයෙන් පවතින බවයි.
එහි සභාපති සමන්ත ගුණසේකර මහතා,
මෝසම් සුළග සමඟ විශේෂයෙන් බටහිර වෙරළ කලාප වල විශාල වශයෙන් ප්ලාස්ටික් හා වෙනත් අපද්‍රව්‍ය ගොඩ ගැහිලා තියනවා.ඒවා බැලුවහම පේනවා 99%ක් ම අපේ ඒවා නෙවෙයි.ඉන්දියාවේ කේරළ මැඩ්රාස් කන්‍යාකුමාරි වගේ තැන්වල කරන නිශ්පාදන..
ඒ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය ද, විශේෂ පරික්ෂාවක් ආරම්භ කර තිබෙන බවත් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ඉන්දියාව සමග සාකච්ඡා කරන බවයි.
