ඉන්දියාවේ දින 15 ක් !!! -Archive

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මගේ සංචාරය ඉන්දීය සංචාරය. ජායාරුප සහිත විස්තරය.

    (මේක මම ගිය ගමනක්. පැරණ ත්‍රෙඩ් එකක්. අකුරු එහෙ මෙහෙ ගිහින් නිසා ආයේ දැම්ම.)

    මගේ හිතේ කාලයක් තිස්සේ ඕනෑකමක් තිබ්බා ඉන්දියාවේ සංචාරයක නිරත වෙන්න. කොහොමහරි මිට මාස කිහිපයකට කලින් (පෙබරවාරි මාසයේ) මම ඉන්දියාවේ ගිහිං ආවා. මේක දින 15 ක සංචාරයක්.

    ගමනට අපි කට්ටිය ඔක්කොම 10 දෙනක් වගේ ගියේ. ඉන්දියාවේ ඉන්න ලංකීක සංචාරක ඒජන්තයෙක් මාර්ගයෙන් තමයි එහෙ සංචාර කටයුතු කලේ. නවතින හොටෙල් නං ඉන්ටර්නෙට් එකෙන් මෙහෙ ඉදන්ම බුක් කරා. සංචාරක නියෝජිතයාත් උදව් කළා එව්වට.

    ගමනට මුළු වියදම ගියා එක් අයෙක්ට ලංකා රුපියල් ලක්ෂ දෙක හමාරක් වගේ. ලංකාවේ සිට නවදිල්ලියට යාමට සහ ඒමට ගුවන් ටිකට් පත්, නවදිල්ලියේ සිට වරනාසි (බරණැස් නුවර) වලට ගුවන් ටිකට් පත්, ඉන්දියාවේ ඉදුම් හිටුම්, කෑම බිම, කොච්චි ටිකට්, ප්‍රවාහන පහසුකම්, නේපාල විසා ගාස්තු ඇතුළු සියලු වියදම් මේකට ඇතුලත්.

    ඊට අමතරව මම ඉන්දියන් රුපියල් 50,000 ක් වගේ වෙනම අරං ගියා එහෙදී වියදම් කරන්න, පන්සල් වලට එහෙම පුජා කරන්න.
    අපි ඉන්දියාවේ ගියේ පෙබරවාරි මාසයේ කිව්වනි. ඒ කාලේ වෙනකොට ඉන්දියාවේ සීත කාලයේ අන්තිම දින කිහිපය වගේ ගත වෙන්නේ. සාමානයෙන් සෙල්සියස් 18-20 ක් වගේ තමයි තිබුනේ. අපි මේ මාසේ ගමන ගියෙත් එව්වත් බලලා.

    සාමාන්‍යයෙන් විදෙස් බෞද්ධ සංචාරකයන් දඹදිව වන්දනා කරද්දී පෙබරවාරි අන්තිම වගේ ඉදං ජුනි, ජුලි වගේ වෙනකන් තමයි යන්නේ. අනික මාස වල එහෙ යන්න බැහැ. එක්කෝ අධික සීතල, නැත්තම් අධික උණුසුම. අපි පෙබරවාරි ගියේ ඒ වෙනකොට නැවත සංචාරක ගමන් පටන් ගන්න කාලේ නිසා. එතකොට මාස කිහිපයක් මිනිස්සු ගිහිලා නැති නිසා වන්දනා ස්ථාන වල ,සංචාරක ස්ථාන වල පිරිසිදුකම එහෙම පහුවෙලා යනවට වඩා හොදයි.

    අපේ ගමන මෙහෙමයි.

    අපි ඉස්සෙල්ලම කටුනායක ඉදං ඉන්දියාවේ නවදිල්ලි ගුවන් තොටුපලට ගියා. මෙහෙන් ගමනට පැය තුන හමාරක් වගේ ගියා. කොහොමහරි උදේ 11 වගේ වෙනකොට නවදිල්ලිට ගියා. ඊට පස්සේ එතන ඉදං ආයේ ප්ලේන් එකේ යන්න ඕනි ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් වල වරනාසි වලට. ඒක පැය එක හමාරක වගේ ගුවන් ගමනක්. හැබැයි බස් එකේ හරි කෝච්චියේ හරි යනවා නං සැහෙන කාලයක් යනවා. කොහොම හරි අපි හවස 6 වගේ වෙනකොට වරනාසි එයාර්පෝර්ට් එකට ගියා.

    එතනින් එළියට එනකොට අපිව එක්කන් යන්න අපේ සංචාරක නියෝජිතයා කෙනෙක් එවලා. අපි එයත් එක්ක නවතින හොටෙල් එකට යද්දී හවස 7 වගේ උනා. වරනාසි එයාර්පෝර්ට් එකේ ඉදං එලියට ආවම හරි දුවිල්ල. දිගටම පාරවල්, මෙට්‍රෝ ට්‍රෙන් හදන්න කැනීම් කටයුතු කරනවා. ඒ නිසා මම මාස්ක් එක දාගත්තා. (ඒසී නැති හෝටල්, වාහන වල ගමන් බිමන් අමාරුයි ඉන්දියාවේ. දුවිල්ල වැඩියි.)

    මේ පහල තියෙන්නේ පලවෙනි දවසේ නතර උන තැන.
    IMG_20180226_205804.jpg

    කාමරයට ගිය ගමන් මහන්සි නිසා නාලා කෑම කෑව. අපිට කෑම බිම අපේ ගයිඩ් සපයනවා. අපි ලංකික කෑම තමයි ඉල්ලුවේ. එදා රෑ බත් එකට සුදු බත්, පරිප්පු,ලුණු සම්බෝලයක්, පොල් සම්බෝලයක් තිබුනා. මම මෙහෙන් යද්දී බටු බැදුම්, ලුණු දෙහි වගේ දේවල් පැකට් කරලා අරං ගියා. ඒවත් දාගෙන රෑ කෑම එක කෑවා.
    IMG_20180303_212024.jpg

    පහුවදා උදේ අපි ගියා යසකුල පුත්‍රයා හා ඔවුගේ යාහළුවන් දෙනා සසුන් ගතවු ස්ථානය හා ඔවුන්ට ධර්ම දේශනා කෙරු ස්ථානය බලන්න.

    IMG_20180227_084314.jpg
    IMG_20180227_101514.jpg

    බරණැස ඉසිපතන මිගදාය කියලා කියන්නේ. කට්ටිය අහලා ඇති. ‘මිගදාය’ කියන්නේ මුවන් සිටින අභයභුමිය කියන එක. ඒ කාලේ ඉදං පැවතගෙන ආපු මුව රංචු අදටත් මෙහි ඉන්නවා දැක ගන්න පුළුවන්.

    IMG_20180227_093038.jpg

    ඒ වගේම බුදුහාමුදුරුවන් තමුන්ගේ සිවුරු සෝදා ගැනීමට භාවිතා කල රෙදි අපුල්ලන ගලක් මෙහි තියෙනවා. ඒකත් විශේෂ දෙයක්.
    මේ ස්ථාන වල අපේ ලංකික ස්වාමින්වහන්සේලා වැඩ සිටිනවා. ලංකික වන්දනා කරුවන් ගියාම මේ ස්ථාන වල ඉතිහාසය ගැන ඉතාම හොද පැහැදිලිකිරීමක් මේ ස්වාමින්වහන්සේලා අපට සිදුකරනවා.
    IMG_20180227_091110.jpg

    උදේ වරුවේ මේ ස්ථානය බලලා, එතනම තියෙන කෞතුකාගාරයත් බලලා අපි දවල් වරුවේ අපි ගියා බෝධිසත්ව ගුණෝපේත ශ්‍රීමත් අනගාරික ධර්මපාල උත්තමයන්ගේ කෞතුකාගාරය බලන්න. අදටත් ලංකික අපිට විතරක් නෙමේ, ලෝක වාසි සියලුම බෞද්ධයන්ට ඉන්දියාවේ බුදුදහම හා සම්බන්ධ සියලුම ස්ථාන දැකබලන්නට, වන්දනා මාන කරන්නට හැකියාව ලැබිලා තියෙන්නේ ඒ උත්තමයා නිසා. එතුමන් එහෙදි වින්ද දුක් ගැහැට, මේ උරුමයන් ලබා ගන්නට කරපු කැපකිරීම් ගැන ගරු ස්වාමීන්වහන්සේල පැහැදිලි කරලා දෙනවා.
    IMG_20180227_153132.jpg

    උඩ පින්තුරේ පේන්නේ සම්මුඛ චෛත්‍යය. මේක උඩ ඉදිකිරීමක් කරලා තියෙන්නේ මෝගල් කියන අධිරාජ්‍ය සමයේ. ඒ කාලේ ඉන්දියාවේ බුදුදහම හා සම්බන්ධ බොහෝ ස්ථාන විනාශ කරලා තියෙනවා. ඒ අයම තමයි සම්මුඛ චෛත්‍යය. උඩ මේ වගේ ඒ අයගේ ආගමේ ගොඩනැගිල්ලක් හදලා තියෙන්නේ

    වරනාසි නොහොත් බරණැස කියන්නේ බුදුහාමුදුරුවෝ උන්වහන්සේ අවබෝධකරගත් ධර්මය ප්‍රථමයෙන් දේශනා කරපු ප්‍රදේශය.ධම්මචක්කපවත්තන සුත්‍රය දේශනා කරපු ස්ථානය. ඒ සම්ප්‍රදාය ආරක්ෂා කරගනිමින් අදටත් හවස 6 ට ස්වාමින්වහන්සේලා මෙතැනදී ධම්මචක්කපවත්තන සුත්‍රය දේශනා කරනවා. පහල පින්තුරයේ තියෙන්නේ ඒක.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    වෙන ගිය රටක විස්තරයක් නැද්ද ජෝනා මාමේ
    ඔය පරණ ත්‍රෙඩ් එකක්. අවුරුදු අට නමයක් පරණයි. පින්තුර එහෙ මෙහෙ වෙලා නිසා ආයේ පොස්ට් කරන්න හැදුවේ. පින්තුර වැඩි නිසා කම්මැලි දැන්
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,686
    16,416
    113
    යන්න ආසයි බයයි

    ඉස්සර ගෙවල් ලඟ එකෙක් ගිහින් අතුරුදහන් උනා
    ඩස්පයො වකුගඩු ගලවගන්නවා කියලා කතාව ගියේ
    ඒකාලේ නිව්ස් වලත් නිතර ඔහොම සිද්ධි ගියා 🥶
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    ඔය පරණ ත්‍රෙඩ් එකක්. අවුරුදු අට නමයක් පරණයි. පින්තුර එහෙ මෙහෙ වෙලා නිසා ආයේ පොස්ට් කරන්න හැදුවේ. පින්තුර වැඩි නිසා කම්මැලි දැන්
    ලඟදි ගිය රටක් නැතෙයි ?
     
    • Like
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    පට්ට. පට්ට. පරන කේ තව විස්තර තිබුන ගොඩක්
    ගිය මාසේ මඩු පල්ලියේ ගිහිං ඉන්දියාවේ වේලන්කන්නි ගියා.

    ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ මගේ පහසුවට සහ අනික් අයට දැක බලා ගැනීමට.

    මේ පරණ ත්‍රෙඩ් එකත් ආයේ පොස්ට් කරන්න ගත්තට දැන් කම්මැලි
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    මගේ සංචාරය ඉන්දීය සංචාරය. ජායාරුප සහිත විස්තරය.

    (මේක මම ගිය ගමනක්. පැරණ ත්‍රෙඩ් එකක්. අකුරු එහෙ මෙහෙ ගිහින් නිසා ආයේ දැම්ම.)

    මගේ හිතේ කාලයක් තිස්සේ ඕනෑකමක් තිබ්බා ඉන්දියාවේ සංචාරයක නිරත වෙන්න. කොහොමහරි මිට මාස කිහිපයකට කලින් (පෙබරවාරි මාසයේ) මම ඉන්දියාවේ ගිහිං ආවා. මේක දින 15 ක සංචාරයක්.

    ගමනට අපි කට්ටිය ඔක්කොම 10 දෙනක් වගේ ගියේ. ඉන්දියාවේ ඉන්න ලංකීක සංචාරක ඒජන්තයෙක් මාර්ගයෙන් තමයි එහෙ සංචාර කටයුතු කලේ. නවතින හොටෙල් නං ඉන්ටර්නෙට් එකෙන් මෙහෙ ඉදන්ම බුක් කරා. සංචාරක නියෝජිතයාත් උදව් කළා එව්වට.

    ගමනට මුළු වියදම ගියා එක් අයෙක්ට ලංකා රුපියල් ලක්ෂ දෙක හමාරක් වගේ. ලංකාවේ සිට නවදිල්ලියට යාමට සහ ඒමට ගුවන් ටිකට් පත්, නවදිල්ලියේ සිට වරනාසි (බරණැස් නුවර) වලට ගුවන් ටිකට් පත්, ඉන්දියාවේ ඉදුම් හිටුම්, කෑම බිම, කොච්චි ටිකට්, ප්‍රවාහන පහසුකම්, නේපාල විසා ගාස්තු ඇතුළු සියලු වියදම් මේකට ඇතුලත්.

    ඊට අමතරව මම ඉන්දියන් රුපියල් 50,000 ක් වගේ වෙනම අරං ගියා එහෙදී වියදම් කරන්න, පන්සල් වලට එහෙම පුජා කරන්න.
    අපි ඉන්දියාවේ ගියේ පෙබරවාරි මාසයේ කිව්වනි. ඒ කාලේ වෙනකොට ඉන්දියාවේ සීත කාලයේ අන්තිම දින කිහිපය වගේ ගත වෙන්නේ. සාමානයෙන් සෙල්සියස් 18-20 ක් වගේ තමයි තිබුනේ. අපි මේ මාසේ ගමන ගියෙත් එව්වත් බලලා.

    සාමාන්‍යයෙන් විදෙස් බෞද්ධ සංචාරකයන් දඹදිව වන්දනා කරද්දී පෙබරවාරි අන්තිම වගේ ඉදං ජුනි, ජුලි වගේ වෙනකන් තමයි යන්නේ. අනික මාස වල එහෙ යන්න බැහැ. එක්කෝ අධික සීතල, නැත්තම් අධික උණුසුම. අපි පෙබරවාරි ගියේ ඒ වෙනකොට නැවත සංචාරක ගමන් පටන් ගන්න කාලේ නිසා. එතකොට මාස කිහිපයක් මිනිස්සු ගිහිලා නැති නිසා වන්දනා ස්ථාන වල ,සංචාරක ස්ථාන වල පිරිසිදුකම එහෙම පහුවෙලා යනවට වඩා හොදයි.

    අපේ ගමන මෙහෙමයි.

    අපි ඉස්සෙල්ලම කටුනායක ඉදං ඉන්දියාවේ නවදිල්ලි ගුවන් තොටුපලට ගියා. මෙහෙන් ගමනට පැය තුන හමාරක් වගේ ගියා. කොහොමහරි උදේ 11 වගේ වෙනකොට නවදිල්ලිට ගියා. ඊට පස්සේ එතන ඉදං ආයේ ප්ලේන් එකේ යන්න ඕනි ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් වල වරනාසි වලට. ඒක පැය එක හමාරක වගේ ගුවන් ගමනක්. හැබැයි බස් එකේ හරි කෝච්චියේ හරි යනවා නං සැහෙන කාලයක් යනවා. කොහොම හරි අපි හවස 6 වගේ වෙනකොට වරනාසි එයාර්පෝර්ට් එකට ගියා.

    එතනින් එළියට එනකොට අපිව එක්කන් යන්න අපේ සංචාරක නියෝජිතයා කෙනෙක් එවලා. අපි එයත් එක්ක නවතින හොටෙල් එකට යද්දී හවස 7 වගේ උනා. වරනාසි එයාර්පෝර්ට් එකේ ඉදං එලියට ආවම හරි දුවිල්ල. දිගටම පාරවල්, මෙට්‍රෝ ට්‍රෙන් හදන්න කැනීම් කටයුතු කරනවා. ඒ නිසා මම මාස්ක් එක දාගත්තා. (ඒසී නැති හෝටල්, වාහන වල ගමන් බිමන් අමාරුයි ඉන්දියාවේ. දුවිල්ල වැඩියි.)

    මේ පහල තියෙන්නේ පලවෙනි දවසේ නතර උන තැන.
    IMG_20180226_205804.jpg

    කාමරයට ගිය ගමන් මහන්සි නිසා නාලා කෑම කෑව. අපිට කෑම බිම අපේ ගයිඩ් සපයනවා. අපි ලංකික කෑම තමයි ඉල්ලුවේ. එදා රෑ බත් එකට සුදු බත්, පරිප්පු,ලුණු සම්බෝලයක්, පොල් සම්බෝලයක් තිබුනා. මම මෙහෙන් යද්දී බටු බැදුම්, ලුණු දෙහි වගේ දේවල් පැකට් කරලා අරං ගියා. ඒවත් දාගෙන රෑ කෑම එක කෑවා.
    IMG_20180303_212024.jpg

    පහුවදා උදේ අපි ගියා යසකුල පුත්‍රයා හා ඔවුගේ යාහළුවන් දෙනා සසුන් ගතවු ස්ථානය හා ඔවුන්ට ධර්ම දේශනා කෙරු ස්ථානය බලන්න.

    IMG_20180227_084314.jpg
    IMG_20180227_101514.jpg

    බරණැස ඉසිපතන මිගදාය කියලා කියන්නේ. කට්ටිය අහලා ඇති. ‘මිගදාය’ කියන්නේ මුවන් සිටින අභයභුමිය කියන එක. ඒ කාලේ ඉදං පැවතගෙන ආපු මුව රංචු අදටත් මෙහි ඉන්නවා දැක ගන්න පුළුවන්.

    IMG_20180227_093038.jpg

    ඒ වගේම බුදුහාමුදුරුවන් තමුන්ගේ සිවුරු සෝදා ගැනීමට භාවිතා කල රෙදි අපුල්ලන ගලක් මෙහි තියෙනවා. ඒකත් විශේෂ දෙයක්.
    මේ ස්ථාන වල අපේ ලංකික ස්වාමින්වහන්සේලා වැඩ සිටිනවා. ලංකික වන්දනා කරුවන් ගියාම මේ ස්ථාන වල ඉතිහාසය ගැන ඉතාම හොද පැහැදිලිකිරීමක් මේ ස්වාමින්වහන්සේලා අපට සිදුකරනවා.
    IMG_20180227_091110.jpg

    උදේ වරුවේ මේ ස්ථානය බලලා, එතනම තියෙන කෞතුකාගාරයත් බලලා අපි දවල් වරුවේ අපි ගියා බෝධිසත්ව ගුණෝපේත ශ්‍රීමත් අනගාරික ධර්මපාල උත්තමයන්ගේ කෞතුකාගාරය බලන්න. අදටත් ලංකික අපිට විතරක් නෙමේ, ලෝක වාසි සියලුම බෞද්ධයන්ට ඉන්දියාවේ බුදුදහම හා සම්බන්ධ සියලුම ස්ථාන දැකබලන්නට, වන්දනා මාන කරන්නට හැකියාව ලැබිලා තියෙන්නේ ඒ උත්තමයා නිසා. එතුමන් එහෙදි වින්ද දුක් ගැහැට, මේ උරුමයන් ලබා ගන්නට කරපු කැපකිරීම් ගැන ගරු ස්වාමීන්වහන්සේල පැහැදිලි කරලා දෙනවා.
    IMG_20180227_153132.jpg

    උඩ පින්තුරේ පේන්නේ සම්මුඛ චෛත්‍යය. මේක උඩ ඉදිකිරීමක් කරලා තියෙන්නේ මෝගල් කියන අධිරාජ්‍ය සමයේ. ඒ කාලේ ඉන්දියාවේ බුදුදහම හා සම්බන්ධ බොහෝ ස්ථාන විනාශ කරලා තියෙනවා. ඒ අයම තමයි සම්මුඛ චෛත්‍යය. උඩ මේ වගේ ඒ අයගේ ආගමේ ගොඩනැගිල්ලක් හදලා තියෙන්නේ

    වරනාසි නොහොත් බරණැස කියන්නේ බුදුහාමුදුරුවෝ උන්වහන්සේ අවබෝධකරගත් ධර්මය ප්‍රථමයෙන් දේශනා කරපු ප්‍රදේශය.ධම්මචක්කපවත්තන සුත්‍රය දේශනා කරපු ස්ථානය. ඒ සම්ප්‍රදාය ආරක්ෂා කරගනිමින් අදටත් හවස 6 ට ස්වාමින්වහන්සේලා මෙතැනදී ධම්මචක්කපවත්තන සුත්‍රය දේශනා කරනවා. පහල පින්තුරයේ තියෙන්නේ ඒක.
    Excellent. Thank you for sharing.
    redi hodaganna wage dewal kalada? nettan dawas 15tama adum aran giyada?
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    • Like
    Reactions: Janatha Jhon