ඉන්දියාවේ භුකම්පනයක්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    data=U8lFR199FdAeCUGRZbqrgfgqzrJbBqIo-ol2WECskGuFVnMW6nCUOwCg8ahy-rjHsFXInavEAUlFbBPyMg7EjUXsJelx0WVD8l4lN7f-V3I55SajMS4dYylVM3IyTF74GzRP55VBW3XnA93gqekAo2YrJP2kupzeOLwpqtKwAEmm9LLM1kftbOkU4mt5CAyhbdPVwgZGAeVaB3joEfn_qhKEbgTYBTt1q30pDg6QyVhN



    ඉන්දියාවේ ඇසෑම් හි රික්ටර් මාපාංක 6.4ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් සිදුව ඇතැයි ඉන්දියාවේ ජාතික භූ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    භූකම්පනය උතුරු බෙංගලයාට සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ද බලපා ඇතැයි ඉන්දීය බලධාරීහු සඳහන් කළහ.

    භූකම්පානයෙන් කිසිවකුට අනතුරු සිදු වූ බවක් මෙතෙක් වාර්තා වී නැතැයි ද ඔවුහු කීහ.

    කෙසේ නමුත් භූ කම්පනය හේතුවෙන් බිත්ති සහ ජනේලවලට හානි සිදු වී ඇති අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ වී තිබුණු බව ඒවා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

    ඇසෑමයේ ඇතැම් තැන්වල නිවෙස්වල බිත්ති ඉරි තලා ගොස් ඇතැයි එම මාධ්‍ය වාර්තාවල දැක්විණි.